තරංගගේ උත්සාහය අපතේ යයි ද?

153

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (17) දින කොළඹ දී පැවැත්විනි. එහිදී ලංකන් ක්‍රිකට් සමාජයට එරෙහිව පැවති තරගයේ දී ටැමිල් යුනියන් ක්‍රිකට් සමාජයේ තරංග පරණවිතාන ශතකය ආසන්නයේ දැවී යමින් දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්විය. 

චන්දිමාල්, උඩවත්ත සහ චාමිකර දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A……

ටැමිල් යුනියන් සහ ලංකන් අතර තරගය 

Tier A කොටසේ B කාණ්ඩය යටතේ කොළඹ සී. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී ලංකන් ක්‍රීඩකයෝ පළමු ඉනිමට රැස්කර ගත් ලකුණු 271ට පිළිතුරු ලෙසින් දෙවැනි දිනයට තරගය නතර කරන විට ටැමිල් යුනියන් ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 250ක් රැස්කර ගෙන සිටියහ. 

එම ඉනිම වෙනුවෙන් නායක තරංග පරණවිතාන පන්දු 216කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 92ක් රැස්කර ගත්තේය. 

ලංකන් ක්‍රිකට් සමාජය : පළමු ඉනිම (පළමු දිනය නිමා වන විට පන්දුවාර 90ක දී කඩුලු 9ක් දැවී 266) සියලු දෙනා දැවී 271 (93.2) ප්‍රිමෝෂ් පෙරේරා 64, දමිත සිල්වා 26, ගීත් කුමාර 69, චානක රුවන්සිරි 43, කේශාන් විජේරත්න 25, සුරංග ලක්මාල් 4/50, ජීවන් මෙන්ඩිස් 4/91. 

ටැමිල් යුනියන් ක්‍රිකට් සමාජය : පළමු ඉනිම කඩුලු 9ක් දැවී 250 (84) යොහාන් මෙන්ඩිස් 48, තරංග පරණවිතාන 92, මනෝජ් සරත්චන්ද්‍ර 25, මධුක ලියනපතිරණගේ නොදැවී 23, සහන් නානාක්කාර 2/66, ගීත් කුමාර 3/23. 

මෙම තරගය හෙට (18) දින තෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතය. 

චානුක ඩිල්ශාන් හොඳම පන්දු යැවීම වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier B….


ශ්‍රී ලංකා පොලිසිය සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය 

Tier B කොටස යටතේ තිඹිරිගස්යාය, පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට පොලිස් ක්‍රීඩකයෝ සමත් වූහ. 

මෙම තරගයේ දෙවැනි ඉනිමේ දී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 208ක ඉලක්කයක් හඹා ගිය පොලිස් ක්‍රීඩකයෝ එය කඩුලු 7ක් පමණක් දැවී රැස්කර ගැනීමට සමත් වූහ. එහි දී ආරම්භක පිතිකරු ලක්ෂාන් රොද්‍රිගෝ පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 67ක් රැස්කර ගත්තේය. 

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 170 (45.4) හර්ෂ විතාන 50, චාමර සිල්වා 33, සමීන් කඳනාරච්චි 24, මධුශාන් රවිචන්ද්‍රකුමාර් නොදැවී 25, නිසාර් අහමඩ් 6/58, සුජාන් මයුර 2/34. සහ දෙවැනි ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 58ක දී කඩුලු 9ක් දැවී 244) සියලු දෙනා දැවී 265 (63.2) ඩිල්හාන් කුරේ 55, කසුන් ඒකනායක 27, චාමර සිල්වා 57, හර්ෂ විතාන 42, සමීන් කඳනාරච්චි 42, අසේල් සිගේරා 5/64, ලහිරු ඩියන්ත 2/34. 

පොලිස් ක්‍රීඩා සමාජය : පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 40ක දී කඩුලු 7ක් දැවී 153) සියලු දෙනා දැවී 228 (65.3) ලක්ෂාන් රොද්‍රිගෝ 41, මධුරංග සොයිසා 27, ගිටාන්ස් කෙහ්රා 20, සුපුන් මධුශංක 22, දුලාශ් උදයංග 54, ගයාන් සිරිසෝම 2/54, දිලීප ජයලත් 3/97, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 4/46. සහ දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 208 (59.3) ලක්ෂාන් රොද්‍රිගෝ 67, සුජාන් මයුර 25, මධුරංග සොයිසා 21, දුලාශ් උදයංග නොදැවී 36, ගයාන් සිරිසෝම 4/75. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<