ගෙවුනු දවස අගෝස්තු 22 – නායකත්වය මුතූට

224
Sri Lanka Sports News last day summary august 22nd

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

වෙළඳසේවා ක්‍රිකට් කාලසටහන් නිකුත් වේ

25th Singer MCA ‘A’ division cricket25 වන වරටත් සංවිධානය කරනු ලබන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තරග සඳහා මෙන්ම එයට පසුව පැවැත්වෙන 20-20 තරගාවලිය සඳහා ද සිංගර් ආයතනය සිය අනුග්‍රාහකත්වය ලබා දී ඇත. මෙම තරගාවලියේ ආරම්භය ලබන මස 6 වැනිදා සිදු වේ.

පසුගිය වර්ෂයේ පැවැත්වූ තරගාවලිය සඳහා සහභාගි වූයේ කණ්ඩායම් 8ක් වුවත් මෙවර එම කණ්ඩායම් ප්‍රමාණය 8 සිට 10 දක්වා වැඩි කිරීමට තරග සංවිධායකයින් තීරණය කර ඇත. එම තරගාවලියටම සමගාමීව පැවැත්වූ B කාණ්ඩයේ තරගාවලියේ ජයග්‍රහණය හිමි කර ගත් කැන්රිච් ෆිනෑන්ස් A කණ්ඩායම හා LB ෆිනෑන්ස් A කණ්ඩායම එහි ශූරතාවය හා අනුශුරතාවය  පිළිවෙළින් ජයග්‍රහණය කළේය.

සම්පූර්ණ වාර්තා: වෙළඳසේවා තරගාවලිය ලබන මස මුලදී


සාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ අවසන් තරගයට

pic 2ආරම්භයේ සිටම අගනුවර ක්‍රීඩකයන්ගේ සියලු සැලසුම් ව්‍යර්ථ කරමින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන  අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අද (22දා) සමත් විය.

කොළඹ මුවර්ස් ක්‍රීඩා සමාජ පිටියේ දී, කොළඹ රාජකීය විද්‍යාලය සමඟ පැවති මෙම පළමු අවසන් පූර්ව තරගයේ දී සාන්ත අන්තෝනි විද්‍යාලයට කඩුලු 4ක ජයක් හිමි විය. පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි රාජකීය ක්‍රීඩකයෝ පන්දුවාර 47.2ක දී සියලුම දෙනා දැවී ලකුණු 132ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙස ප්‍රතිවාදීන් පන්දුවාර 31.4ක දී එම ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 6ක් පමණක් අහිමි කර ගනිමිනි.

සම්පූර්ණ වාර්තාව: සාන්ත අන්තෝනුවෝ අවසන් තරගයට


රග්බි –

නායකත්වයේ වගකීම මුතුතන්ත්‍රිට

pic 3එළඹෙන 2017 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික රග්බි කණ්ඩායමේ නායකත්වය හැව්ලොක් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රීඩා කරන අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන සුදර්ශන මුතුතන්ත්‍රී හට ලබා දී ඇත.

ජාතික තලය තුළ ක්‍රීඩා කරන දක්‍ෂතම ක්‍රීඩකයින් අතරින් කෙනෙක් ලෙස සැලකෙන 26 හැවිරිදි මුතුතන්ත්‍රී ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික කණ්ඩායමට නායකත්වය ලබා දෙන දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර ඔහු ෆසීල් මරීජා වෙනුවට 2015 වසරේ දී පැවති ආසියානු සත් සාමාජික තරගාවලිය සඳහා ද ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන ලදි.

සම්පූර්ණ වාර්තාව: ජාතික කණ්ඩායමේ වගකීම නැවතත් මුතුතන්ත්‍රිට

දිනයක අවසානය