ඩිවිලියර්ස් ආයෙත් එයි ද?

84

දකුණු අප්‍රිකානු පුහුණුකරු මාක් බවුචර්ට අනුව දකුණු අප්‍රිකාවට මෙවර විස්සයි විස්ස තරගාවලිය සඳහා සුදුසුම ක්‍රීඩකයා පසුගිය දා නිමා වූ එංගලන්තයට එරෙහි තරගාවලියේ දී දකුණු අප්‍රිකාවට ක්‍රීඩා කළේ නැත. 

එම තරගාවලිය දකුණු අප්‍රිකාව 1-2ක් ලෙස පරාජයට පත්වූ අතර ඔවුන් සිකුරාදා ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගාවලියක් සඳහා සහභාගි වීමට නියමිතය. එහි දී එංගලන්ත තරගාවලිය සඳහා සහභාගි වූ සංචිතයට වඩා වෙනස් සංචිතයක් ක්‍රීඩා කළ හැකි අතර එයට ඒබී ඩිවිලියර්ස් ද ඇතුළත් විය හැකිය.

“ඔහු මාධ්‍යයේ සහ මහජනයා අතර මාතෘකාවක් වෙලා තිබුණා. නමුත් ඔහු මාත් සමඟ ඒ පිළිබඳව කිසිම සාකච්ඡාවක් කර නැහැ. මම ඔහු සමඟ කතා කරලා තියනවා. ඔහු සමඟ සිදුවන්නේ කුමක්ද යන්න අපිට ඉතා ඉක්මනින් දැන ගන්න පුළුවන් වේවි.” යැයි බවුචර් පැවසීය.  

ලෝක ක්‍රිකට් බලවතුන්ගේ ආසියානු ආක්‍රමණයට දින නියම වෙයි

ලෝක ක්‍රිකට් පිටියේ සුප්‍රසිද්ධ ක්‍රීඩා තරු රැසක් සමඟින් ආසියානු කලාපීය………..

“මම මේ වැඩ බාරගන්න දවසේ කිව්වා වගේම අපි ලෝක කුසලානයකට යනවා නම් අපි හොඳම ක්‍රීඩකයන් රැගෙන යන්න ඕන.”

“ඒබී හොඳ රිද්මයක ඉන්නවා නම් හා ඔහු යන්න කැමැත්තෙන් ඉන්නවා නම් හා අපි ඔහුට එන්න කියන වේලාවේ ඔහුට එන්න පුළුවන් නම් මේ රැකියාව සඳහා හොඳම මිනිසා ඔහු. එවිට ඔහු අනිවාර්යයෙන්ම යා යුතුයි. ඒක තරගාවලිය ජය ගැනීමට ඔබගේ හොඳම කණ්ඩායම ලෝක කුසලානයට යැවීම සම්බන්ධ දෙයක්.”

ඩිවිලියර්ස් 2018 මැයි මාසයේ දී සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් නමුත් 2019 ඕවර 50 ලෝක කුසලානය සඳහා නැවත පැමිණීමට උත්සාහ කළේය. එය දකුණු අප්‍රිකානු ජාතික තේරීම් කමිටුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.  

ලෝක කුසලාන තරඟාවලියට පෙර එක්දින තරග දෙකකට ක්‍රීඩා කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටි නමුත් විලියර්ස් එය ප්‍රතික්ෂේප කර තිබීම මෙලෙස ලෝක කුසලානයට එක්වීමට ඔහු කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප වීමට හේතුවී තිබුණි. 

මෙවර තරගාවලියේ දී ඩිවිලියර්ස් දකුණු අප්‍රිකාව ගොඩනැගීමේ ප්‍රධාන කොටසක් වනු ඇති නමුත් ඒ සඳහා තරගාවලියට පෙර ඔහුට ක්‍රීඩා කිරීමට කොපමණ තරග ප්‍රමාණයක් අවශ්‍ය වේද යන්න පැහැදිලි නැත.

ඕස්ට්‍රේලියානු තරගාවලියෙන් පසුව දකුණු අප්‍රිකාවට මාස දෙකක විවේකයක් ඇත. ඕස්ට්‍රේලියා තරගාවලිය සඳහා විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3ක් ඇතුළත් අතර ඉන් අනතුරුව දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවේ හා බටහිර ඉන්දීය කොදෙව්හි  සංචාරයක් සඳහා එක්වීමට නියමිතය. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් පසුව ඩිවිලියර්ස් නැවත ජාතික කණ්ඩායමට පැමිණෙන බවට අනාවැකි පළවී තිබුණ නමුත් ඕස්ට්‍රේලියාව දකුණු අප්‍රිකානු සංචාරය සඳහා පූර්ණ ශක්තියෙන් යුත් කණ්ඩායමක් ඉදිරිපත් කළහොත් ඩිවිලියර්ස්ට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට පෙරම ජාතික කණ්ඩායමට එක්වීමට සිදු වනු ඇත. 

දකුණු අප්‍රිකාව අඟහරුවාදා සිය සංචිතය ප්‍රකාශයට පත්කිරීමට නියමිත අතර ඒ සඳහා, එංගලන්ත තරගාවලිය සඳහා විවේක ගන්වා තිබූ ෆෆ් ඩු ප්ලෙසිස් සහ කගිසෝ රබාඩා නැවත පැමිණෙනු ඇත.

එමඟින් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ඔවුන්ගේ කණ්ඩායම සංවිධානය කර ගැනීමට හා ස්ථීර කර ගැනීමට දකුණු අප්‍රිකාවට අවස්ථාව උදා වනු ඇත. බවුචර් මෙම කණ්ඩායමේ තවමත් හිස් තැන් ඇති බව පිළිගත්තේය.

“නිමා වූ තරගාවලිය ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දුන්නා. සමහර විට ධනාත්මක ආකාරයකින්, එකක් හෝ දෙකක. ඍණාත්මක ආකාරයකින් විය හැකිය. නමුත් අවම වශයෙන් එක් ප්‍රශ්නයකටවත් පිළිතුරු ලබා දී තියනවා. කුමන ස්ථාන පුරවා ඇත්ද යන්න පිළිබඳව අපට අදහසක් ලැබුණා.” ඔහු පැවසීය.

දික්වැල්ලට පළමු එක්දින තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින පිතිකරු ලෙස ……

බවුචර් එම ස්ථාන කුමන ස්ථාන දැයි හෙළි නොකළ ද, පසුගිය තරගාවලිය දෙස බැලීමෙන් ඇඟවෙන්නේ, ආරම්භක පිතිකරුවන් ඔවුන්ගේ ස්ථාන තහවුරු කරගෙන ඇති බවයි. මෙම තරගාවලිය සඳහා ආරම්භක පිතිකරුවන් වූ ක්වින්ටන් ඩි කොක් හා ටෙම්බා බවූමා දකුණු අප්‍රිකාව ප්‍රබල ස්ථානයකට ගෙන ගියේය. 

ටෙම්බා බවූමා තවමත් තරග 5කට පමණක් ක්‍රීඩා කර ඇති නමුත් ඔහු හා  ක්වින්ටන් ඩි කොක් දකුණු අප්‍රිකාවේ ආරම්භක සම්බන්ධතාවය 92, 48 සහ 84 ක් ලෙස සටහන් කළේය. දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභින් වීමට ඔවුන් සමත් විය. 

දකුණු අප්‍රිකාවට මෙම තරගාවලියේ මධ්‍යම මට්ටමේ අභියෝග කිහිපයක් තිබුණ ද, සමස්තයක් ලෙස පිතිකරණය ගැන ඉතා සතුටු විය හැකි බව බවුචර් පැවසීය. එයින් ඇඟවෙන්නේ අවසන් තරගය පමණක් ක්‍රීඩා කළ රාසි වැන් ඩර් ඩුසන්, ජෝන්-ජෝන් ස්මූට්ස්, ඩේවිඩ් මිලර් සහ හෙන්රිච් ක්ලැසන් ය. ක්‍රීඩකයන් ලෝක කුසලානය සඳහා එක්වීමට වඩාත් ඉඩ ඇති බවයි. 

දකුණු අප්‍රිකානු පන්දු ‍යැවීම පිළිබඳව බවුචර් එතරම් සෑහීමකට පත්වී නොමැත. අවසන් තරගයේ දී දකුණු අප්‍රිකානු පන්දු ‍යවන්නන් ලකුණු 222 ක් ආරක්ෂා කිරීමට අසමත් විය. 

“සමහර විට පන්දු යැවීම ඉතා හොඳ මට්ටමක තිබුණා. අපට කඩුලු ලබා ගැනීමේ අවස්ථාවන් විශාල ප්‍රමාණයක් ලැබුණා. නමුත් ඒකකයක. හැටියට අපි සාර්ථක වුනේ නෑ. අපි මේ සුළු වැරදි හදාගතහොත් අපි නිවැරදි දිශාවට යනවා.” බවුචර් පැවසීය. 

ඔහුට අවශ්‍ය වන්නේ පන්දු යවන්නන්ගේ කුසලතා, විශේෂයෙන් යෝකර් වැනි දක්ෂතා මත වැඩ කිරීමට ය. එහෙත් දකුණු අප්‍රිකානු තරග කාලසටහන සමඟින් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම දුෂ්කර බව ඔහු අවධාරණය කළේය. 

“අපි වැඩිපුර යෝකර් පන්දු ‍යැවීමට උත්සාහ කළා. ඒ ගැන අපි කතා කළා. නමුත් එවැනි දේ පුහුණු කිරීම දුෂ්කර වන්නේ අප එක දිගටම සංචාර වලට යොමු වන නිසා. නොනවත්වාම ක්‍රීඩා කරමින් සංචාරය කරමින් සිටින නිසා.”

“මම හිතන්නේ නැහැ දක්ෂතාවය එය තිබිය යුතු තැනක් බවත්, එය අප වැඩ කළ යුතු දෙයක් බවත්. අපගේ පන්දු යවන්නන්ට සහ අපගේ පිතිකරුවන්ට එකට වැඩ කිරීමට හැකි වන තැනක් අපි ගොඩනගාගත යුතුයි.”

අවසන් ඕවරයේ දී ලකුණු 7ක් ආරක්ෂා කළ ලුන්ගි එන්ගිඩිට බවුචර්ගේ මෙම අදහස් තරම් බලනොපාන අතර ඇන්ඩිල් පෙහ්ලක්වායෝ, ඩ්වේන් ප්‍රිටෝරියස්, බියුරන් හෙන්ඩ්‍රික්ස් සහ ඩේල් ස්ටේන් එම කරුණු පිළිබඳව අවධානය යොමු කළ යුතුය.  ඔවුන්ගේ ඊළඟ පැවරුම සඳහා යාමට නම් එම අඩුපාඩු නිවැරදි කරගත යුතුමය.

ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය වෙනුවෙන් කාලය වැය කර ඇති රබාඩා සහ සිසන්ද මාගලා ද දකුණු අප්‍රිකානු සංචිතය සඳහා සලකා බලනු ඇති අනෙක් විකල්ප වේ.

සමස්තයක් ලෙස ගත් කල, බවුචර් තක්සේරු කරන්නේ ජාතික ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහුගේ පළමු සම්පූර්ණ මාලාව “දැඩි” තරගාවලියක් වූ බවයි. නමුත් ඔහු දෙසැම්බර් මැද භාගයේ මේ අභියෝගය භාර ගන්නා විට එය කෙසේ වේ දැයි ඔහු සිතූ දෙයට වඩා වෙනස් නොවන බව ඔහු පවසා සිටියා. 

“මම දැනගෙන හිටියා ඒක අමාරුයි කියලා” බවුචර් පැවසීය. “මට මේ සියල්ල ගැන හැඟීම්බර වීමට අවශ්‍ය නෑ. ඔබ උත්සාහ කර ප්‍රායෝගික විය යුතු අතර කණ්ඩායමක් ලෙස අප සිටින්නේ කොහිදැයි සොයා බලා බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු බව වටහා ගත යුතුය.” බවුචර් තවදුරටත් පවසා සිටියේය. 

තරංගගේ උත්සාහය අපතේ යයි ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League ….

“අපගේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ගත් කල, අපි බොහෝ දුරින් සිටින්නේ. විශේෂයෙන් අපගේ පිතිකරණයේ දී අප වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුයි. එක්දින ක්‍රිකට්, අපි ඉතා තරුණ කණ්ඩායමක් වන අතරේ ගැන මට සෑහීමකට පත්විය හැකියි. අපි දැන් යම් මට්ටමකට ඇවිල්ලා ඉන්නේ. එය නැවත ගොඩනැඟීම ලෙස හැඳින්වීමට මා කැමති නෑ. නමුත් අපි අලුත් ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන්න ඕන. වගකීමක් සහිතව දීර්ඝ කාලීනව සෙල්ලම් කළ හැකි ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන එක අත්‍යවශ්‍ය දෙයක්.”

දකුණු අප්‍රිකාව සඳහා නවක ක්‍රීඩක අවස්ථා ගණනාවක් තිබිය දීත් ඔවුන් ලබා දී තිබුණේ ටෙස්ට් අවස්ථා 5ක් හා එක්දින අවස්ථා 3ක් පමණි. පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මෙම කණ්ඩායම තරගමාලාවක් ජයගෙන නොමැත. නමුත් බවුචර්ට අනුව නව වීරයන්ට වගකීම් පැවරිය යුතු කාලය එළඹ ඇත. නැතහොත් ඒබී ඩිවිලියර්ස් වැනි ප්‍රවීණයන් කණ්ඩායමට ගෙන ආ යුතුය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<