2022 යොවුන් ලෝක කුසලානයේ වටිනාම කණ්ඩායම නම් කරයි

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

6154
Getty Images

ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම නිමා වුනු ICC වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායම ICCය විසින් අද (06) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කළා.

යොවුන් ලෝක ශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක Yash Dhullගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට ඉන්දියාව, එංගලන්තය, ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල් 8ක ක්‍රීඩකයින් 12 දෙනෙකු ඇතුළත්.

ලෝක ශූර ඉන්දීය යොවුන් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු මේ වටිනාම කණ්ඩායමට ඇතුළත් අතර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ ද එම ක්‍රීඩකයින් 12 දෙනා අතර සිටිනවා.

දුනිත් මෙවර තරගාවලිය තුළ දී නායකයෙකු ලෙස සහ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස කැපී පෙනෙන දස්කම් දැක්වූ අතර ඔහු මෙවර යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී වැඩිම කඩුලු ලාභියා (කඩුලු 17) බවට ද පත් වුනා. ඊට අමතරව පිතිකරුවෙකු ලෙස ඉනිම 6ක දී ලකුණු 264ක් රැස් කරගෙන තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර 7 වැනි ස්ථානය දිනාගත්තා.

අවසන් මහා තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ ඉන්දියාවේ Raj Bawa සහ ශතක දෙකක්, අර්ධ ශතක 3ක් සමඟ මෙවර 19න් පහළ ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලබාගෙන (ලකුණු 506) තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ දකුණු අප්‍රිකාවේ Dewald Brevis ද මෙම කණ්ඩායමට ඇතුළත්.

ICCය විසින් නම් කළ 2022 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායම මෙසේයි,

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<