එංගලන්ත ක්‍රීඩකයින්ගේ පවුම් මිලියන භාගයක්!

113

කොරෝනා වයිරසය ලොව පුරා පැතිර යාමේ ප්‍රතිඵලයක් ලෙස එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඇති වී තිබෙන මූල්‍ය අර්බුදයට ප්‍රතිචාර වශයෙන් එංගලන්තයේ මධ්‍යම ගිවිසුම්ගත ක්‍රිකට් ක්‍රීඩකයින් ස්ටර්ලිං පවුම් 500,000 (රුපියල් මිලියන 117කට ආසන්න මුදලක්) මූලික පරිත්‍යාගයක් කිරීමට එකඟ වී තිබේ.

පසුගිය දා විශේෂ ප්‍රකාශයක් කරමින් එංගලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ටොම් හැරිසන් 25%ක වැටුප් කප්පාදුවක් කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අතර එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් කීපදෙනෙකු ද එලෙස වැටුප් කප්පාදුවක් සඳහා එකඟවී ඇත.

තිරිමාන්නත් අසරණ ජනතාව වෙනුවෙන් සවියක් වෙයි

Covid-19 වයිරසය නිසාවෙන් දිවයින පුරා උද්ගතව තිබෙන තත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී …

COVID-19 ව්‍යාප්තියට ප්‍රතිචාර වශයෙන් හැරිසන් විසින් එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් එරට රජය වෙත ස්ටර්ලිං පවුම් මිලියන 61 (ඩොලර් මිලියන 76) ආධාරයක් ලබා දෙන බව නිවේදනය කළේය. 

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරග සමය ආරම්භ වීම මැයි 28 දක්වා ප්‍රමාද වී ඇති අතර ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සංචාරයන් පිළිබඳව ද ප්‍රශ්නාර්ථය ඇතිව ඇත. එංගලන්තය  බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව සමඟින් සංචාර සඳහා එක්වීමට නියමිතව තිබුණි.

බ්‍රිතාන්‍ය රජය විසින් එංගලන්ත ක්‍රිකට් ආයතනයේ පරිපාලන කාර්ය මණ්ඩලය සඳහා වැටුප් කප්පාදු ක්‍රමයක් යෝජනා කිරීමත් සමඟ ටෙස්ට් නායක ජෝ රූට් සහ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් වැනි අය වසරකට ස්ටර්ලිං පවුම් මිලියනයකට ආසන්න ආදායමක් උපයන නිසාවෙන් ඔවුන්ගේ ද වැටුප් කප්පාදුවක් සිදු කළ යුතු බව බොහෝ දෙනා පවසා සිටියේය.

“එංගලන්ත කේන්ද්‍රීය ගිවිසුම්ගත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අද රැස්වීමෙන් අනතුරුව එංගලන්ත ක්‍රිකට් ආයතනය වෙත මූලික වශයෙන් ස්ටර්ලිං පවුම් මිලියන 0.5ක පරිත්‍යාගයක් කිරීමට ක්‍රීඩකයින් එකඟ වුනා.”  එංගලන්ත ක්‍රීඩකයන් වෙනුවෙන් PCA විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ. 

“මෙලෙස සිදු කරන ආධාර පිළිබඳ තවත් තීරණ ඉදිරි සතිය තුළ ක්‍රීඩකයින් විසින් තීරණය කරනු ඇත.”

මෙම මූලික දායකත්වය එංගලන්තයේ මධ්‍යම ගිවිසුම්ගත ක්‍රීඩකයින් සියලු දෙනාටම වලංගු වන අතර ඉදිරි මාස තුන සඳහා ඔවුන්ගේ මාසික ගෙවීමෙන් 20%ක අඩු වීමක් ලබා ගැනීමට ද ඔවුන් තීරණය කර ඇත.

එංගලන්ත ක්‍රිකට් ආයතනයට මෙම තරග අවලංගු වීම් නිසා සිදු වන පාඩුව ස්ටර්ලිං පවුම් මිලියන 300ක් පමණ වන බව එංගලන්ත ක්‍රිකට් ප්‍රධානියා පසුගිය දා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් එහි දී ඔහු කියා සිටියේ ක්‍රීඩකයන්ට කිසිදු තරගයක් නොමැති වුවද ඔවුන්ගේ වැටුප් කප්පාදු කිරීමට තමන් සූදානම් නොවන බවයි. එහෙත් පසුගිය දා ESPNcricinfo  වෙබ් අඩවිය එංගලන්ත ක්‍රිකට් ප්‍රධානියා PCA වෙත යොමු කළ ලිපියක් උපුටා දක්වමින් පවසා සිටියේ ක්‍රීඩකයන්ගෙන් 20%ක වැටුප් කප්පාදුවකට එකඟ වන ලෙස ඉල්ලා ඇති බවයි.

“ක්‍රීඩකයින් සහ සමස්තයක් වශයෙන් සමාජය මුහුණ දෙන අභියෝගාත්මක තත්ත්වය පිළිබඳව ක්‍රීඩකයන් දිගින් දිගටම සාකච්ඡා කරනවා. එංගලන්ත ක්‍රිකට් ආයතනයට, ක්‍රිකට් ක්‍රීඩාවට හා පුළුල් ප්‍රජාවට ඉදිරියට යාමට සහයෝගය දැක්විය හැකි හොඳම ආකාරය සලකා බලනවා”  යනුවෙන් PCA තවදුරටත් සඳහන් කළේය.

විශිෂ්ට පන්දු රැකීම සහ කොරෝනාවෙන් රට රැකීම

පන්දුවට පහර දීමේ දී වඩාත් නුවණට හුරු වුනේ මෙම පන්දු රකින්නන්ට …

වැටුප් කප්පාදුවක් පිළිගන්නේ දැයි ලෝක කුසලාන ජයග්‍රාහී නායක ඔයින් මෝගන්ගෙන් මාධ්‍යවේදීන් පසුගිය බදාදා විමසා තිබිණි.

“වෙනසක් ඇති කළ හැකි ඕනෑම අවස්ථාවක උදව් කිරීමට මම අතිශයින්ම කැමතියි. මම සෑම දෙයකටම විවෘතව සිටිනවා”

මේ අතර පිරිමි කණ්ඩායමට වඩා සැලකිය යුතු තරම් අඩු ආදායමක් උපයන එංගලන්ත කාන්තා කේන්ද්‍රීය ගිවිසුම්ගත ක්‍රීඩකයින් තම පුහුණුකරුවන් සහ සහායක කාර්ය මණ්ඩලය ද ඇතුලත්ව ඉදිරි මාස තුන සඳහා (අප්‍රේල්, මැයි සහ ජුනි) වැටුප් අඩුකිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බව නිවේදනය කළේය.

එක්සත් රාජධානිය තුල මේ වන විට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 38000 ඉක්මවා ඇති අතර මියගිය සංඛ්‍යාව 3500 ද ඉක්මවා ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<