ද සිල්වා යුගලය ටැමිල් යූනියන් හා NCC සමාජවලට ජය ගෙනේ

697

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පළමුපෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 10ක් ඊයේ (18) අවසන් විය.

අදිශ නානායක්කාර පිට පිට දෙවෙනි වරටත් රැස්කළ ශතකය අපතේ යවමින් ධනංජය ද සිල්වා වාර්තා කළ සුපිරි ශතකය නිසා බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව කඩුලු දෙකක තියුණු ජයක් ලබා ගැනීමට ටැමිල් යූනියන් කණ්ඩයම සමත් විය.

ශකීබ්ට හා නරුල්ට එරෙහිව තරග තීරකවරයා ක්‍රියාත්මක වේ

ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන 2018 නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් …

හෂාන් දුමිඳු හා අවිශ්ක ප්‍රනාන්දුගේ ශතක නිසා කොල්ට්ස් කණ්ඩයම ලන්කන් කණ්ඩායමට එරෙහිව ලකුණු 185ක දැවැන්ත ජයක් ලැබූ අතර සැරසන්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් රුවිඳු ගුණසේකර වාර්තා කළ ශතකයෙන් වාරය අධිකාරියට එරෙහිව ලකුණු 131ක විශිෂ්ට ජයක් ලැබීමට සැරසන්ස් ක්‍රීඩා සමාජය සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පානදුර ක්‍රීඩා සමාජය ලකුණු 176කට සීමා වූ අතර කෞෂාල් සිල්වා නොදැවී වාර්තා කළ ශතකයත් සමඟින් SSC කණ්ඩායම පහසුවෙන් තරගය ජය ගැනීමට සමත් විය.  

චතුරංග ද සිල්වාගේ තුන් ඉරියව් දක්ෂතා NCC කණ්ඩායමට ලකුණු 142ක දැවැන්ත ජයක් ගෙන ඒමට සමත් වූ අතර ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව කටුනායක දී පැවති තරගයේ දී චතුරංගගේ ශතකය නිසා NCC ලකුණු 210ක් දක්වා සිය ලකුණු මට්ටම ඉහළ දමා ගැනීමට සමත් විය. පිතිකරුවන් සියල්ල අසාර්ථක වෙද්දී  මහේල උඩවත්ත ලකුණු 22ක් රැස්කර ගත්තේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වෙමිනි.

කාර්තිකගේ හයේ පහරින් නිදහස් කුසලානය ඉන්දියාවට

රටවල් තුනක සහභාගිත්වයෙන් දින 16ක් තිස්සේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති නිදහස් …

අනතුරුව පන්දුවෙන් ද දස්කම් දැක්වූ චතුරංග ද සිල්වා කඩුලු හතරක් දවාගත් අතර ගුවන් හමුදා පිතිකරුවන් සුනුවිසුනු කරමින් සචින්ත පිරිස් කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය.

BRC හා පොලිස් ක්‍රීඩා සමාජය

BRC ක්‍රීඩා සමාජය 258/9 (50) සුරාජ් රන්දිව් 53*, ලිසුල ලක්ෂාන් 53, රුමේෂ් බුද්ධික 39, ටී. එන්. සම්පත්  30, දේශාන් ඩයස් 25, මහේෂ් ප්‍රියදර්ශන 3/59

පොලිස් ක්‍රීඩා සමාජය 226 (45.3) හසිත නිර්මාල් 64, මහේෂ් ප්‍රියදර්ශන 32, මංජුල ජයවර්ධන 25, නිමේෂ් විමුක්ති 24*, ශ්‍රීමන්ත විජේරත්න 23, සුරාජ් රන්දිව් 4/38, විකුම් සංජය  2/42

බ්ලූම්ෆීල්ඩ් හා ටැමිල් යූනියන්  

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් ක්‍රීඩා සමාජය 242/8 (50) අදිශ නානායක්කාර 106, ලහිරු ජයකොඩි  43, නිසල් ෆ්‍රැන්සිස්කෝ 41, ප්‍රමෝද් මධුශාන් 3/60

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය 244/8 (47.2) ධනංජය ද සිල්වා 122, මනෝජ් සරත්චන්ද්‍ර 46, රමිත් රඹුක්වැල්ල 33, රමේෂ් මෙන්ඩිස්  4/35, අනුක් ප්‍රනාන්දු 3/37

කොල්ට්ස් හා ලන්කන්

කොළඹ කොල්ට්ස් ක්‍රිකට් සමාජය 318/7 (50) හෂාන් දුමිඳු 101, අවිශ්ක ප්‍රනාන්දු 100, ප්‍රියමාල් පෙරේරා 31, විශාද් රන්දික 28*, සධීර සමරවික්‍රම 20, රජීව වීරසිංහ 3/52, ගීත් කුමාර 2/73

ලන්කන් ක්‍රිකට් සමාජය 133 (39.5) නවීන් කවිකාර 26, රජීව වීරසිංහ 22*, යෂාන් සමරසිංහ 20, දිල්රුවන් පෙරේරා 3/11, හෂාන් දුමිඳු 2/06, නිසල තාරක 2/44

සැරසන්ස් හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය

සැරසන්ස් ක්‍රීඩා සමාජය 272/6 (50) රුවිඳු ගුණසේකර  111, අශේන් බණ්ඩාර 50, සාලිය සමන් 45*, චරිත් ජයම්පති  3/48

ශ්‍රී ලංකා වරාය අධිකාරිය 141 (36.5) රනේෂ් පෙරේරා  35, රමේෂ් නිමන්ත 34, සචිත්‍ර පෙරේරා 3/36, තානුක දාබරේ 2/03, රොෂාන් ජයතිස්ස  2/32

රාගම හා කළුතර ක්‍රීඩා සමාජය

රාගම ක්‍රීඩා සමාජය 272/5 (50) ලහිරු තිරිමාන්න 74, ලහිරු මිලන්ත 66, රොෂේන් සිල්වා  60, උදාර ජයසුන්දර 41, ශානක සම්පත් 3/54

කළුතර ක්‍රීඩා සමාජය 153 (40) පසිඳු මදුශාන් 56*, ලක්ෂාන් ජයසිංහ 24, සහන නානායක්කාර 4/45, ඉශාන් ජයරත්න 3/27, අමිල අපොන්සෝ  2/21

පානදුර හා සිංහල ක්‍රීඩා සමාජය

පානදුර ක්‍රීඩා සමාජය 176 (46.4) අරවින්ද ප්‍රේමරත්න 35, ප්‍රනීත් විජේසේන 30, අශේන් කාවින්ද 28, ජෙෆ්රි වැන්ඩර්සේ 4/37, ධම්මික ප්‍රසාද් 2/12, චරිත් අසලංක 2/21

සිංහල ක්‍රීඩා සමාජය 178/2 (33.2) කෞෂාල් සිල්වා 100*, මිනෝද් භානුක 62

මීගමුව හා නාවික හමුදාව

මීගමුව ක්‍රිකට් සමාජය 195 (49.4) ප්‍රසන්න ජයමාන්න 43, සෙහාන් වීරසිංහ 39, සඳරුවන් රොද්‍රිගෝ 38, රවින්ද්‍ර කරුණාරත්න  27, සුදාරක ධක්ෂින 5/28

නාවික හමුදා ක්‍රීඩා සමාජය 199/2 (32.5) තරුෂාන් ඉද්දමල්ගොඩ 70, සුපුන් ලීලාරත්න 52*,චෙනුත වික්‍රමසිංහ 50

බංග්ලාදේශ බලධාරීන් කනගාටුව ප්‍රකාශ කරයි

බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසන්, පසුගිය සිකුරාදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ …

කුරුණෑගල හා මුවර්ස් ක්‍රීඩා සමාජ අතර

කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය 181 (48.4) තරින්ද විජේසිංහ  50, හෂාන් ප්‍රභාත් 36, කල්හාන් සිනෙත් 33, චරිත් මෙන්ඩිස්  20, H.R.C දිල්ශාන් 5/27, තරිඳු රත්නායක 4/34

මුවර්ස් ක්‍රීඩා සමාජය 182/7 (30.2) චාමර සිල්වා 45, සුපේශල ජයතිලක 41, චරිත කුමාරසිංහ 35, තරිඳු රත්නායක  33*,කල්හාන් සිනෙත් 2/24, කේෂාන් විජේරත්න 2/74

යුධ හමුදාව හා ගාලු ක්‍රීඩා සමාජය

යුධ හමුදා ක්‍රීඩා සමාජය 185 (47.2) ලියෝ ෆ්‍රැන්සිස්කෝ 48, දිල්ශාන් ද සොයිසා 43, අජන්ත මෙන්ඩිස් 32, ජනක සම්පත් 26*,ගයාන් සිරිසෝම  4/45,හර්ෂ රාජපක්ෂ 3/15

ගාලු ක්‍රිකට් සමාජය 133 (34.1) හර්ෂ රාජපක්ෂ 42, අරුණ ධර්මසේන 20, දිල්ශාන් ද සොයිසා 5/33, ජනක සම්පත් 2/11,සික්කුගේ ප්‍රසන්න 2/47

NCC හා ගුවන් හමුදාව

NCC ක්‍රීඩා සමාජය 210 (46.1) චතුරංග ද සිල්වා 101, මහේල උඩවත්ත 22, S L ප්‍රනාන්දු 3/35, දිලිප් තාරක  3/46

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 68 (19.3) සචින්ත පිරිස්  6/36, චතුරංග ද සිල්වා  4/08

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<