රැජිනගේ යෂ්ටිය ශ්‍රී ලංකාවට

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

308
The Birmingham 2022

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සමගාමීව එයට සහභාගී වන රටවල් සියල්ලට ගෙන යන රැජිනගේ යෂ්ටිය “QUEEN’S BATON” හී ශ්‍රී ලංකාවේ අදියර අරඹමින් එය අද (03) උදෑසන ශ්‍රී ලංකාවට රැගෙන ආවා.

මාලදිවයින් අදියර නිමා කිරීමෙන් අනතුරුව අද උදෑසන 11.40ට ශ්‍රී ලංකාවට පැමිණි රැජිනගේ යෂ්ටියේ 25 වැනි නවාතැන වූයේ ශ්‍රී ලංකාවයි.

මෙම වසරේ ජූලි 28 සිට අගෝස්තු 08 දක්වා පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා රැජිනගේ පණිවිඩය රැගෙන යන මෙම රැජිනගේ යෂ්ටිය ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම මෙලෙස නිල වශයෙන් ආරම්භ වුනා.

එය ශ්‍රී ලංකාව තුළ දින තුනක් සංචාරය කිරීමට සැලසුම් කර ඇති අතර හිටපු සහ වත්මන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් එය කොළඹ සිට මහනුවර සහ හැටන් වෙත ගෙන ගොස් නැවත කොළඹට ගෙන ඒමට සැලසුම් කර තිබේ.

රැජිනගේ යෂ්ටිය ශ්‍රී ලංකාව තුළ ගෙන යන ස්ථාන,

  1. CGA Sri Lanka Headquarters, Colombo
  2. British High Commission, Colombo
  3. Victoria Dam, Kandy
  4. Ranabima Royal College, Kandy
  5. Kirkoswald Tea Factory, Hatton
  6. The Ceylon School for the deaf and blind, Ratmalana
  7. Ministry of Youth and Sports at Independence Square

මෙම රැජිනගේ යෂ්ටිය ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුරාජ්‍ය මණ්ඩලීය සංගමයේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ප්‍රකාශ කර සිටියේ රැජිනගේ යෂ්ටිය අද දින ශ්‍රී ලංකාවට පැමිණීම ඉතා සුවිශේෂී අවස්ථාවක් බවයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙහි පණිවිඩය ලොව පුරා ගෙන යන මෙම රැජිනගේ යෂ්ටිය බණ්ඩාරනායක ගුවන් තොටුපලේ සිට කොළඹ පොදුරාජ්‍ය මණ්ඩලීය සංගමය වෙත ගෙන ඒම පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභී චින්තන විතානගේ සහ දිනූෂා හංසනී විසින් සිදු කිරීමට නියමිතයි.

1985 වසරේ සිට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සමගාමීව මෙම රැජිනගේ යෂ්ටිය ලොව පුරා සංචාරය කිරීම සිදු කරන අතර මෙවර 2021 ඔක්තෝබර් 07 වැනිදා එංගලන්ත මහා රැජිනගේ පණිවිඩය ලැබීමෙන් පසු Buckingham මාලිගයෙන් ගමන් ඇරඹුවා.

මෙම 16 වැනි නිල රැජිනගේ යෂ්ටිය ලොව පුරා සංචාරය කිරීමේ දී දින 269ක් තුළ රටවල් 72ක් කිලෝමීටර් 140,000ක දුරක් ආවරණය කරමින් මෙම පණිවිඩය ගෙන යෑමට සැලසුම් කර තිබේ.

එම සංචාරයෙන් අනතුරුව රැජිනගේ යෂ්ටිය 2022 ජූලි 28 වනදා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙහි සමාරම්භක උළෙලට ගෙන ඒමෙන් අනතුරුව රැජින වෙත නැවත භාරදීම සිදු කරන අතර එහි දී මහා රැජින සිය පණිවිඩය නැවත ලබාගෙන කියවීමෙන් අනතුරුව තරගාවලිය නිල වශයෙන් ආරම්භ වනවා.

රැජිනගේ යෂ්ටිය ගෙන යන දිනයන් සහ රටවල්,

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<