හැංගිහොරා නත්තල් රැගෙන ගිය පාපන්දු තරුව

249

ලොව පුරා වෙසෙන සියලුම කතෝලිකයන් විසින් සමරන ප්‍රධානතම උත්සවය වන්නේ “නත්තල් දිනය” යි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිකරමින් සමරන නත්තල් දිනයේ දී “නත්තල් සීයා” විසින් ලොකු කුඩා සැමට තෑගි ලබා දීමත් සිදුවෙනවා.

මෙවර නත්තලේ දී තමන් බලාපොරොත්තු වූ පරිදි සුපුරුදු ක්‍රීඩා දිවියෙන් මිදී “නත්තල් සීයා” කෙනෙකු වී ආදර්ශමත් කටයුත්තක නියැලීමට සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන James Rodríguezට හැකි වුනා.

“මගේ ජීවිතයේ සිදු වූ හොඳම දෙය, ඇයව හමුවීමයි” – සුවාරෙස්

පාපන්දු රසිකයන්ට නම් “සුවාරෙස්” කියන නම එතරම් ආගන්තුක….

මේ සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයා නත්තල් සීයා ලෙස සැරසී කොලොම්බියාවේ පිහිටි රෝහලකට ගොස් එහි සිටින පිළිකා රෝගී ළමයින් වෙත ගොස් තෑගි ලබා දීමට කටයුතු කළා. තමා කවුරුන්ද යන වග දැන ගැනීමට නොහැකි වන පරිදි වෙස්වලා ගෙන සිටි ඔහු තෑගි ලබා දීමෙන් අනතුරුව තමා කවුද යන වග පෙන්වීමට අමතක කළේ නැහැ.

තමන්ට තෑගි ලබා දුන් නත්තල් සීයා රටේ සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන James Rodríguez බව හඳුනා ගත් කුඩා ළමයින්ගේ සතුට දෙගුණ තෙගුණ වූවා. සමහර ළමයින් හඬන්නට ද වූයේ තම සතුට දරාගත නොහැකිවයි. එක් පිළිකා රෝගී ළමයෙකුගේ මවක් ද මේ සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයාගේ පැමිණීම අදහාගත නොහැකිව ක්ලාන්ත වී බිම ඇදවැටුණා. ළමයින් සමඟ ඡායාරූප ගත් මේ සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයා එම ඡායාරූප එවෙලේම ඔවුන් වෙත ලබා දුන්නේ තම නත්තල් පණිවිඩයත් සමඟයි.

ඒ නිහතමානී මිනිසා “N’Golo Kanté” නම් විය

Badlur Rahman Jalil එදින Kings Cross හි පල්ලිය …

කොලොම්බියානු ජාතික පාපන්දු ක්‍රීඩකයෙකු වන James Rodríguez වර්තමානයේ කොලොම්බියාවේ ජාතික පාපන්දු කණ්ඩායම සහ ජර්මනියේ සුප්‍රසිද්ධ පාපන්දු සමාජයක් වන Bayern Munich කණ්ඩායම නියෝජනය කරනු ලබනවා. තවමත් 27 හැවිරිදි තරුණ ක්‍රීඩකයෙකු වන James Rodríguezගේ මෙම ක්‍රියාව පාපන්දු ක්‍රීඩකයින්ට පමණක් නොව ලෝකවාසී සියලු දෙනාටම ආදර්ශයකි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<