“IPL තරගාවලියේ ආරම්භය පිළිබඳ කියන්නට ඔවුන් කල් ගන්නවා” – පැට් කමින්ස්

107

ඕස්ට්‍රේලියානු ප්‍රබල වේගපන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් පවසා සිටින්නේ මේ මාසයේ දී සැලසුම් කළ පරිදි ‘ඉන්දීය ප්‍රිමියර් ලීග්’ තරගාවලිය පැවැත්වීම ඉතා අපහසු වනු ඇති බවයි. ඒ මේ දිනවල පැතිර යන COVID-19 වසංගත තත්වය නිසයි. 

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් කප්පාදු වෙයි?

මේ දිනවල ලොව පුරා පැතිර යන කොරෝනා හෙවත් COVID-19 වයිරසය නිසා සියලු ක්‍රීඩා තරග හා තරගාවලි………

“තවමත් ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තරගාවලිය අවලංගු කර නැහැ. එය ප්‍රකාශයට පත් කිරීමට ඔවුන් තවමත් කල් අරිනවා.” යයි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟ ගිවිසුම් ගතවී සිටින පැට් කමින්ස් පවසා සිටියා. 

“දින කිහිපයකට සැරයක් අපි අපේ කණ්ඩායමේ සගයින් සමඟ කතාබහක නිරත වෙනවා. හැමෝම ඉදිරියට යන්නට ගොඩක් උනන්දුවෙන් ඉන්නේ. නමුත් ප්‍රමුඛම කාරණය වන්නේ කොරෝනා වෛරසය පැතිර යාම වළක්වා ගැනීමයි.” 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන අප්‍රේල් මස 15 වනදා ආරම්භ වීමට නියමිතයි. ඉන්දියාව මේ වන විට සති තුනක් සඳහා සම්පුර්ණයෙන්ම වසා දමා ඇති අතර අප්‍රේල් මස 14 වනදා එරට යළිත් විවෘත වීමට නියමිතයි. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු ජාතිකයින්ට පනවා ඇති සංචාරක තහනම නිම වීමට නම් තවත් මසකට අධික කාලයක් ඉතිරිව තිබෙනවා. 

“මම බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසිම දෙයක් ඉක්මණින් සිදුවෙයි කියලා.” කමින්ස් පවසා සිටියා. 

“මම නම් කැමති එහෙට ගිහින් ක්‍රීඩා කරන්න. නමුත් මෙහි රිදී රේඛාව නම් අපිට පොඩි විවේකයක් ලැබීමයි.” 

කාර්යබහුල එංගලන්ත තරග කාල සටහනට මෝර්ගන්ගෙන් විසඳුමක්

එංගලන්ත ක්‍රිකට් නායක ඔයින් මෝර්ගන් පවසා සිටින්නේ කොරෝනා වෛරස අවදානම පහව ගිය පසුව එංගලන්තයේ………

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආරම්භය මාර්තු මස 29 වනදා සිට අප්‍රේල් මස 15 වනදා දක්වා කල් දමන්නට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළේ කොරෝනා වෛරස අවධානම නිසයි. තරගාවලිය අප්‍රේල් 15 වනදා ආරම්භ වුනත් තරග සඳහා ප්‍රේක්ෂකයින්ට සහභාගී වන්නට අවස්ථාව හිමි වන්නේ නැහැ. එමෙන්ම ඕස්ට්‍රේලියානු වැසියන්ට පනවා ඇති තහනම නිසා ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට තරගාවලියට එක්වීමට ඇති හැකියාවත් තවමත් විවාදාත්මකයි. මාස දෙකක් පුරා ක්‍රියාත්මක වන තරගාවලිය ඉන්දීය ආර්ථිකයට ඩොලර් බිලියන 11ක් උපයා දීමට නියමිත අතර තරගාවලිය සඳහා එංගලන්තයේ බෙන් ස්ටෝක්ස්, ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් වැනි සුපිරි ක්‍රීඩකයින් රැසක්ම එක්වීමට සැලසුම් කර තිබුනා. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<