2023 ක්‍රිකට් ලෝක කුසලානයේ ගමන් මඟ හා නව ක්‍රිකට් ආකෘතිය

629

2019-2023 ජාත්‍යන්තර ක්‍රිකට් තරගවාරයේ එක්දින තරග චක්‍රය හා 2023 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල ලෝක කුසලානය සඳහා වන දීර්ඝ ගමනේ පළමු තරගය පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී ඕමානය හා පැපුවා නිව් ගිනියාව අතර ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් හිදී ආරම්භ විය. 

ක්‍රිකට් ගහන්නෙ ඇඟෙන් විතරද?

ඔබ ලෝක පූජිත පන්දු යවන්නෙක් යැයි මොහොතකට සිතන්න. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය…………………

ලෝක ක්‍රිකට් දැවැන්තයන් තවමත් 2019-2023 එක්දින තරග චක්‍රය ආරම්භ කර නැත. Thepapare.com ගෙන එන මේ සටහන 2019-23 ලෝක එක්දින තරග වටය පිළිබඳව යි. 

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා රටවල් 32ක් අදියර 3 ක් ඔස්සේ තරග වැදීමට නියමිතය. 

  1. ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලිය 
  2. ICC ක්‍රිකට් ලෝක කුසලාන 2 වන ලීග් තරගාවලිය 
  3. ICC ක්‍රිකට් ලෝක කුසලාන අභියෝගතා ලීග් තරගාවලිය 
  • ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලිය (2020-2022)

සුපර් ලීග් තරගාවලිය යනු ප්‍රධාන රටවල් දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රීඩා කරන ද්විපාර්ශ්වික තරග මාලාවේ සංවිධානාත්මක අනුවාදයකි. මෙම සුපර් ලීග් තරගාවලිය එම තරග සඳහා ව්‍යුහය සහ සංවිධානය එක් කිරීමට නියමිතය.

කණ්ඩායම් 13 (12 පූර්ණ සාමාජික රටවල් + නෙදර්ලන්තය)
ලීග් ආකෘතිය  ද්වීපාර්ශික තරගාවලි 52
එක් තරගාවලියක තරග සංඛ්‍යාව 
එක් කණ්ඩායමක් සඳහා වන තරගාවලි සංඛ්‍යාව 8 (සත්කාරක තරග 4 හා සංචාරක තරග 4)
ආකෘතිය  එක්දින තරග 156 ක්

මෙම සුපර් ලීග් තරගාවලිය 2020 වසරේ මැයි මාසයේ දී ආරම්භ වීමට නියමිතය. එය 2022 වසරේ මාර්තු මස දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ 2023 ලෝක කුසලානය සඳහා සූදානම් වීමට වසරක කාලයක් වෙන් කරමිනි. එම කාලය තුළ එක් එක් රටවල් සඳහා එක්දින තරගාවලි පැවැත්වීමට අවසර ඇති අතර එම තරගාවලි මෙම සුපර් ලීග් තරගාවලිය සඳහා අයත් නොවේ. 

මේ වන විට පැවැත්වෙන ICC ටෙස්ට් ශූරතාවය සඳහා භාවිතා වන ලකුණු ක්‍රමයට වඩා මෙහිදී වෙනස් හා පහසු ලකුණු ක්‍රමයක් අනුගමනය කිරීමට නියමිතය. ඒ සියලුම කණ්ඩායම් එකම තරග සංඛාවක් ක්‍රීඩා කරන නිසාවෙනි. එම ලකුණු ක්‍රමය දෙවන ලීග් තරගාවලියට හා අභියෝගතා තරගාවලිය සඳහා ද යොදා ගැනීමට නියමිතය. 

සහභාගීත්වය 

මෙම ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියේ සමාරම්භක තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල සාමාජිකයන් 12 දෙනෙකු සුදුසුකම් ලබා සිටි අතර 2015-17 ICC ලෝක ක්‍රිකට් ශූරතාවය ජයග්‍රහණය කළ නෙදර්ලන්තය 13වන සාමාජිකයා ලෙස තරගාවලිය සඳහා එක්කර ඇත. 

  • ඇෆ්ගනිස්තානය
  • ඕස්ට්‍රේලියාව
  • බංග්ලාදේශය
  • එංගලන්තය
  • ඉන්දියාව
  • අයර්ලන්තය
  • නවසීලන්තය
  • පාකිස්තානය
  • දකුණු අප්‍රිකාව
  • ශ්‍රී ලංකාව
  • බටහිර ඉන්දීය කොදෙව්
  • සිම්බාබ්වේ
  • නෙදර්ලන්තය

තරග කාලසටහන 

තරගාවලිය සඳහා සහභාගී වන සෑම කණ්ඩායමක්ම ප්‍රතිවාදී කණ්ඩායම් 12 අතරින් කණ්ඩායම් 8ක් සමඟින් තරග වැදීමට නියමිතය. එම තරගාවලි සඳහා වන ප්‍රතිවාදීන් අන්‍යෝන්‍ය ගිවිසුම් මත තෝරා ගැනීමට එක් එක් ක්‍රිකට් ආයතන වලට අවසර ඇත. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාලසටහන 

  • දකුණු අප්‍රිකාව (සත්කාරක) – 2020 ජුනි 
  • ඉන්දියාව (සත්කාරක) – 2020 ජුනි 
  • සිම්බාබ්වේ (සත්කාරක) – 2020 ඔක්තෝබර් 
  • බංග්ලාදේශය (සංචාරක) – 2020 දෙසැම්බර් 
  • නවසීලන්තය (සංචාරක) – 2021 පෙබරවාරි 
  • බටහිර ඉන්දීය කොදෙව් (සංචාරක) – 2021 පෙබරවාරි 
  • එංගලන්තය (සංචාරක) – 2021 ජුනි 
  • ඇෆ්ගනිස්තානය (සත්කාරක) – 2021 ජූලි 

(*මෙම දිනයන් වෙනස් විය හැක. )

මෙම සුපර් ලීග් තරගාවලියට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව, පාකිස්තානය, ඉන්දියාව හා නවසීලන්තය සමඟින් ද්වීපාර්ශික තරගාවලි සඳහා ද, දකුණු අප්‍රිකාව හා අයර්ලන්තය සමඟින් තුන්කොන් තරගාවලියක් සඳහා ද එක්වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම 2022 මාර්තු මස සිට 2023 ජනවාරි මාසය අතර කාලය තුළ 2022 ආසියානු කුසලාන තරගාවලිය සඳහා ද සහභාගි වීමට නියමිතය.  

2023 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීම 

සුපර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් 13 අතරින් මුල් ස්ථාන 7 දිනා ගන්නා කණ්ඩායම් සහ සත්කාරක ඉන්දියාව 2023 ලෝක කුසලානය සඳහා සෘජු සුදුසුකම් ලබා ඇත. අනෙක් කණ්ඩායම් 5, 2022 ICC ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතය. එම තරගාවලියෙන් සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් දෙකක් 2023 ලෝක කුසලානය සඳහා එක්වනු ඇත. 

CPL වලට කොරෝනා බාධාවක් නෙමෙයි

බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමූහය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන සුප්‍රසිද්ධ “කැරිබියන් ප්‍රිමියර් ලීග්” විස්සයි විස්ස…………..

  • ICC ක්‍රිකට් ලෝක කුසලාන දෙවන ලීග් තරගාවලිය (2019-2022) 

ලෝක එක්දින ක්‍රිකට් සාමාජිකත්වය ලබා ඇති සෙසු කණ්ඩායම් 7, ICC ලෝක ක්‍රිකට් ලීග් ශූරතා තරගාවලියේ වෙනස්කම් සහිත නවීන තරගාවලියක් සඳහා ක්‍රීඩා කිරීමට නියමිතය. මෙම තරගාවලිය ‘ICC ක්‍රිකට් ලෝක කුසලාන දෙවන ලීග් තරගාවලිය’ ලෙස නම් කර ඇත. එම තරගාවලිය 2019 අගෝස්තු මාසයේ සිට 2022 ජනවාරි මාසය දක්වා පැවැත්වීමට නියමිතය. 

කණ්ඩායම් 7 (13 වන ස්ථානයේ සිට 20 වන ස්ථානය දක්වා)
ලීග් ආකෘතිය  තුන් කොන් තරගාවලි 21
එක් තරගාවලියක තරග සංඛ්‍යාව  6
එක් කණ්ඩායමක් සඳහා වන තරග සංඛ්‍යාව  4
එක් කණ්ඩායමක් සඳහා වන තරගාවලි සංඛ්‍යාව  9 (සත්කාරක තරග 3 හා සංචාරක තරග 6) 
තරග ආකෘතිය  එක්දින තරග 126ක්

සහභාගීත්වය 

  • නේපාලය
  • නැමීබියාව
  • ඇමරිකා එක්සත් ජනපදය
  • ස්කොට්ලන්තය
  • ඕමානය
  • එක්සත් අරාබි එමිරේට්ස්
  • පැපුවා නිව් ගිනියාව

2023 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීම

මෙම දෙවන ලීගයේ කිසිඳු කණ්ඩායමකට 2023 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සෘජු සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි නොවේ. මෙම තරගාවලියේ මුල් ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් 3, 2022 ICC ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතය. සෙසු කණ්ඩායම් 4, 2022 ICC ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය (2022 ICC CWC Qualifier Playoff) සඳහා ක්‍රීඩා කිරීමට නියමිතය. එමඟින් 2022 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ඔවුන්ට අවස්ථාවක් හිමිවනු ඇත. 

  • ICC ක්‍රිකට් ලෝක කුසලාන අභියෝගතා තරගාවලිය 

එක්දින සාමාජිකත්වය සහිත සෙසු කණ්ඩායම් එනම් 21 වන ස්ථානයේ සිට 32 වන ස්ථානය දක්වා වන කණ්ඩායම් ‘ICC ක්‍රිකට් ලෝක කුසලාන අභියෝගතා තරගාවලිය’ සඳහා ක්‍රීඩා කිරීමට නියමිතය. එම තරගාවලිය කණ්ඩායම් 6 බැගින් වන කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය 2019 සැප්තැම්බර් මස සිට 2021 ඔක්තෝබර් මස දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත. 

මීට පෙර පැවති ‘ලෝක ක්‍රිකට් ලීග් තරගාවලිය’ සඳහා වන ආදේශයක් ලෙස මෙම තරගාවලිය පැවැත්වේ. 

කණ්ඩායම්  12 (21 වන ස්ථානයේ සිට 32 වන ස්ථානය දක්වා)
ලීග් ආකෘතිය   කණ්ඩායම් 6 බැගින් වන තරගාවලි 2ක් (A කාණ්ඩය හා B කාණ්ඩය) 
තරගාවලියක් සඳහා වන තරග සංඛ්‍යාව  15
තරගාවලියක එක් කණ්ඩායමක් සඳහා වන තරග සංඛ්‍යාව  5
එක් කණ්ඩායමක් සඳහා වන තරගාවලි සංඛ්‍යාව 
තරග ආකෘතිය  A ලැයිස්තු එක්දින තරග 90 

සහභාගීත්වය

A කාණ්ඩය  B කාණ්ඩය 
කැනඩාව හොංකොං 
සිංගප්පූරුව  කෙන්යාව 
ඩෙන්මාර්කය  උගන්ඩාව 
මලයාසියාව  ජර්සි 
වනුආටු  බර්මියුඩාව 
කටාර් ඉතාලිය 

2023 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීම 

ICC ක්‍රිකට් ලෝක කුසලාන දෙවන ලීගයේ මෙන්ම මෙම තරගාවලියේ ද කිසිඳු කණ්ඩායමක් ‘2023 ක්‍රිකට් ලෝක කුසලානය’ සඳහා සෘජු සුදුසුකම් ලබා ගන්නේ නැත. කෙසේවෙතත් මෙම කණ්ඩායම් අතරින් එක් එක් කාණ්ඩයේ හොඳම කණ්ඩායම 2022 ICC ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය (2022 ICC CWC Qualifier Playoff) සඳහා සුදුසුකම් ලබා ගනු ඇත. 

එක් එක් ලීග් තරගාවලි අතර ප්‍රවර්ධනය 

2023 ICC ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ ක්‍රියාවලියට අමතරව, 2019-2023 චක්‍රය අවසානයේ ලීග් හරහා ප්‍රවර්ධන හා පැවරීමේ ක්‍රියා පටිපාටියක් ද සංවිධානය කර ඇත. මීළඟ එක්දින තරග චක්‍රය වන 2023-2027 කාලයේ එක් එක් තරගාවලි සඳහා කුමන රටවල් ක්‍රීඩා කළ යුතු ද යන්න මෙයින් තීරණය වේ. 

සාමාජික රටවල් වලින් සුපර් ලීග් තරගාවලියේ 13 වන ස්ථානය ලබා ගන්නා කණ්ඩායම හා දෙවන ලීගයේ මුල් ස්ථානය ලබා ගන්නා කණ්ඩායම අතරින් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පෙරමුණ ගන්නා කණ්ඩායම මීළඟ සංස්කරණයේ සුපර් ලීග් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත. එම කණ්ඩායම් දෙක අතරින් දෙවන ස්ථානය ලබා ගන්නා කණ්ඩායම දෙවන ලීගය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත. 

ක්‍රිකට් ලෝක කුසලාන දෙවන ලීගයේ 6 වන හා 7 වන ස්ථානය ලබා ගන්නා කණ්ඩායම් දෙක හා අභියෝගතා තරගාවලියේ එක් එක් කාණ්ඩ වල පෙරමුණ ලබා ගන්නා කණ්ඩායම් දෙක අතරින් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක මීළඟ සංස්කරණයේ දෙවන ලීග් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත. සෙසු කණ්ඩායම් දෙක අභියෝගතා තරගාවලියේ එක් එක් කාණ්ඩ සඳහා ඇතුළත් වේ. 

රජයේ කොරෝනා මර්දනයට SLC සහයට එයි

මේ දිනවල ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද වේගයෙන් පැතිරෙමින් යමින් පවතින නව කොරෝනා වයිරස……………..

මෙම කණ්ඩායම් 32ට අමතරව මීළඟ ස්ථාන 4 ලබා ගන්නා කණ්ඩායම් අභියෝගතා තරගාවලියේ එක් එක් කාණ්ඩ වල අවසන් ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් 4 සමඟින් ICC ලෝක කුසලාන ක්‍රිකට් අභියෝගතා තරගාවලිය (ICC Men’s Cricket World Cup Challenge Play-Off) සඳහා සහභාගී වීමට නියමිතය. මේ සඳහා තවමත් දින නියම කර නොමැත. 

එම තරගාවලියේ දී ඉහත කණ්ඩායම් 8 අතරින් මුල් ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් 4 ‘ක්‍රිකට් ලෝක කුසලාන අභියෝගතා කුසලාන තරගාවලිය’ සඳහා එක් එක් කාණ්ඩ සඳහා ඇතුළත් කිරීමට නියමිතය. අවසන් ස්ථාන 4 ලබා ගන්නා කණ්ඩායම් මූලික කණ්ඩායම් 32න් ඉවත්වනු ඇත.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<