“අපි උඹට මිලියනයක් ගෙව්වේ බින්දුවට අවුට් වෙන්න නෙමෙයි”

4764
Times of India

නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායක රොස් ටේලර්, ඔහු විසින් රචිත “Black&White” චරිතාපදානය එළිදැක්වීමත් සමඟ පුවත් මවන්නෙකුව තිබෙනවා. ඒ එහි සඳහන් වන බරපතළ අත්දැකීම් හේතුවෙන්.

ඉන් තවත් එක් අත්දැකීමක් ඔහු IPL හි ක්‍රීඩා කළ සමයේ දී සිදු වූවක්. Rajastan Royals (රාජස්තාන් රෝයල්ස්) කණ්ඩායමේ හිමිකරු විසින් ඔහුට එල්ල කළ කම්මුල් පහරවල් කිහිපයක් ගැන එහි සඳහන් වනවා. ඒ වන විට රොස් ක්‍රීඩා කළේ රාජස්තාන් කණ්ඩායම වෙනුවෙන්.

රාජස්තාන් කණ්ඩායම කිංග්ස් XI එක්ක මොහාලි වලදී තරග කළා. හඹායන්න තිබුණේ ලකුණු 195ක්. මම lbw වෙලා බින්දුවට අවුට් වුනා. අපට ඉලක්කය ළඟට යන්න බැරි වුනා. පස්සේ, කණ්ඩායමයි, සහාය කාර්ය මණ්ඩලයයි, කළමණාකාරීත්වයයි හෝටලේ මුදුනේ තිබුණු බාර් එකේ හිටියා. වෝනි (ෂේන් වෝන්) එක්ක ලිස් හර්ලි (එලිසබෙත් හර්ලි) හිටියා. රෝයල්ස් කණ්ඩායමේ එක අයිතිකාරයෙක් මට කිව්වා, ‘රොස්, අපි උඹට මිලියනයක් ගෙව්වේ බින්දුවට අවුට් වෙන්න නෙමෙයිකියලා. එහෙම කියන ගමන් මගේ කම්මුල හරහා පාරවල් තුන හතරක් ගැහුවා.” රොස් ටේලර්ගේ ස්වයං චරිතාපදානයෙන් stuff.co.nz වෙබ් අඩවිය විසින් උපුටාඉගත් කොටසක් එලෙස වනවා.

ඒ් පුද්ගලයා හිනා වෙමින් හිටියේ. ඒවා හයියෙන් ගහපු කනේ පාරවලුත් නෙමෙයි. ඒත් මට සහතිකයි, ඒ ඔක්කොම නාට්‍යයක් රඟපෑමක්. තිබුණු තත්වය යටතේ මම ප්‍රශ්නයක් ඇතිකර ගන්න ගියේ නෑ. ඒත් බොහෝ වෘත්තීය ක්‍රීඩා පසුබිම් තුළ එහෙම දේවල් වෙනවා කියන එක හිතා ගන්න බැරි වුනා.” ඔහු එසේ සටහන් කොට තිබෙනවා.

IPL හි පළමු තරග වාර තුන Royal Challengers Bangalore වෙනුවෙන් ක්‍රීඩා කළ පසු රොස් ටේලර්ව රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට එක්කර ගැනුණේ ඇ.ඩො.මිලියනයක මුදලකටයි.

“IPL එක අසංවේදී කියන ගමන්, දීර්ඝ කාලයක් කණ්ඩායමකට සේවය කරන ක්‍රීඩකයන්ට වරප්‍රසාදත් තියෙනවා. පේන විදියට මට එක කණ්ඩායමක සෙල්ලම් කරානම් දිග කාලයක් සෙල්ලම් කරන්න තිබුණා. අනික් පැත්තෙන්, මම RCB එකේ හිටියා නම් මට විරේන්දර් ෂෙවාග්, ෂේන් වෝන්, මහේල ජයවර්ධන සහ යුවරාජ් සිං වගේ ශ්‍රේෂ්ඨයන් එක්ක සෙල්ලම් කරන්න නොලැබෙන්න තිබුණා.” රොස් ලියා තිබෙනවා.

RCB කණ්ඩායම අවසන් මහා තරගය තෙක් පැමිණි 2009 වර්ෂයේ දී රොස් ටේලර් විසින් ඉනිම් 11ක දී ලකුණු 280ක් වාර්තා කොට තිබුණේ 134.61ක ප්‍රහාරක ලකුණු වේගයක් සමඟින්. පසුව රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට ඇතුළත් වී ඔහුට ක්‍රීඩා කරන්නට හැකි වුනේ එක් තරග වාරයක් පමණයි.

මින් පෙර ඔහු විසින් නවසීලන්ත ක්‍රීඩාගාරයේ දී මුහුණ දුන් වර්ණභේදවාදී ප්‍රකාශ ගැන සටහනක් තබා තිබුණා. එය ද බොහෝ දෙනාගේ ඇස් ඇරවන්නක් වූවා.

රොස් ටේලර් පවසන්නේ ඔහුට RCB කණ්ඩායම හා රැඳෙන්නට හැකි වුනි නම් එය ගැටලුවක් නොවන්නට තිබූ බවයි.

ඔබ එතරම් සල්ලි කන්දරාවක් මිට මොළවගන්නකොට ඔබ අමාරුවෙන් ඔප්පු කරන්න යනවා ඔබ ඒ තරම් වටින බව. ඔබට එතරම් සල්ලි කන්දරාවක් ගෙවන අයට ඉහළ බලාපොරොත්තුයි තියෙන්නේ. ඒක වෘත්තීය ක්‍රීඩාවක් වගේම මනුස්ස ස්වභාවය.

RCB වලදී මම මගෙන් වෙන්න ඕන දේ කළා. මට අසාර්ථක කාලයක් ආව නම් ඔවුන්ට මං ගැන විශ්වාසය තබන්න තිබුණා මම අතීතයේ කරලා තිබුණු දේවල් සම්බන්ධව. අලුත් කණ්ඩායමකට ගියහම ඔබට ඒ තල්ලුව ලැබෙන්නේ නෑ. ඔබට පහසු ගතියක් දැනෙන්නේ නෑ, ඔබ තරග දෙක තුනක දී ලකුණු නැතුව ගියොත් ඔබව නිරායාසයෙන්ම පරික්ෂාවට ලක්වෙන බව ඔබ දන්න නිසා.”,  ඔහු විසින් ලියා තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<