ලෝක ශූරතා ගෘහස්ථ මලල ක්‍රීඩා උළෙලට දින නියම වේ

89

මාරාන්තික කොරෝනා වයිරසය නිසාවෙන් බොහෝ ක්‍රීඩා තරගාවලීන් අවලංගු වෙමින් පවතී. එලෙස මෙම වයිරසය නිසා අවලංගු වූ ලෝක ශූරතා ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය නැවත පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත් කර ඇත.

ඔලිම්පික් ගැන අවසන් තීරණයක් ගන්නට දින සූදානම්

ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා …..

මෙම වසරේ මාර්තු මස 13 වැනිදා සිට 15 වැනිදා දක්වා චීනයේ නැන්ජින්ග් නුවර දී පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලිය අවලංගු කිරීමට සංවිධායකයින් පෙර තීරණය කළේ ඒ දිනවල චීනය තුළ හිස ඔසවමින් තිබූ මෙම වයිරසය නිසාවෙනි.

මෙම වසරේ තරගාවලිය එලෙස අවලංගු කිරීමෙන් පසුව නැවත තරගාවලිය ලබන (2021) වසරේ මාර්තු මස 13 වැනිදා සිට 15 වැනිදා දක්වා චීනයේ නැන්ජින්ග් නුවර යෞවන ඔලිම්පික් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට සංවිධායකයින් තීරණය කොට තිබේ.

2018 ලෝක ශූරතා ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ දී – Source:Getty image

ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් දින දෙකක් මුළුල්ලේ පැවති සාකච්ඡාවලින් පසුව මෙම දිනයන් හී තරගාවලිය පැවැත්වීමට ගත් තීරණය අනුමත කර ඇත. මෙම වයිරස තත්වය නිසාවෙන් ඔලිම්පික් තරගාවලිය ද කල් යාමේ අවදානමකට ලක්ව ඇති අතර බොහෝ තරගාවලීන්ද අවලංගු කර හෝ කල් දමා ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<