පසුගිය අඟහරුවාදා (17) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී ලකුණු 23කට කඩුලු 3ක් දවා ගැනීමට සන්රයිසර්ස් හයිද්‍රාබාද්හි අධිවේගී පන්දු යවන්නා උම්රාන් මලික් සමත් විය. එයට ඉෂාන් කිෂන්, ඩැනියෙල් සෑම්ස් සහ තිලක් වර්මාගේ කඩුලු ඇතුළත් විය.
හිටපු ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු මැතිව් හේඩන්ට අනුව ලකුණු 43ක් ලබා සිටි ඉෂාන් කිෂන් දැවී යාමේ දී ඔහු උම්රාන් මලික්ගේ වේගය ඉදිරියේ සම්පූර්ණයෙන්ම පරාජය විය. ඇතැමුන් පවසන්නේ උම්රාන් මලික් වැනි පන්දු යවන්නන්ව එතරම් ප්‍රකට වී නැති නිසා එසේ දැවී යන බවයි.
“දන්නැති ක්‍රීඩකයෙක් නිසා විතරක් නෙමෙයි. ගුණාත්මක වේගපන්දු යැවීමක් ඉදිරියේ ඉෂාන් කිෂන් අසරණ වුනා. දුක තමයි ඔබ ඉහළ මට්ටමේ ක්‍රීඩා කිරීමේ දී පැ.කි.මී. 140-150 වැනි වේගයක් සහිත පන්දු යවන්නන්ට මුහුණ දීමට සිදුවෙනවා. විශේෂයෙන්ම කඩුල්ලේ ඉපිලීමකුත් නැති වෙලාවක දී”, හේඩන් Star Sports ඔස්සේ එසේ කිවේය.
- මැතිව් හේඩන්ගේ ජීවිත කතාව
- බය නැතී, හිත ඇති ක්‍රීඩකයෙක් ·
- සංහිඳියාවේ ප්‍රේමය – ෂොයිබ් මලික් + සානියා මිර්සා
“මම කැමතියි ඔහුගේ (මලික්ගේ) අමු වේගයට. ඔහු ඉතාම උද්යෝගිමත්. ඔහු ඉෂාන්ව බය කළ විදිය… ඊට කලින් පන්දුව බවුන්සර් පන්දුවක්. එතකොට ඔහුට තේරුණා නිතැතින්ම ඉෂාන්ට පීඩනයක් තිබුණා කියලා. ඔහු දැවී ගිය පහර පීඩනයෙන් එල්ල කළ පහරක්. ලකුණු 40ක් (43) ගහලත් තියෙද්දී. ගිනිගනිමින් එන පන්දුවක්, කඩුල්ලක්”, හේඩන් වැඩිදුරටත් කීවේය.
මේ වන විට උම්රාන් මලික් “තරගයේ වේගවත්ම පන්දුවට හිමිවන සම්මාන” 12ක් දිනාගෙන ඇත. ඇතැම් ප්‍රේක්ෂකයන් සිනහ මුසුව පවසන්නේ තරගයේ වීරයා සම්මාන කිහිපයකින් උපයාගත යුතුව තිබූ මුදල ඔහු පන්දු 12කින් උපයාගෙන ඇති බවයි.
කෙසේ වෙතත් ඔහු විසින් සකස් කරගෙන ඇති වේගය ඔහුගේම කැපවීමෙන් ගොඩනගාගත්තකි. මෙතෙක් IPL තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් සිව්දෙනා අතර ද ඔහු සිටියි. ඒ කඩුලු 21ක් දවා ගනිමිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<