ගුවන් හමුදා කණ්ඩායම සහ සොලිඩ් ක්‍රීඩා සමාජය අතර කැළණියේ දී අද (26) පැවති තරගයෙන් ගෝල 03-00ක් ලෙස ජයග්‍රහණය කරන්නට ගුවන් සෙබළුන් සමත් වූහ. සොලිඩ් සමාජය ක්‍රීඩකයින් 7 දෙනෙකු සමඟින් සෙල්ලම් කලේ ක්‍රීඩකයින් ආබාධ වලට ලක්වීම නිසාවෙනි. එම වාසිය ද සමඟින් ගුවන් හමුදාව සුපිරි 8 දෙනාගේ වටයේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් විය.

නාවිකයෝ හමුවේ නිව් යංග්ස් ප්‍රථම ජය වාර්තා කරයි‍

ඩයලොග් ශූරයින්ගේ පාපන්දු කුසලාන තරගාවලියේ 7 වැනි සහ අවසන් සතිය අදින් (25) ආරම්භ වූයේ..

ගුවන් හමුදා වෙනුවෙන් ශානක උදේෂ්, චතුරංග ප්‍රනාන්දු සහ කැලුම් පෙරේරා ගෝලයන් වාර්තා කරන්නට කිහිප වරක් උත්සහ කල ද ඒවා සාර්ථක වූයේ නැත. කෙසේ නමුත් තරගයේ මිනිත්තු 21ක් වන විට ඩිල්ෂාන් ප්‍රනාන්දු සාර්ථකව පන්දුව දැල වෙත යොමු කරමින් ලකුණු පුවරුව ආරම්භ කරන ලදි.  ඩිල්ෂාන් දෙවැනි ගෝලයත් වාර්තා කරන්නට උත්සහ කල නමුත් එය සාර්ථක කර නොවීය.

වාර්තා වූ දෙවැනි ගෝලය, ප්‍රථම ගෝලයෙන් මිනිත්තු 6කට පසුව වාර්තා වූ අතර එයට හිමිකම් කීවේ නිපුන බණ්ඩාර විසිනි. සොලිඩ් ක්‍රීඩා සමාජය මේ වන විටත් ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන් ක්‍රීඩා කරමින් සිටි අතර තරින්ද ලියනගේ ආබාධයකට ලක්වීමත් සමඟින් තරගය නවත්වන්නට තීරකවරුන් තීරණය කලේ ගෝල රකින්නා ඇරුනු විට තවත් ක්‍රීඩකයින් 5 දෙනෙකුගෙන් පමණක් ක්‍රීඩා කිරීමට සිදු වීම හේතුවෙනුයි.

ඒ සමඟින් විනිසුරු ප්‍රශාන්ත් රාජ්ක්‍රිෂ්ණ තරගයේ ජයග්‍රහණය ගුවන් හමුදාවට ප්‍රදානය කලේ අතිරේක ලකුණක් ද සමඟිනි.

අවසන් ලකුණු තත්වය: සොලිඩ් ක්‍රීඩා සමාජය 00 – 03 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: මොහොමඩ් ඉෂාන් (සොලිඩ්)

තරගයෙන් පසුව ThePapare.com සමඟින් අදහස් දැක්වූ ගුවන් හමුදා නායක නිපුන බණ්ඩාර පවසා සිටියේ,

“මෙවැනි තත්වයකට සොලිඩ් කණ්ඩායම පත්වීමට හේතුව වුනේ තරගාවලිය දීර්ඝ ලෙස ඇදෙමින් පැවැත්වීම, ඒක අවාසනාවන්ත තත්වයක්. පකිස්තාන සංචාරය අපිට හොඳ තරග සංචාරයක් වුනා. අපි තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන් කලා වගේම දෙකක් පරාජය වුනා. නමුත් ඒක අපිට ඉගෙන ගන්න තවත් හොඳ අත්දැකීමක් වුනා. මෙම තරග වාරය නිව් යංග්ස් වඩා ඉහළින් නිමා කරන්න අපේක්ෂා කරනවා.”

ගෝල වාර්තා කල ක්‍රීඩකයින්.

ගුවන් හමුදාව: ඩිල්ෂාන් ප්‍රනාන්දු 21’, නිපුන බණ්ඩාර 27’

  තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට