ඩේන් පැටර්සන් එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට එක්වන සූදානමක්

75

දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමට මෑතක දී එක්ව ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කළ වේගපන්දු යවන්නෙකු වන ඩේන් පැටර්සන්, එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා ගනුදෙනුවක් සාකච්ඡා කරමින් සිටින බව ඔහුගේ පුහුණුකරු ඈශ්වෙල් ප්‍රින්ස් පවසයි. 

“අපේ ක්‍රිකට් වඩාත් ශක්තිමත්ව නැවත පැමිණේවි”

ලොව පුරා පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19 වසංගතය නිසා මෙරට මෙන්ම ලොව පුරා ක්‍රිකට් හා අනෙකුත්…………………

මේ වන විට 31 හැවිරිදි පැටර්සන් එක්වන කණ්ඩායම තවමත් නම් කර නැති අතර ඔහු එම ගනුදෙනුව අවසන් කිරීමේ අවසන් අදියරේ සිටින බව හිටපු ටෙස්ට් පිතිකරු ප්‍රින්ස් පැවසීය. 

පසුගිය සඳුදා පැවති මාධ්‍ය හමුවක දී 2020/21 තරගවාරය සඳහා ‘කේප් කෝබ්රාස්’ කණ්ඩායම තම කණ්ඩායම වෙනුවෙන් එක්වූ ක්‍රීඩකයන්ගේ නම් ලැයිස්තුවක් නිවේදනය කළේය. එම ලැයිස්තුවේ පැටර්සන්ගේ නම සඳහන් නොවීමට හේතුව ද ප්‍රින්ස් පැහැදිලි කළේය. 

පැටර්සන් ජනවාරි මාසයේ එංගලන්තයට එරෙහිව තෙවැනි හා සිව්වන ටෙස්ට් තරග සඳහා ක්‍රීඩා කළ අතර එහිදී ඔහු කඩුලු 4ක් දවා ගනිමින් 41.50ක සාමාන්‍යයක් වාර්තා කළේය. එංගලන්තය එම තරග දෙකම ජය ගැනීමට සමත් විය. 

පැටර්සන් මීට පෙර දකුණු අප්‍රිකාව වෙනුවෙන් එක්දින තරග 4කට සහ විස්සයි විස්ස තරග 8කට ක්‍රීඩා කර ඇතත් එංගලන්ත ටෙස්ට් තරගයෙන් පසුව එංගලන්තයට හා ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරග සඳහා ඔහු තෝරාගෙන තිබුනේ නැත. එයට හේතුව පැටර්සන්ගේ තීරණයක් බව ප්‍රින්ස් පැවසීය. 

මේ වන විට යුරෝපීය සංගමය සමඟ වෙළෙඳ ගනුදෙනු ඇති රටවල ක්‍රීඩකයින්ට විදේශීය ක්‍රීඩකයන් ලෙස වර්ගීකරණය නොකර යුරෝපා සංගමයේ ක්‍රීඩා කිරීමට ඉඩ සලසන කොල්පැක් තීන්දුවක් බලපැවැත්වෙන අතර පැටර්සන් එංගලන්ත දේශීය තරගාවලිය සඳහා වන ගනුදෙනුව අවසන් කළහොත් ඔහු එම ප්‍රතිලාභය ලැබූ දකුණු අප්‍රිකානුවන් දුසිම් ගණනක් අතරින් අන්තිමයා විය හැකිය. 

එංගලන්ත ක්‍රීඩකයින්ගේ පවුම් මිලියන භාගයක්!

කොරෝනා වයිරසය ලොව පුරා පැතිර යාමේ ප්‍රතිඵලයක් ලෙස එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඇති වී තිබෙන………………..

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමත් සමඟ එංගලන්තයේ කොල්පැක් ගනුදෙනුව 2020 වසර අවසානයේ කල් ඉකුත්වීමට නියමිතය. එංගලන්තයේ දේශීය තරගාවලිය COVID-19 වසංගත තත්ත්වය නිසා මේ වන විට කල් දමා ඇත. 

මෙම ගනුදෙනුව පිළිබඳව අදහස් දක්වමින් කේප් කෝබ්රාස් ප්‍රකාශකයෙකු පැවසුවේ පැටර්සන්ගේ ගනුදෙනුව එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ අනුමැතියට යටත් වන බවයි. ඒ අනුව පැටර්සන්ට එම ක්‍රිකට් ආයතනයේ අනුමැතිය නොලැබුනහොත් ඔහු විදේශීය ක්‍රීඩකයෙකු ලෙස තරගාවලිය සඳහා එක්වීමට අත්සන් කරනු ඇත. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<