යොවුන් ලෝක කුසලානය අලුත් කණ්ඩායමක්

159
Courtesy - ICC

නයිජීරියානු යොවුන් ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියකට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබේ.

ඒ අන්තර්ජාතික ක්‍රිකට් කවන්සිලය සංවිධාන කළ 2020 වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අප්‍රිකානු කාණ්ඩයේ සුදුසුකම් ලැබීමේ වටය ජය ගැනීමත් සමඟයි.

මාලිංග වෙනුවට මුම්බායි කණ්ඩායමට එක්කරගත හැකි ක්‍රීඩකයා කවුද?

තෙවරක් ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකරගෙන සිටින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ආරම්භ…

එම තරගාවලියේ අවසන් තරගයේ දී සියාරා ලියෝන් කණ්ඩායම කඩුලු දෙකකින් පරාජයට පත්කරමින් ඔවුන් එළඹෙන 2020 යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගන්නා ලදි.

එම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සියාරා ලියෝන් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 138ක් රැස් කරන ලදි. අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 139ක ඉලක්කයක් හඹා ගිය නයිජීරියා කණ්ඩායම එම ඉලක්කය කඩුලු දෙකක් පමණක් දැවී සපුරා ගැනීම විශේෂත්වයකි.

එළඹෙන 2020 යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා අප්‍රිකානු සුදුස්සන් තේරීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කළ මෙම තරගාවලියේ දී කණ්ඩායම් 6ක් එකිනෙකා සමඟ තරග කරන ලදි. නයිජීරියාව, නැමීබියාව, උගන්ඩාව, සියාරා ලියෝන්, කෙන්යාව හා ටැන්සානියාව එම කණ්ඩායම්ය.

තරගාවලියේ දී එක් කණ්ඩායමක් තරග 5කට ක්‍රීඩා කළ අතර තරග 5 අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායමට 2020 යොවුන් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි විය.

ෆින්ච්ගේ නායකත්ව ඉනිම ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙයි

ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච්ගේ සුපිරි නායකත්ව ඉනිම සහ ෂෝන් මාර්ස්ගේ ආක්‍රමණශීලී නොදැවුණු ඉනිම හේතුවෙන් සත්කාරක පාකිස්තාන කණ්ඩායම පරදා…

නයිජීරියා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකර ගත්තේ සහභාගී වූ තරග 5ම ජය ගනිමින් වීම විශේෂත්වයකි. ඔවුන් ප්‍රසාද ලකුණු 10ක් හිමිකර ගැනීමට සමත් විය.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය, සහභාගී වූ තරග 5න් 4ක් ජය ගත් නැමීබියාවට හිමි වූ අතර තුන්වැනි ස්ථානය හිමි වූයේ සහභාගී වූ තරග 5න් 3ක් ජය ගත් උගන්ඩාවටයි. සියාරා ලියොන් කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය හිමි වූ අතර කෙන්යාවට ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානය හිමි විය. අවසන් ස්ථානය හිමි වූයේ සහභාගී වූ තරග 5ම පරාජයට පත්වූ ටැන්සානියාවටයි.

එළඹෙන 2020 යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ජනවාරි මස සිට පෙබරවාරි මස දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙවර එහි සත්කාරකත්වය හිමිව ඇත්තේ දකුණු අප්‍රිකාවටයි. තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම් ගණන 16කි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ පූර්ණ සාමාජිකත්වය හිමිව තිබෙන ඇෆ්ගනිස්තානය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් හා සිම්බාබ්වේ කණ්ඩායම් සෘජුව තරගාවලියට සුදුසුකම් ලබා ගෙන ඇත.

අනෙක් කණ්ඩායම් 5 තේරීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් කලාපීය මට්ටමින් තරගාවලි සංවිධාන කර තිබේ. අප්‍රිකානු කලාපයෙන් නයිජීරියාව සුදුසුකම් ලබා ගත් ලෙසම ආසියානු, ඇමරිකානු, යුරෝපා වැනි කලාප තුලින් අනෙක් කණ්ඩායම් තෝරා ගැනීමට නියමිතයි.

පසුගිය වසරේ දී අප්‍රිකානු කලාපයෙන් යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේ කෙන්යා කණ්ඩායමයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<