ශ්‍රී ලංකා කාන්තාවන්ට එරෙහිව කැන්ගරු දේශයෙන් ප්‍රබල සංචිත දෙකක්

72

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස සහ එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියක් සඳහා ඕස්ට්‍රේලියාව සිය සංචිත නම් කර ඇත.

පසුගිය සතියේ කැරීබියන් හිදී බටහිර ඉන්දීය කොදෙව් කාන්තාවන් සමඟ පැවති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා කළ 14 දෙනෙකුගෙන් සමන්විත සංචිතයම මේ සඳහා සහභාගී කරවීමට තේරීම් කමිටුව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා – බංගලි සටන වැස්සට දියවී යයි

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර කටුනායක FTZ Sports…..

ඊට පෙරාතුව පැවති එක්දින තරගාවලිය ද ඕස්ට්‍රේලියාව විසින් ජයග්‍රහණය කරනු ලැබුවේ ස්ටෙෆනි ටේලර්ගේ නායකත්වයෙන් යුත් කොදෙව් කණ්ඩායම 3-0 ලෙස පරාජය කරමිනි. ඒ සමඟින් ඔවුන් 2021 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වූයේ එංගලන්තය අභිබවා ICC කාන්තා ශූරියන්ගේ ලකුණු සටහනේ පළමු ස්ථානයට පත්වෙමිනි.

පසුගිය කැරීබියානු සංචාරයේ දී එරින් බර්න්ස් ජාත්‍යන්තර වරම් හිමිකරගත් අතර ඇයව මෙම තරගාවලියේ විස්සයි විස්ස සංචිතයට ද නම් කර ඇත. නමුත් ඇයව 13 දෙනෙකුගෙන් සමන්විත එක්දින සංචිතයෙන් කොට ඇත.‍

2020 ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් ඉදිරියට යාම සඳහා විස්සයි විස්ස සංචිතයේ ස්ථාවරත්වය පවත්වා ගැනීමට සත්කාරක ඕස්ට්‍රේලියාව තම අවධානය යොමු කර ඇත.

“විස්සයි විස්ස ලෝක කුසලානයට තවත් තියෙන්නේ මාස පහක් පමණක් නිසා මේ වෙලාවේ විස්සයි විස්ස සංචිතයේ යම් ස්ථාවරත්වයක් තිබීම අතිශයින්ම වැදගත් දෙයක්, අපිට එම ස්ථාවරත්වය තිබෙනවා කියලා හැඟෙනවා, ඒක ඇත්තටම හොඳ දෙයක්” ලෙස ෆ්ලෙජ්ලර් මහතා පැවසීය.

එංගලන්ත සුපිරි තරුවකට ටෙස්ට් පිටියෙන් තාවකාලික නිවාඩුවක්

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලී ටෙස්ට් තරගවලින් තාවකාලිකව සමුගැනීමට තීරණය කර…

“ශ්‍රී ලංකාව කියන්නේ ඉදිරියට එන කණ්ඩායමක්, අපි ඔවුන්ට තරග රටා දෙක ඔස්සේම හොඳ අභියෝගයක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මෙම තරගාවලිය ඉදිරි ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීම සඳහා අප කණ්ඩායමට හොඳ අවස්ථාවක්”  බව ද ෆ්ලෙජ්ලර් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලිය සැප්තැම්බර් 29, 30 සහ ඔක්තෝබර් 2 යන දිනවල සිඩ්නි හිදී පැවැත්වීමට නියමිත අතර එක්දින තරග ඔක්තෝබර් 5, 7 සහ 9 දිනවල බ්‍රිස්බේන් හිදී පැවැත්වීම නියමිතයි.

පන්දුවාර විස්ස සංචිතය – මෙග් ලෙනින් (නායිකා), රෂෙල් හේන්ස් (උප නායිකා), ඈෂ්ලේ ගාඩ්නර්, හීතර් ග්‍රැහැම්, ඇලීසා හීලී (කඩුලු රකින්නිය), ජෙස් ජොනසන්, ඩෙලීසා කිම්මින්ස්, බෙත් මූනි, එලයිස් පෙරී, මේගන් ෂුට්, ටයිලා ව්ලැමින්ක්, ජෝර්ජියා වැරෙහම්

එක්දින සංචිතය – මෙග් ලෙනින් (නායිකා), රෂෙල් හේන්ස් (උප නායිකා), නිකොලා කෙරී, ඈෂ්ලේ ගාඩ්නර්, හීතර් ග්‍රැහැම්, ඇලීසා හීලී (කඩුලු රකින්නිය), ජෙස් ජොනසන්, ඩෙලීසා කිම්මින්ස්, බෙත් මූනි, එලයිස් පෙරී, මේගන් ෂුට්, ටයිලා ව්ලැමින්ක්, ජෝර්ජියා වැරෙහම්

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<