2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන 2 වැනි තරගය හෙට (2) ඉන්දුනීසියාව සමඟින් Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
ආසියානු කුසලාන තරග ඉතිහාසයට අලුතින් ම එක් වූ කණ්ඩායම වෙන්නේ ඉන්දුනිසීයාවයි. ඔවුන් මෙවර එක් වූ තරගාවලියේ පළමු තරගය බංග්ලාදේශය සමඟින් පැවැති අතර එම තරගයේ දී ඔවුන්ට සිදු වෙන්නේ පරාජිත කණ්ඩායම බවට පත් වීමයි.
ඉන්දුනීසියාව ඒ ආකාරයෙන් මෙම තරගයට එක් වෙද්දී ශ්‍රී ලංකාව මෙම තරගයට එක් වෙන්නේ ආසියානු කුසලාන තරග 27කට සහභාගී වෙමින් ඉන් තරග 18ක් ජයග්‍රහණ කරමින් සෙසු තරග 9 පරාජයට පත් වෙමිනුයි.
ශ්‍රී ලංකාවත් ඉන්දුනීසියාවත් විස්සයි විස්ස තරග පිටියේ හමුවෙන පළමු අවස්ථාවයි මේ.
>>ආසියානු කුසලානයේ කෙල්ලන්ගේ සෙල්ලං<<
මෙම තරගය සඳහා ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පිටියට පිවිසෙන්නේ කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණුලාභී පිතිකාරිනිය ලෙසයි. ඇය මේ වන විට තරග 22කට සහභාගී වෙමින් ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 613ක් ලබා සිටිනවා.
ඇයට පෙර මෙම අසුන හිමි ව තිබුණේ ඉන්දියාවේ Harmanpreet Kaur ට. ඇය මේ වන විට විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 26ක ඉනිම් 23ක දී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 576ක්.
ශ්‍රී ලංකාවට එරෙහි ව තරග බිමට පිවිසෙන ඉන්දුනීසියානු කණ්ඩායමේ නායිකාව මෙන් ම කඩුලු රකින්නිය ද වෙන්නේ Ni Putu Ayu Nanda Sakarini. ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 73ක ඉනිම 64කට සහභාගී වෙමින් අර්ධ ශතක 10ක් සමඟින් ලකුණු 1572ක් ලබා සිටින ක්‍රීඩිකාවක්.
ඇයට අමතර ව ආරම්භක පිතිකාරිනිය ලෙසින් කටයුතු කරන Maria Corazon විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 46කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 920ක් ලබා ගනිමින් ද, තරග 57ක දී අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 969ක් ලබා සිටින ඉදිරි පෙළ පිතිකාරිනී Ni Luh Dewi ද සහ තරග 39ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 502ක් ලබා සිටින මැද පෙළ පිතිකාරිනී Desi Wulandari ද කණ්ඩායමේ සිටින විශ්වසනීය පිතිකාරිනියන් බවට පත් ව සිටිනවා.
ඉන්දුනීසියා කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර ප්‍රමුඛයෙන් ම කියැවෙන්නේ Ni Kadek Fitria Rada Rani නමයි. දකුණතින් මඳ වේග පන්දු යවන ඇය තරග 58ක දී කඩුලු 34ක් සහ පිතිකරුවෙක් ලෙසින් අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 414ක් ද ලබා සිටිනවා.
ඉන්දුනීසියා පන්දු යවන්නියන්ගේ බලඇණියේ ප්‍රමුඛතාවය හිමි වෙන්නේ දඟ පන්දු යවන්නියන් වෙතයි. ඒ අතුරින් දකුණතින් පිට දඟ පන්දු යවන්නියන් වන Ni Made Putri Suwandewi ජාත්‍යන්තර කඩුලු 68ක් දවා ගනිමින් ද, Ni Ariani ජාත්‍යන්තර කඩුලු 40ක් දවා ගනිමින් ද සහ Sang Maypriani ජාත්‍යන්තර කඩුලු 47ක් දවා ගනිමින් ද මෙම සංචිතය හා එක් ව සිටිනවා.
ඊට අමතර ව ජාත්‍යන්තර කඩුලු 34ක් ලබා සිටින දකුණතින් මඳ වේග පන්දු යවන Dara Paramitha ද ඉන්දුනීසියා කණ්ඩායමේ සිටින අවධානයට ලක් විය යුතු පන්දු යවන්නියක්.
පෙර තරගය හා එක් වූ ඉන්දුනීසියා කාන්තා කණ්ඩායම
Ni Putu Ayu Nanda Sakarini (නායිකාව සහ කඩුලු රකින්නිය), Maria Corazon, Rahmawati Pangestuti, Ni Luh Dewi, Ni Kadek Fitria Rada Rani, Desi Wulandari, Ni Made Putri Suwandewi, Sofia Velic, Ni Ariani, Sang Maypriani, Dara Paramitha.
සංචිත ගත අතිරේක ක්‍රීඩිකාවෝ
Derni Bangi, Kisi Kasse, Lie Qiao, Kadek Winda Prastini.
පෙර තරගය හා එක් වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම
චමරි අතපත්තු (නායිකාව), ඉමේෂා දුලානි, සංජනා කාවින්දි, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, කෞෂනි නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), නිලක්ෂිකා සිල්වා, සුගන්දිකා කුමාරි, , චමුදි ප්‍රබෝධා, චේතනා විමුක්ති සහ මිතාලි අයෝධ්‍යා.
සංචිත ගත අතිරේක ක්‍රීඩිකාවෝ
විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, කාව්‍යා කාවින්දි සහ දෙව්මි විහංඟා.
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















