ICC ලෝක මට්ටමේ තරග රැසකටත් රතු එළි

116
Sri Lanka Women's Cricket

මේ දිනවල ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද වේගයෙන් පැතිරෙමින් යමින් පවතින නව කොරෝනා වයිරස තත්ත්වය නිසාවෙන් (COVID-19) ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ICC ක්‍රිකට් තරගාවලි රැසක් කල් දැමීමට තීරණය කර තිබෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අද (26) නිල වශයෙන් නිවේදනය කරන ලදි. 

‘Mankad’ වෙන්න එපා, කඩුල්ලෙම ඉන්න

රවිචන්ද්‍රන් අශ්වින් එංගලන්තයේ ජොස් බට්ලර් සමඟ ඔහුගේ ‘Mankad’ දවා ගැනීම මතක් කරමින් ඉන්දීය ජනතාවට තම

දිගින් දිගටම පැතිර යන මෙම වයිරස තත්වය නිසාවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව පුරා විවිධ තහනම් පනවා තිබෙන අතර මෙම වයිරසය මගින් පහත රටවල් වලට ද බලපෑම් කර තිබෙන නිසා මෙම තරගාවලි දින නියමයක් නොමැතිව කල් දැමීමට ICCය පියවර ගෙන ඇත.

  • අප්‍රේල් 16 සිට 21 දක්වා කුවේට් හිදී පැවැත්වීමට නියමිතව තිබූ ICC පිරිමි T20 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ A කොටසේ ආසියානු තරගාවලිය 
  • අප්‍රේල් 27 සිට මැයි 3 දක්වා දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ ICC පිරිමි T20 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ අප්‍රිකානු කලාපිීය තරගාවලිය 
  • අප්‍රේල් 27 සිට මැයි 3 දක්වා දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ ICC පිරිමි T20 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ අප්‍රිකානු කලාපීය තරගාවලිය 
  • අප්‍රේල් 20 සිට 27 දක්වා නැමීබියාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ ICC පිරිමි ලෝක කුසලාන (League 2) තරගාවලිය 
  • අප්‍රේල් 16 සිට 22 දක්වා ස්පාඤ්ඤයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ICC පිරිමි T20 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ A කොටසේ යුරෝපීය තරගාවලිය 
  • ජුනි 9 සිට 16 දක්වා පැපුවා නිව් ගිනියාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ ICC පිරිමි ලෝක කුසලාන (League 2) තරගාවලිය 
  • ජුනි 10 සිට 16 දක්වා බෙල්ජියමේ දී පැවැත්වීමට නියමිතව තිබූ ICC පිරිමි T20 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ C කොටසේ යුරෝපීය තරගාවලිය 
  • ජුනි 26 සිට ජූලි 2 දක්වා මැලේසියාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ ICC පිරිමි T20 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ B කොටසේ ආසියානු තරගාවලිය 
  • ජුනි 24 සිට 30 දක්වා පින්ලන්තයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ICC පිරිමි T20 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ B කොටසේ යුරෝපීය තරගාවලිය 

යන තරගාවලි නිසැක වශයෙන්ම දින නියමයක් නොමැතිව කල් දැමීමට ICCය හට සිදුව තිබේ. 

2021 වසරේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලිය සහ 2023 දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඊට පෙර පැවැත්විය යුතු තරගාවලි කිහිපයක් ද පැවැත්වීම සම්බන්ධව ගැටලු සහගත තත්වයන් මතුව ඇති නමුත් එම තරගාවලි පිළිබඳව ICCය විසින් තවමත් නිල වශයෙන් තීරණයක් ගෙන නොමැත. 

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාවට අභියෝග රැසක්

අන් වසර වලදී වසන්තයේ ශීත කාලය තිබියදීත් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින්

  • ජූලි 3 සිට 11 දක්වා ස්කොට්ලන්තයේ දී පැවැත්වීමට නියමිතව තිබෙන ICC පිරිමි ලෝක කුසලාන (League 2) අභියෝගතා තරගාවලිය 
  • අගෝස්තු 3 සිට 13 දක්වා උගන්ඩාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙන ICC පිරිමි ලෝක කුසලාන (League B) තරගාවලිය 
  • අගෝස්තු 18 සිට 24 දක්වා කැනඩාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙන ICC පිරිමි T20 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ඇමරිකානු කලාපීය අවසන් තරග
  • සැප්තැම්බර් 30 සිට ඔක්තෝබර් 10 දක්වා මැලේසියාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙන ICC පිරිමි T20 ලෝක කුසලාන (League A) අභියෝගතා තරගාවලිය 
  • සැප්තැම්බර් මස දී යුරෝපයේ දී පැවැත්වීමට නියමිතව තිබෙන ICC පිරිමි T20 ලෝක කුසලාන කලාපීය අවසන් තරග 
  • සැප්තැම්බර් මාසයේ දී නැමීබියාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙන ICC පිරිමි ලෝක කුසලාන (League 2) තරගාවලිය 
  • දෙසැම්බර් මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතව තිබෙන ICC පිරිමි ලෝක කුසලාන (League 2) තරගාවලිය 
  • ICC පිරිමි T20 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ අප්‍රිකානු කලාපීය අවසන් තරග
  • ICC පිරිමි T20 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ නැගෙනහිර ආසියා-පැසිෆික් කලාපීය අවසන් තරග

මෙන්ම මෙම වසරේ ජූලි මස 3 වැනිදා සිට 19 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙන ICC කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය ද, ඇතිව තිබෙන තත්වය නිසාවෙන් දින නියමයක් නොමැතිව කල් යාමට වැඩි ඉඩක් ඇති බව ද ICCය විසින් අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<