කාර්යබහුල එංගලන්ත තරග කාල සටහනට මෝර්ගන්ගෙන් විසඳුමක්

84

එංගලන්ත ක්‍රිකට් නායක ඔයින් මෝර්ගන් පවසා සිටින්නේ කොරෝනා වෛරස අවදානම පහව ගිය පසුව එංගලන්තයේ ක්‍රිකට් තරග කාල සටහන කාර්යබහුල වුවහොත් ඔවුන්ට අවශ්‍ය නම් එකම දිනෙක ක්‍රීඩාංගණ දෙකක කණ්ඩායම් දෙකක් ක්‍රීඩා කරවිය හැකි බවයි. 

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයත් කල් යන ලකුණු!

දිනවල පැතිර යන Covid-19 වසංගත තත්වය නිසාවෙන් එළඹෙන ජුනි මස ආරම්භයේ දී පැවැත්වීමට නියමිතව…

එංගලන්ත ටෙස්ට් කණ්ඩායම ජෝ රූට්ගේ නායකත්වය යටතේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ හෝ පාකිස්තානය සමඟ ක්‍රීඩා කිරීමට නියමිත අතර මෝර්ගන්ගේ සීමිත පන්දුවාර කණ්ඩායම ඕස්ට්‍රේලියාව සමඟ ජූලි මාසයේ දී විස්සයි විස්ස හා එක්දින තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිතයි. 

“මෙම අමාරු අවස්ථාවේ දී අපි කරන්න පුළුවන් හැම දෙයක්ම බලන්න ඕනේ.” එංගලන්ත සීමිත පන්දුවාර නායක මෝර්ගන් පවසා සිටියා. 

“අපි මේ වගේ අත්දැකීමකට කලින් මුහුණ දීලා නැහැ. මම හිතන්නේ කවුරුත් මෙහෙම දේකට මුහුණ දීලා නැහැ. ආර්ථික වශයෙන් ක්‍රීඩාවට මෙච්චර බලපාන සිදුවීමක් මීට කලින් වෙලා ඇති කියලා මම හිතන්නේ නැහැ.” 

එංගලන්තයේ සියලුම ආකාරයේ ක්‍රිකට් මැයි 28 වනදා දක්වා කල් දමා ඇති අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එංගලන්ත සංචාරය ජුනි 04 වනදා ආරම්භ වීමට නියමිතයි. 

එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක ටොම් හැරිසන් පසුගිය සඳුදා ඩොලර් මිලියන 76ක පැකේජයක් ප්‍රකාශයට පත්කළා. ඔහු තවදුරටත් පවසා සිටියේ සංචාරයේ යෙදෙන කණ්ඩායම් සියල්ලම “බොහොම නම්‍යශීලියි වගේම විශාල වශයෙන් අපිව තේරුම් ගත්තා”යනුවෙනි. මෝර්ගන් පවසා සිටියේ ඔවුන්ගේ කණ්ඩායමේ සගයින් ද අවශ්‍ය ඕනෑම විසඳුමකට සූදානම් බවයි. 

“ක්‍රීඩකයින්ගේ කෝණයෙන් නැවත ක්‍රීඩාව ආරම්භ කරන්නට කළ හැකි හැම දෙයක්ම කරන්න ඔවුන් සුදානම්.” මෝර්ගන් පවසා සිටියා. 

“ක්‍රිකට් ක්‍රීඩා කරන්නට කුඩාම අවස්ථාවක් ලැබුනා වුනත් එම අවස්ථාව ලබා ගෙන ක්‍රීඩා කරන්නට ඔවුන් කැමතියි. මම නම් එහෙමයි. නමුත් මේ කාලය හරිම අවිනිශ්චිතයි. වත්මන් තත්වය ගැන හිතද්දී අපිට ක්‍රීඩා කරන එක ගැන හිතන්න බැහැ. අපේ පළමු තරගය මොකද්ද, කොච්චරක් තරග අපි ක්‍රීඩා කරයි ද, ඒ වගේ කරුණු අපිට හිතන්නට බැහැ මේ වසංගත තත්වය පහව යන තුරු.”

වෝනර් හිස බූ ගායි! කෝලිටත් එන්න කියයි

කොරෝනා වයිරස තත්වය මර්දනය කරන්නට මහන්සි වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අගය කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු…..

ඔහු වෙනත් සාකච්ඡාවක දී පසුගිය බදාදා පවසා සිටියේ ක්‍රිකට් ක්‍රීඩා කළ හැකි එකම ක්‍රමය ප්‍රේක්ෂකයින් නොමැතිව ක්‍රීඩා කිරීම නම් එයට වුනත් ඔහු කැමති බවයි. තවදුරටත් ඔහු පවසා සිටියේ එම තරග විකාශය කිරීමෙන් ක්‍රිකට් තරග නොමැතිව නිවසට වී සිටින ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට ද මානසික සහනයක් ඇති වනු ඇති බවයි. 

“මම දැන් ගොඩක් කාලයක් තිස්සේ කවුන්ටි ක්‍රිකට් ක්‍රීඩා කරනවා හා ඩුබායි හා අබුඩාබි හිදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ඒ දෙකම එකයි” ඔහු පවසා සිටියා. 

“වෛද්‍යවරුන් අවවාද කළොත් ප්‍රේක්ෂකයින් නොමැතිව ක්‍රීඩා කළාට කමක් නැහැ කියලා, මම හිතන්නේ එය ක්‍රීඩාව පැත්තෙන් ඉතාම වැදගත් කාරණයක් වේවී.” 

මේ අතර මෝගන් ඔහුගේ උපනායක ජොස් බට්ලර් හට ප්‍රශංසා කර සිටියා. 

“ඔහු කළේ ඉතාම කරුණාවන්ත දෙයක්” 

ජෝස් බට්ලර් ඔහු ලෝක කුසලානය අවසන් මහා තරගය ක්‍රීඩා කළ ජර්සිය වෙන්දේසියේ දැමුවේ කොරෝනා වෛරස රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් දෙකකට ආධාර එකතු කිරීමේ අරමුණින්. 

33 හැවිරිදි මෝර්ගන් හා ඔහුගේ බිරිඳ ටාරා ඔවුන්ගේ පළමු දරු උපතට මුහුණ දුන්නේ ද මේ වසංගත තත්වය ඇතුළේ දීයි. 

“අපිට අනෙක් අයට වඩා ගොඩක් කාලයක් හුදෙකලාව ඉන්නට සිදුවේවි. එය හොඳයි, හරිම සතුටුදායක වෙලාවක් අපිට.” 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<