නායකත්වය අහිමි වීම ගැන හිටපු නායකයා කනස්සල්ලෙන්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

180

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Sunrises Hyderabad කණ්ඩායමේ නායකත්වයෙන් David Warner ඉවත් කිරීම බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණා. පිතිකරණයෙන් කණ්ඩායමට ඉහළ දායකත්වයක් දැක්වූ ඔහු මෙලෙස නායකත්වයෙන් ඉවත් කළේ පසුගිය තරගයට පෙරයි.

David Warner තමන් නායකත්වයෙන් ඉවත් කිරීමට ගත් තීරණය පිළිබඳව දැඩි ලෙස පුදුමයට සහ කනස්සල්ලට පත්වූ බව එම කණ්ඩායමේ අධ්‍යක්ෂ Tom Moody පවසා සිටියා. ඒ ESPNcricinfo වෙබ් අඩවිය සමඟින් එක්වූ සාකච්ඡාවක දීයි.

තවදුරටත් අදහස් දක්වමින් Tom Moody පවසා සිටියේ Warnerගේ නායකත්වයෙන් Sunrises Hyderabad ක්‍රීඩා කළ තරග 6න් 5ක්ම පරාජය වීමෙන් අනතුරුව කණ්ඩායමට ඇතුළත් කළ හැකි විදෙස් ක්‍රීඩකයන් සිව්දෙනා පිළිබඳව තම කණ්ඩායම ගැඹුරින් විශ්ලේෂණය කළ බවයි. එහි දී ඔවුන් Kane Williamson හට නායකත්වය ලබා දීමටත්, David Warner වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු කණ්ඩායමට ඇතුළත් කර ගැනීමටත් තීරණය කර තිබුණා.

“අපි මුලින්ම බැලුවා අපිට යොදාගන්න පුළුවන් විදෙස් ක්‍රීඩකයන් කවුද කියලා. ඊට පස්සේ තමයි අපි තීරණය කළේ Warner වෙනුවට වෙනත් ක්‍රීඩකයෙක් ඇතුළත් කරන්න. මේක කිසිම ප්‍රශ්නයක් නිසා ගත්ත තීරණයක් නෙමෙයි. අපි මේ තීරණය ගත්තේ ක්‍රීඩක සංයුතිය ගැන හිතලා. අපි ඒකෙ දී තීරණයකට ආවා විදෙස් ක්‍රීඩක ස්ථාන 4 පිතිකරුවන් දෙදෙනෙක්, තුන් ඉරියව් ක්‍රීඩකයෙක්ගෙන් සහ පන්දු යවන්නෙක්ගෙන් පුරවන්න. පන්දු යවන්නා Rashid Khan වෙන්න ඕනේ. මේ ගැන ගැඹුරින් අධ්‍යනය කළාම අපිට තේරුණා ඒක තමයි හොඳම සංයෝජනය කියලා” Rajasthan Royals තරගයට පෙර Star Sports සමඟින් පැවති සාකච්ඡාවක දී Moody පවසා සිටියා.

“Jonny Bairstow සහ Kane Williamson ඔවුන්ගේ උපරිම රිද්මයේ ඉන්නේ. කණ්ඩායමක් විදිහට අපි ගොඩක් සතුටු වෙනවා ඔවුන්ගේ රිද්මය ගැන. මේ නිසා අපිට ටිකක් අමාරු තීරණයක් ගන්න සිදු වුනා. එක් ක්‍රීඩකයෙක්ට ස්ථානය අහිමි වෙනවා. අවාසනාවන්ත ලෙස ඉවත් වෙන්න වුනේ David Warnerට. මේ තීරණයෙන් ඔහු පුදුමයට සහ කනස්සල්ලට ලක්වුනා. ඔහුට එහෙම දැනුණ එක සාධාරණයි.” 

“ඔහු අපේ කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙක්. ඒ වගේ ක්‍රීඩකයන්ට ඕනේ වෙන්නේ උපරිමයෙන් ක්‍රීඩා කරන්න. ඔවුන් කෙතරම් සුවිශේෂී ද කියලා පෙන්වන්න. ඒත් අපි දැන් කණ්ඩායම පැත්තෙන් හිතන්න ඕනේ. කණ්ඩායමට මේ වෙලාවේ අවශ්‍ය දේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. මම හිතන්නේ අපි කරුණු පැහැදිලි කළාට පස්සේ Warner ඒක ඉතාමත් හොඳින් තේරුම්ගත්තා. ඊට පස්සේ ඔහු කණ්ඩායමට ඔහුගේ සියලු සහයෝගය ලබා දුන්නා. විශේෂයෙන් කණ්ඩායමත් ඔහුත් එක්ක හිටියා.”

තවත් ක්‍රිකට් පුවත්:

මෙවර තරගාවලියේ මුල් තරග 6 තුල දී David Warner ලකුණු 193ක් වාර්තා කළා. එයට අර්ධ ශතක දෙකක් ද ඇතුළත්. ඔහුගේ ලකුණු සාමාන්‍ය 32.16ක් වුවත් පන්දුවට පහර දීමේ වේගය සටහන් වුනේ 110.28ක් ලෙසින්. එය ඔහුගේ පිතිකරණ රටාව හා සැසඳූ විට තරමක පහළ අගයක්.

Sunrises Hyderabad මේ දක්වා තරග 7කට සහභාගී වී ඇති අතර ඉන් ජයග්‍රහණය කර ඇත්තේ එක් තරගයක් පමණයි. ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවනවා.

Sunrises Hyderabad කණ්ඩායමේ පුහුණුකරු Trevor Bayliss ද Warnerගේ ඉවත් කිරීම පිළිබඳව අදහස් දක්වා සිටියා. ඔහු පවසා සිටියේ කණ්ඩායමට මේ මොහොතේ අවශ්‍ය වන්නේ වඩාත් අත්දැකීම් සහිත විදෙස් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු බවයි. එම වගකීම Mohammed Nabi හෝ Jason Holder හට හිමි වනු ඇති බවත් ඔහු පවසා සිටියා. 

මෙහි දී මාධ්‍යවේදීන් David Warner නැවත කණ්ඩායමට එක්වේවි දැයි Trevor Baylissගෙන් විමසා සිටියා. එහි දී ඔහු පවසා සිටියේ නව සංයුතිය Sunrises Hyderabad ජයග්‍රාහී මාවතට ගෙන ඒමට සමත්වුවහොත් Warnerගේ නැවත පැමිණීම අවිනිශ්චිත බවයි.

“මේක ලොකු තීරණයක් වුනා. Warner කියන්නේ අපේ ප්‍රධාන ක්‍රීඩකයෙක්. ඔහු 12 වැනි ක්‍රීඩකයාගේ වගකීම් ඉටු කරනවා. අපි දැන් මේ කණ්ඩායම එක්ක තරග කීපයක් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙ දී අපිට පුළුවන් වේවි නවක ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබා දෙන්න. ඉදිරි තරග කීපය ජයග්‍රහණය කරන එක තමයි අපේ මූලික බලාපොරොත්තුව. ” 

Sunrises Hyderabad සහභාගී වන මීළඟ තරගය එළඹෙන 04 වැනිදා Mumbai Indians සමඟින් පැවැත්වීමට නියමිතයි.

ESPNcricinfo වෙබ් අඩවිය ඇසුරිනි 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<