නිම්සර හා මනෝහරන් සිල්වෙස්තරයට ජය ගෙනෙයි

1426

මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය හා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර පැවති “31 වැනි සීමිත පන්දුවාර  ක්‍රිකට් තරගය“ අද (24) අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අවසන් වූයේ සිල්වෙස්තර විද්‍යාලයට කඩුලු 5ක ජයක් හිමි කර දෙමිනි.

මනෝහරන්ගෙන් විශිෂ්ට ශතකයක්; ප්‍රථම ඉනිමේ ජය සිල්වෙස්තරයින්ට

මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය හා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර පැවති “60 වන සුරතලුන්ගේ සංග්‍රාමය” ජය පරාජයෙන් තොරව අද (22) අවසන්ම…

සුරතලුන්ගේ සංග්‍රාමය සීමිත පන්දුවාර තරගය වන මෙහි කාසියේ වාසිය දිනාගත් සිල්වෙස්තර විද්‍යාලයීය නායක අවිදු හේරත් ප්‍රථමයෙන් පන්දු යැවීම තෝරා ගන්නා ලදි.

ඒ අනුව පන්දුවට පහර දීමට  විද්‍යාර්ථ විද්‍යාලය වෙනුවෙන් පිටියට පිවිසියේ අරෝෂ දිල්හාර සමඟින් නායක පුලින ගුණතිලකයි. ප්‍රථම කඩුල්ලේ සබඳතාවය ලකුණු 6කට සීමා කරමින් අරෝෂ දිල්හාර ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට නිම්සර අතරගල්ල සමත් විය.

60 වැනි සුරතලුන්ගේ සංග්‍රාමයේ දක්ෂතම පිතිකරුවාගේ සම්මානයෙන් පිදුම් ලද පුලින ගුණතිලක හට එම තරගයේ දැක්වූ දස්කම් මෙම තරගයේ දැක්වීමට සිල්වෙස්තර පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත. ඒ අනුව ලකුණු 4ක් ලබා සිටි ඔහුව පිටියෙන් ඉවත් කිරීමට පසන් හෙට්ටිආරච්චි සමත් වූයේ මනෝහරන් පවිත්‍රන් රැකගත් දක්ෂ උඩපන්දුවක් හේතුවෙනි.

විද්‍යාර්ථ කණ්ඩායමේ මුලු ලකුණු තත්වය ලකුණු 17ක් වන විට 3 වැනි කඩුල්ල ද දැවී ගිය අතර එය දවා ගැනීමේ ගෞරවය ද පසන් හෙට්ටිආරච්චි හට හිමි විය. ලකුණු 4ක් ලබා සිටි ගිහාන් ජයසේකර දැවී ගියේ නිම්සර අතරගල්ල ලබාගත් උඩපන්දුවක් හේතුවෙනි.

ඉතා අඩු ලකුණු කිහිපයකට මුල් කඩුලු කිහිපය දැවී යාමෙන් අනතුරුව කසුන් කරුණාතිලක සමඟ එක්වූ මෙදුනක විජයතිලක විද්‍යාර්ථ බිද වැටුණ ඉනිම සවිමත් කිරීමේ වෑයමක නිරත විය. කෙසේ නමුත් විද්‍යාර්ථයින්ට කිසිදු ලෙසකින් සාර්ථක වීමට ඉඩ ලබා නොදුන් සිල්වෙස්තර පන්දු යවන්නන් ඔවුන්ගේ සිව්වැනි කඩුල්ල ද ලබා ගැනීමට සමත් විය. සිව්වැනි කඩුල්ල ලෙස කසුන් කරුණාතිලක දැවී යන විට මුලු ලකුණු තත්වය කඩුලු 4ක් දැවී ලකුණු 44ක් ලෙස දැක්විය.

සාන්ත සිල්වෙස්තර ක්‍රිකට් කණ්ඩායමේ නායක අවිඳු හේරත් ඉතා උපක්‍රමශීලි අයුරින් පන්දු රකින්නන් රඳවා තිබෙන අයුරු දැකිය හැකි විය. විද්‍යාර්ථ ක්‍රීඩකයන්ගේ වගකීම් විරහිත පිතිකරණ රටාව හේතුවෙන් කඩුලු එක පෙළට බිඳ වැටුණු අතර 5 වැනි කඩුල්ල ලෙස ලකුණු 17ක් ලබා සිටි මෙදුනක විජේතිලක, නදිර බාලසූරියගේ පන්දුවක් හමුවේ දැවී යන විට මුලු ලකුණු තත්වය කඩුලු 5ක් දැවී ලකුණු 50ක් ලෙස සටහන් වී තිබුණි.

විද්‍යාර්ථ ක්‍රීඩකයන් ලකුණු 74කට කඩුලු 8ක් බිඳ වැටී ඉතා අසීරු මොහොතක රැඳී සිටියේය. කෙසේ නමුත් චතුරංග දිල්ෂාන් සමඟ එක්වූ දුමිඳු ඉමන්ත ඉතා ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් විද්‍යාර්ථය වෙනුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන ලදි. කෙසේ නමුත් කනිෂ්ක ජයසේකරගේ පන්දුවක් හමුවේ ලකුණු 20ක් ලබා සිටි දුමිඳු ඉමන්ත දැවී යන විට, මුලු ලකුණු තත්වය පන්දුවාර 34ක් අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 113ක් ලෙස දැක්විය.

එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් හුදකලා ඉනිමක් ක්‍රීඩා කළ චතුරංග ඩිල්ෂාන්ගේ ඉනිම නිමා කිරීමට නිම්සර අතරගල්ල සමත් විය. ඔහු ලබාගත් ලකුණු 30ට පන්දු 83ක් වැය වූ අතර එය හතරේ පහර 3කින් අන්තර්ගත විය.

ලුම්බිණියේ විමුක්ති සහ ලකිඳු බණ්ඩාරනායකවරුන් මෙල්ල කරයි

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අතර පැවැත්වෙන නීල හරිත වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනයට නිමා වෙද්දී සංචාරක…

මේ අනුව පන්දුවාර 42ක් අවසානයේ විද්‍යාර්ථ කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 130ක් පමණි.

ලකුණු 131ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් සිල්වෙස්තර ඉනිම ආරම්භ කළේ චන්දුල ජයකොඩි සමඟින් කෙවින් නිම්ශාන් ය. පිටිය සිසාරා පහර එල්ල කරමින් ඔවුන් දෙදෙනා වේගවත් ආරම්භයක් ලබා ගත්ත ද සංජය සෙනවිරත්න එල්ල කළ පන්දුවක් හමුවේ ලකුණු 07ක් ලබා සිටි නිම්ශාන්ගේ ඉනිම නිමා විය. කවිෂ්කගේ අතට උඩ පන්දුවක් ලබා දී ඔහු පිටියෙන් ඉවත් වන විට සිල්වෙස්තර ඉනිම එක් කඩුල්ලක් දැවී ලකුණු 22ක් ලෙස සටහන් විය. සිල්වෙස්තර ඉනිමට තවත් ලකුණු 12ක් එකතු වන විට සිය දෙවන කඩුල්ල ද බිඳ වැටුණි. ලකුණු 23ක් ලබා සිටි චන්දුල ජයකොඩි, සංජය සෙනවිරත්නගේ පන්දුවක් හමුවේ දැවී යන විට මුලු ලකුණු තත්වය කඩුලු 2ක් දැවී 34ක් විය.

සිල්වෙස්තර ඉනිම ලකුණු 45ක් වන විට 3 වැනි කඩුල්ල ද දැවී යන ලදි. ලකුණු 5ක් ලබා සිටි පසන් හෙට්ටිආරච්චි කසුන් කරුණාරත්නගේ පන්දුවකට රවිෂ්ක අතට උඩපන්දුවක් ලබා දෙමින් සිය ඉනිම අවසන් කළේය.

කඩුලු එක පිට එක දැවී යමින් තරගය විද්‍යාර්ථය දෙසට දෝලනය වන බවක් දක්නට ලැබුණු අතර 4 වැනි හා 5 වැනි කඩුලු ලෙස නායක අවිඳු හේරත් හා නදීර බාලසූරිය ලකුණු නොලබා පිටියෙන් ඉවත් වන විට මුලු ලකුණු තත්වය කඩුලු 5ක් දැවී ලකුණු 51ක් ලෙස දැක්වීය.

ඉන්පසුව මනෝහරන් පවිත්‍රන් සමඟ පිටියට එකතු වූ නිම්සර අතරගල්ල ඉතා සංයමයකින් යුක්තව පන්දුවට පහර දෙමින් තමා වෙත පැමිණ තිබූ පීඩනය සැණකින් විද්‍යාර්ථ ක්‍රීඩකයන් දෙසට යොමු කිරීමට සමත් විය. ඉතා විශිෂ්ට ඉනිමක් දියත් කළ මනෝහරන් පවිත්‍රන් නොදැවී අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වූයේ විශිෂ්ට ක්‍රීඩකයෙකුගේ ලක්ෂණ පෙන්නුම් කරමිනි. පන්දු 43කින් වාර්තා වූ එම අර්ධ ශතකයට 4 පහර 9ක් අන්තර්ගත වී තිබුණි.

මොරටුව කැලඹූ විශ්ව හා සවිඳු වේල්ස් කුමරුවන් අවසන් හතරට රැගෙන යයි

ක්‍රමක්‍රමයෙන් අවසන් වන 2017/18 සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (23) පැවැත්වූ අතර එහි දී ආනන්ද විද්‍යාලය පරාජය…

ඊට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කළ තුන් ඉරියව් ක්‍රීඩක නිම්සර අතරගල්ල ලකුණු 35*ක් ලබා ගැනීමට සමත් වූයේ හතරේ පහර 3කින් ඉනිම වර්ණවත් කරමිනි. ඒ අනුව නිම්සරගේ හා මනෝහරන්ගේ නොබිඳුණු ලකුණු 80* විශිෂ්ට සබඳතාවය හේතුවෙන් සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට කඩුලු 5ක විශිෂ්ට ජයක් හිමි විය.

විද්‍යාර්ථ විද්‍යාලය: 130/10 (42) චතුරංග දිල්ෂාන් 30, දුමිඳු ඉමන්ත 20, මෙදුනක විජයතිලක 17, පසන් හෙට්ටිආරච්චි 3/25, නිම්සර අතරගල්ල 2/31,නදීර බාලසූරිය 2/21

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය: 131/5 (25) මනෝහර පවිත්‍ර 50*, නිම්සර අතරගල්ල 35*, චන්දුල ජයකොඩි 23, සංජය සෙනවිරත්න 2/18,කසුන් කරුණාරත්න 1/26,මෙදුනක විජයතිලක1/23.

  • දක්ෂතම පිතිකරුවා – මනෝහරන් පවිත්‍රන් (සිල්වෙස්තර විද්‍යාලය)
  • දක්ෂතම පන්දු යවන්නා – පසන් හෙට්ටිආරච්චි (සිල්වෙස්තර විද්‍යාලය)
  • දක්ෂතම පන්දු රකින්නා – කසුන් කරුණාරත්න (විද්‍යාර්ථ විද්‍යාලය)
  • තරගයේ වීරයා – නිම්සර අතරගල්ල    (සිල්වෙස්තර විද්‍යාලය)

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<