ICCයෙන් ගෙදර ඉන්න ක්‍රිකට් රසිකයින්ට තෑග්ගක්

82

COVID-19 වසංගතය වැළැක්වීම උදෙසා ඔබත් ගෙදරට වී බලධාරීන්ට සහය දෙනවා ද? එහෙනම් මෙන්න ඔබට සුභ ආරංචියක්. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ගෙවුනු වසර 45 හේ හොඳම ක්‍රිකට් තරග වල වීඩියෝ දර්ශන සියල්ල ප්‍රේක්ෂකයින්ට විවෘත කර තිබෙනවා. ඒ අනුව ඒ දර්ශන සියල්ල ICC විකාශන සහයකයින් වෙත ලබා දෙනු ඇත. 

ICC ලෝක මට්ටමේ තරග රැසකටත් රතු එළි

මේ දිනවල ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද වේගයෙන් පැතිරෙමින් යමින් පවතින නව කොරෝනා …

පැතිර යන නව කොරෝනා වෛරස තත්වය නිසා සජීව ක්‍රීඩා තරග අතරමග නතර කර දැමීමට සිදුවුනා. ඒ නිසාම 1975 වසරේ සිට පැවැත්වුනු ICC තරගාවලි, ICC පිරිමි හා කාන්තා ලෝක කුසලාන තරගාවලි, විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි, ශූරයින්ගේ කුසලාන තරගාවලි හා වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලි මෙසේ ප්‍රේක්ෂකයින්ට විවෘත කරන්න ඔවුන් තීරණය කර තිබෙනවා. 

මීට අමතරව ප්‍රේක්ෂකයින්ට ICC ෆේස්බුක් පිටුවෙන්ද පැරණි තරග නැරඹිය හැකි අතර ක්‍රිකට් ඉතිහාසයේ ඉතා වැදගත් තරග එහි සම්පූර්ණයෙන් සජීවීව විකාශය කෙරෙනු ඇත. ක්‍රිකට් තරග වල වැදගත් අවස්ථා හා තරගාවලි පසුවිපරම් ICC සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය වනු ඇති අතර ICC වෙබ් අඩවියෙන් හා දුරකථන යෙදවුමෙන් ප්‍රේක්ෂකයින්ට මීළඟට නැරඹීමට අවශ්‍ය තරගය පිළිබඳ සිය මනාපය ද පළ කරන්නට හැකියි. 

ICC ප්‍රධාන විධායක මනු ශව්නි මහතා මෙසේ පවසා සිටියා. ක්‍රීඩා ක්ෂේත්‍රයට, පෙර නොසිතූ විරූ ලෙස බාධා පැමිණි කාලයක් මේක. වෙනදාටත් වඩා ප්‍රේක්ෂකයින් සමඟ සම්බන්ධ වෙන්න අපිට උවමනයි. ලොව වටා අපේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් එකමුතු කරන්නට සජීව තරගත් නැති නිසා අපි හිතුවා අපි ළඟ තිබෙන තරග වල වීඩියෝ දර්ශන විකාශන ආයතන වෙත නිදහස් කරන්න. ඒ නිසා ප්‍රේක්ෂකයින්ට ඉතා මිහිරි මතක කිහිපයක් නැවත රසවිඳින්නට ඉඩ ලැබේවි.” 

“අවලංගු වුනු තරග වල සජීව දර්ශන වෙනුවට විකාශන ආයතන වලට මේ පැරණි තරග විකාශය කරන්නට හැකි වෙයි කියලා තවදුරටත් අපි විශ්වාස කරනවා.”

“ICCයේ සමාජ මාධ්‍ය වලටත් ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට සම්බන්ධ වෙන්නට පුළුවන්. පසුගිය දශක හතරේ කුමන තරග ඔවුන්ට නැරඹීමට අවශ්‍යයි ද කියා ICC ෆේස්බුක් පිටුවෙන් ඔවුන්ට මනාපය පළ කරන්නට පුළුවන්.” 

මර බිය මැද්දේ රූට්ගේ කැපවීම

පුහුණුවීම් කරන්නට පුහුණු දැල් කිසිවක් යොදාගත හැකි නොවුනත්, යලිත් කවදා ක්‍රිකට් ක්‍රීඩා …

විකාශකයින්ට නිකුත් කර ඇති තරග අතර ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර පැරණි ICC තරගාවලි තරග, ඉන්දියාව හා පාකිස්තානය අතර තරග මෙන්ම ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර අළු බඳුන තරග ද වෙනවා. 

1975, 1979 හා 1983 වසර වල ක්‍රිකට් ලෝක කුසලාන වල තරග ද සම්පූර්ණයෙන් හෝ විශේෂ අවස්ථා ලෙස එළඹෙන සති කිහිපයේ දී විකාශය කෙරෙනු ඇත. ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට 2004, 2006, 2009 හා 2013 වසර වල ශූරයින්ගේ කුසලාන තරගාවලියේ විශේෂ අවස්ථා මෙන්ම 2007 වසරේ සිට 2014 වසර දක්වා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි පහක් ද විවෘත වනු ඇත. 2009 හා 2013 වසර වල කාන්තා ලෝක කුසලාන තරගාවලිය මෙන්ම කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිවල විශේෂ තරගත් ඉදිරියේ දී විකාශය වීමට නියමිතයි. 

2019 වසරේ ICC ක්‍රිකට් ලෝක කුසලානයේ තිරයෙන් පිටුපස විස්තර ඇතුළත් වැඩසටහන මෙන්ම, ලෝක කුසලාන තරග වල විශේෂ අවස්ථා ද ප්‍රේක්ෂකයින්ට නැරඹීමට හැකියාව ලැබෙනු ඇත. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<