රයිනා හදිසියේම ඉන්දියාවට ගිය හේතුව හෙළි වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

448

සුරේෂ් රයිනාගේ පවුලේ ළඟම හිතවතෙකු (මාමා) හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබෙන නිසාවෙන් රයිනා පසුගිය දා හදිසියේම ඉන්දියාව බලා පිටත්ව ගිය බව Hindustan Times පුවත් පත වාර්තා කර තිබේ.

චෙන්නායි සුපිර් කිංග්ස් කබලෙන් ලිපට; රයිනා නැවතත් ඉන්දියාවට

වයස අවුරුදු 58ක් වන එම මියගිය පුද්ගලයා සහ එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් හට පසුගිය 20 වැනිදා සතුරු ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඉන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටි අසෝක් කුමාර් නමැති පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත. ඔහුගේ අවමංගල්‍ය සඳහා සහභාගී වීම සඳහා රයිනා නැවතත් ඉන්දියාවට පැමිණ ඇති අතර ඔහු රජයේ කොන්ත්‍රාත්කරුවෙක් ලෙස කටයුතු කර ඇත.

මේ ප්‍රහාරය ඉන්දියාවේ පන්ජාබ් ප්‍රදේශයේ තරියල් නැමති ප්‍රදේශය තුල සිදුව ඇත. එහි දී අසෝක් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් නිදා සිටින අවස්ථාවේ දී ඔවුන් හට සිව්දෙනෙකුගෙන් හෝ පස්දෙනෙකුගෙන් සමන්විත එම සතුරු කල්ලිය අමානුෂික ලෙස පහර දී පසුව ඔවුන්ගේ නිවස මංකොල්ල කා තිබෙන බව පන්ජාබ් පොලිසිය පවසා සිටියි.

පාකිස්තාන‌ ‌වාර්තාගත‌ ‌ලකුණ‌ ‌එංගලන්තය‌ ‌පහසුවෙන්‌ ‌හඹා‌ ‌යයි‌ ‌

එහි දී අසෝක් කුමාර් නමැති රයිනාගේ මාමාගේ හිසට සිදුව තිබෙන බරපතළ ප්‍රහාර නිසාවෙන් ඔහුගේ මොළය තුලට රුධිරය කාන්දු වී තිබෙන නිසා මේ මරණය සිදුව තිබෙන බව මූලික පරීක්ෂණවල දී හෙළිවී ඇත.

මේ ප්‍රහාරය නිසාවෙන් තුවාල ලබා සිටින රයිනාගේ මාමාගේ පවුලේ සාමාජිකයින් මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ රෝහලක් තුල ප්‍රතිකාර ලබමින් සිටින බවත්, මේ සඳහා ඉතාමත් ඉක්මනින් විමර්ශනයක් ආරම්භ කරන බවත් පන්ජාබ් පොලිසියේ ඉහළ පෙළේ නිලධාරියෙක් මාධ්‍ය වෙත පවසා ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<