ගෝල ද්විත්වයක් සමඟින් Ronaldo සෞදි ගමන අරඹයි

3121
RIYADH, SAUDI ARABIA - JANUARY 19: Lionel Messi of Paris Saint-Germain looks towards Cristiano Ronaldo of Riyadh XI during the Winter Tour 2023 friendly between Paris Saint-Germain and Riyadh XI at King Fahd International Stadium on January 19, 2023 in Riyadh, Saudi Arabia. (Photo by Yasser Bakhsh/Getty Images)

සිය නව පාපන්දු කණ්ඩායම වන Al Nassr කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී පළමු තරගය වූ ප්‍රබල PSG කණ්ඩායමට එරෙහි තරගයේ දී ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට සුපිරි ක්‍රීඩක Cristiano Ronaldo ඊයේ (19) සමත් වුනා.

පාපන්දු පිටියේ වත්මන් ප්‍රබලතම ප්‍රතිවාදීන් ලෙස සැලකෙන Ronaldo සහ  Lionel Messi එකිනෙකාට එරෙහිව ක්‍රීඩා කරනු දැක ගැනීමට මෙහි දී ප්‍රේක්ෂකයින්ට ඉඩ ලැබුණු අතර ඉතා තියුණු සටනකින් පසුව එම තරගයේ ජය ගෝල 5-4ක් ලෙස හිමි වුනේ PSG කණ්ඩායමටයි.

මෙය Ronaldo සෞදි අරාබි පාපන්දු සමාජයක් වන Al Nassr කණ්ඩායමට සමඟ ක්‍රීඩා කළ පළමු අවස්ථාව වූ අතර ඔහු එම කණ්ඩායමට එක් වූ ගිවිසුම යූරෝ මිලියන 200ක් පමණ වීම විශේෂත්වයක්.

කටාර් රාජ්‍යය හිමිකම දරන ක්‍රීඩා සමාජයක් වන ප්‍රංශයේ PSG කණ්ඩායමට ඊයේ දින ප්‍රබල ක්‍රීඩකයින් වන Lionel Messi, Kylian Mbappe සහ Neymar  තරග වැදුණු අතර එහි දී Lionel Messi සහ Kylian Mbappe ගෝල රැස් කරද්දී Neymar හට දඬුවම් පහර අවස්ථාවක් මඟ හැරී ගියා.

තරගයේ ගෝල දෙකක් ලබා ගැනීමෙන් පසුව Ronaldo හට ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට කණ්ඩායම තීරණය කළ අතර එයින් කෙටි වේලාවකට පසුව Messi හට ද ආදේශයක් සිදු කළා.

මෙම තරගය සඳහා 69,000කට අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සහභාගී වූ අතර සෞදි දේපළ වෙළෙන්දෙක් විසින් කණ්ඩායම් ද්විත්වයේ ක්‍රීඩකයින්ගේ විවේකාගාර වලට ද අවසර සහිත ටිකට් පතක් ඇමරිකානු ඩොලර් මිලියන 2.6ක මුදලකට ලබා ගෙන තිබුණා.

මෙම තරගය ආරම්භ වී කෙටි වේලාවක් ගත වෙද්දී සිය කණ්ඩායමේ පළමු ගෝලය වාර්තා කිරීමට Messi සමත් වූ අතර Al Nassr වෙනුවෙන් පළමු ගෝලය Ronaldo වාර්තා  කළේ දඬුවම් පහරක් මඟිනුයි.

ලෝක කුසලානයේ ආජන්ටිනා කණ්ඩායමට අනපේක්ෂිත පරාජයක් උරුම කර දුන් සෞදි ක්‍රීඩක  Salem Al-Dawsari හට එරෙහිව සිදු කළ දරුණු වැළැක්වීමක් නිසා PSG ක්‍රීඩකයෙකුට පළමු අර්ධයේ ම රතු කාඩ්පතක් හිමි වුනා.

නමුත් එම අර්ධයේම සිය කණ්ඩායම වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කිරීමට Marquinhosට හැකි වෙද්දී පළමු අර්ධයේ අමතර කාලයේ දෙවැනි ගෝලය වාර්තා කරමින් ගෝල තත්වය සම කිරීමට Ronaldoට හැකි වුනා.

Sergio Ramos දෙවැනි අර්ධය තුළ ගෝලයක් වාර්තා කරමින් PSG පෙරමුණට ගෙන එද්දී Al Nassr වෙනුවෙන් ක්‍රියාත්මක වූ Hyun-soo Jang ගෝලයක් ලබා ගනිමින් ගෝල තත්වය සම කළා.

නමුත් ඉන්පසුව ක්‍රියාත්මක වූ සුපිරි ක්‍රීඩක Kylian Mbappe සහ Hugo Ekitike ගෝල ලබා ගනිමින් තරගයේ වැඩි ගෞරව සිය කණ්ඩායමට ගෙන ආ අතර තරගයේ අවසන් අතිරේක කාලයේ Talisca ගෝලයක් වාර්තා කළත් තරගයේ වෙනසක් කිරීමට ප්‍රමාණවත් වුනේ නැහැ.

පාපන්දු ඉතිහාසය වෙනස් කළ ගිවිසුමකින් පසුව Cristiano Ronaldo සහභාගී වූ පළමු තරගය එලෙස අවසන් වූ අතර ඔහුගේ ගිවිසුමට අදාළ යූරෝ මිලියන 200ට අමතරව 2030 පාපන්දු ලෝක කුසලානය සෞදි සහ ඊජිප්තුව ලබා ගැනීමට අදාළව සන්නාම තානාපති ලෙස කටයුතු කිරීම සඳහා ඔහුට තවත් යූරෝ මිලියන 200ක මුදලක් හිමි වන බව වාර්තා වනව‍ෙ.

Times of India ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<