ශ්‍රී ලංකා ඔලිම්පික් බලාපොරොත්තු සුන්!

75

2020 ඔලිම්පික් සඳහා වන සුදුස්සන් තේරීමේ තරග වෙනුවෙන් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ඊයේ (23) සහ අද (24) දකුණු කොරියාවේ ඉන්චියොන් නුවර පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා සහභාගී වූ අතර එහි දී ශ්‍රී ලංකාවට පලඟ ශූරතාවයෙන් තරගාවලිය අවසන් කළේය.

ලංකාවට එන විජාතික බලවේග

පසුගිය වසරේ දක්ෂතාවලට අනුව අවසන් ස්ථාන දිනා ගත් ක්‍රීඩා සමාජ 4ට එළඹෙන 2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි………..

2016 සිට යළි ඔලිම්පික් ක්‍රීඩා උලෙළට හඳුන්වා දුන් සත් සාමාජික රග්බි ක්‍රීඩාව සඳහා මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ සත්කාරකත්වය දරන රට ජපානය වන බැවින් ආසියාවෙන් කණ්ඩායමක් දෙකකට දොරටු විය. 

නමුත් අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ දී පලඟ ශූරතාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සිදු වුයේ අද (24) පැවති කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේ දී පිලිපීනයට එරෙහිව ලකුණු 17-24ක් වශයෙන් පරාජය වීම හේතුවෙනි.

නමුත් තරගාවලියේ පළමු දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගයේ දී ම ඇෆ්ගනිස්ථානය ලකුණු 26-05ක් වශයෙන් පහසුවෙන් පරාජය කළේ තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් විය.

නව නියමුවෙක් සමඟ ගුවන් හමුදාව ඉගිළෙන්නට සූදානම්!

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ආරම්භ වීම සඳහා තවත් ඇත්තේ සති කිහිපයක් පමණි. පසුගිය වසරේ………..

දකුණු කොරියාවට එරෙහිව පැවති ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවැනි තරගයේ දී කිසිදු අවස්ථාවක් ලබා නොදුන් ප්‍රතිවාදීන් ශ්‍රී ලංකාවට පහර පිට පහර එල්ල කරමින් ලකුණු 44-07ක් වශයෙන් පහසු ජයක් අත්කර ගැනීමට සමත් විය.

නමුත් අද ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගය කුසලාන කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව තරගය වූ අතර එහි දී පිලිපීනයට එරෙහිව ලකුණු 17-24ක් වශයෙන් පරාජයට පත්වීමත් සමඟම ශ්‍රී ලංකාවේ ඔලිම්පික් බලාපොරොත්තු බිඳ වැටුණි.

පසුව පලඟ ශූරතාවයේ පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව ක්‍රීඩා කළේ ඇෆ්ගනිස්ථානයට එරෙහිවයි. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 40-00ක් වශයෙන් පහසුවෙන් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට පලඟ කාණ්ඩයේ අවසන් මහා තරගය ක්‍රීඩා කළේ ප්‍රබල මැලේසියානු කණ්ඩායමට එරෙහිවයි. එම තරගයේ දී ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දුන් චතුර සෙනෙවිරත්න පළමු උත්සාහක දිනුම් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගනිමින් ශ්‍රී ලංකාවේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 7ක් දක්වා ඉහළ නැංවීමට කෙවින් ඩික්සන් සමත් විය.

අත්දැකීම් බහුල CR & FC කණ්ඩායම ආධිපත්‍ය පතුරවන්නට සූදානමින්!

ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ නායක ඔමල්ක ගුණරත්නගේ නායකත්වය යටතේ CR & FC කණ්ඩායම………….

අවසන් තරගයේ දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි තුනක් ගත වීමෙන් අනතුරුව ක්‍රියාත්මක වු බුද්ධිම පියරත්න වේගවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ මැලේසියානු Sweeper ක්‍රීඩකයා අන්ද මන්ද කරමිනි. එහි ප්‍රවර්තන ද සාර්ථක කර ගැනීමට කෙවින් ඩික්සන්ට හැකි විය. 

අවසන් විනාඩි කිහිපය වන විට මැලේසියානු කණ්ඩායම තරගයට අවතීර්ණ වන බවක් පෙන්වමින් ඔවුන්ගේ පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් විය. එසේම ශ්‍රී ලංකාව පීඩනයට ලක් කරමින් මැලේසියාව නැවතත් ඔවුන්ගේ දෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සැරසෙන ආකාරයක් දක්නට ලැබුණු නමුත් සිදුවූ අත්වැරදීමකින් මනා ප්‍රයෝජන ගත් ශ්‍රී ලංකාව තරගය අවසන් කිරීම සඳහා පන්දුව ක්‍රීඩා පිටියෙන් ඉවත් කළේය. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<