IPL වලට වඩා LPL හොඳයි – Dale Steyn

381

මුදල් ප්‍රධාන වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට වඩා ක්‍රිකට්වලට මූලිකත්වය දෙන Pakistan Super League හා Lankan Premier League තරගාවලි වටිනා බව දකුණු අප්‍රිකානු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක Dale Steyn පවසා සිටිනවා. 

Steyn මේ වන විට PSL තරගාවලියේ Quetta Gladiators කණ්ඩායම නියෝජනය කරන අතර ඔහු Cricket Pakistan වෙත පවසා තිබුණේ IPL තරගාවලිය ඉතා දිගු කාලයක් ක්‍රියාත්මක වීම ද තමා මෙවර එම තරගාවලියෙන් ඉවත් වීමට හේතුවක් බවයි.

මට පොඩි විවේක කාලයක් අවශ්‍ය වුනා. මට හිතුණා මේ ලීග් තරගාවලිවල (PSL, LPL) ක්‍රීඩා කිරීම ක්‍රීඩකයෙක් විදියට මට ගොඩක් ප්‍රතිඵල ගෙන දෙනවා කියලා, Steyn පවසා තිබුණා. මම හිතන්නේ IPL තරගාවලිය වගේ තරගාවලිවල ප්‍රබල ක්‍රීඩකයින් ඉන්නවා ක්‍රීඩකයින් උපයන මුදල ගැන ගොඩක් කතා වෙනවා, ඒ අතරමග දී ක්‍රිකට් ක්‍රීඩාව ඔවුන්ට අමතක වෙනවා. නමුත් ඔබ PSL හෝ LPL තරගාවලියට ක්‍රීඩා කරනකොට ක්‍රිකට් ක්‍රීඩාවට ලොකු වැදගත්කමක් තියෙනවා.

මම මෙහෙ ඇවිල්ල දින කිහිපයක් වුනාට ගොඩක් අය මගේ කාමරයට ඇවිල්ලා අහනවා මම කොහෙද සෙල්ලම් කරලා තියෙන්නේ, කොහොමද ඒ අත්දැකීම් කියලා. නමුත් IPL තරගාවලියේ දී ඒ දේවල් අමතක වෙනවා, ප්‍රධාන මාතෘකාව වෙන්නේ ඔබ මෙවර වෙන්දේසි වුනේ කොතරම් මුදලකට ද කියන එක. මම අවංකවමයි මේ දේවල් කියන්නේ. මට අවශ්‍ය මේ වසරේ දී IPL තරගාවලියෙන් ඈත් වෙලා හොඳ තරගාවලිවලට හා කණ්ඩායම්වලට හොඳ දේකට උදව් කරන්න.

තවත් ක්‍රිකට් පුවත්:

Steyn 2020 වසරේ IPL තරගාවලියේ දී Royal Challengers Bangalore නියෝජනය කරමින් ක්‍රීඩා කළා. IPL තරගාවලියේ අඩුවෙන්ම ප්‍රතිවාදීන්ට ලකුණු ලබා දුන් පන්දු යවන්නන් අතර පෙරමුණේ සිටින Steyn, ප්‍රතිවාදීන්ට පන්දුවාරයකට ලකුණු ලබා දීමේ වේගය 6.91ක් ලෙස රඳවා ගෙන IPL කඩුලු 97ක් බිඳ දමා තිබෙනවා.

ප්ලැටිනම් ක්‍රීඩකයෙක් ලෙස Steyn පසුගිය වසරේ දී Quetta කණ්ඩායම හා එක්වුණා. සිය කණ්ඩායම හා ක්‍රීඩා කළ තරග පිළිබඳව Steyn මෙසේ අදහස් දක්වා තිබුණා. 

Peshawar Zalmi, හමුවේ ජය ගන්න තිබුණා නම් හොඳයි, Steyn පවසා සිටියා. අපිට ඉදිරි තරගවල දී හොඳින් දක්ෂතා දක්වන්න පුළුවන් වෙයි. Chris Gayle නැති එක අපිට ලොකු පාඩුවක් මොකද ඔහු විස්සයි විස්ස දෙවි කෙනෙක් වගේ නිසා. ඔහු වෙනුවට ආපු ක්‍රීඩකයින් හා කණ්ඩායමේ සිටින අනෙක් ක්‍රීඩකයින් බලද්දී අපිට විශිෂ්ට ක්‍රීඩකයින් ඉන්නවා. Faf du Plessis කණ්ඩායමට එකතු වුනා Tom Banton පසුගිය වසර දෙක පුරාම දස්කම් දක්වනවා. මම හිතන්නේ තරග දිනන්න නම් මේ ක්‍රීඩකයින් සියලු දෙනාගේ දායකත්වය අවශ්‍යයි.

පාකිස්තානු වේගපන්දු යවන්නන්ට ද Steyn ප්‍රශංසා කළා. පාකිස්තානය වේගපන්දු යවන්නන් උපද්දවන භූමියක්. එක හරිම හොඳ දෙයක් මොකද තණතිලි ගොඩක් වෙලාවට වේගපන්දු යවන්නන්ට සහය නොදක්වන නිසා. මම Shaheen Shah Afridi එක්ක කතා කළා පසුගිය වසරේ. Melbourne Stars කණ්ඩායමේ දී මම Haris Rauf සමඟ ක්‍රීඩා කළා. මම ඔහුට ගොඩක් කැමතියි.

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<