2000 දශකයේ නායකයින්ට කාසියේ වාසිය එපා කරවූ ඉන්දීය නියමුවා

365

ඉන්දියනු ක්‍රිකට් වංශ කතා පොතෙහි එදා මෙදාතුර බිහි වූ සාර්ථකම නායකයින් අතළොස්ස අතුරින් සව්රොව් ගංගුලිගේ නාමය අදටත් ඉහළින්ම කියැවෙන්නේ ඔහු විසින් එරට ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීම වෙනුවෙන් ඉටු කළ අතිමහත් සේවාව නිසාවෙන් බව ඔබ අප කවුරුත් දන්නා කාරණාවකි.

ඉන්දීය පුහුණුකරු වීම ප්‍රතික්ෂේප කළ ක්‍රීඩකයා

එකල ලොව සිටි ප්‍රබලතම කණ්ඩායම් රැසක්  ඉන්දීය කණ්ඩායම ඉදිරියේ අසරණ වූ අවස්ථාවන්හී ගංගුලිගේ නායකත්වය විශේෂයෙන්ම කැපී පෙනුණේ තම ක්‍රීඩකයින් එකට එකතු කොට ගනිමින් ඔවුන් සතු දක්ෂතා කරළියට ගෙන ඒමට ඔහු තුල තිබූ අපූර්ව හැකියාව නිසාවෙනි. 

ආධුනික, ප්‍රවීණ භේදයකින් තොරව තරුණ ක්‍රීඩකයින්ට පවා රිසි සේ තම හැකියා දක්ෂතා ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව නිර්මාණය කර දුන් ඔහු සෑමවිටම ක්‍රීඩකයින්ගේ උපරිමය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා ගැනීමට උපායශීලීව කටයුතු කළේ ඔහු සතු නියම නායකත්ව ගුණාංගයන් විදහා පාමිනි.

වරක් හිටපු ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් වෝ ගංගුලි යනු කුමන ආකාරයේ චරිතයක් දැයි ඇසූ විට පවසා තිබුණේ කලට වේලාවට වැඩ නොකිරීම ගංගලි සතුව තිබූ ඉතාමත් නරක ගතිගුණයක් බවයි. 

කාසිය වාසිය උරගා බලන බොහෝ අවස්ථාවන්හී ප්‍රමාද වී පිටියට පැමිණීම ඔහුට පසුකාලීන අතහැර ගත නොහැකි පුරුද්දක් බවට පත් වූ බව වෝ වැඩිදුරටත් සඳහන්කොට තිබුණි. එම ප්‍රකාශය සියයට සියයක්ම නිවැරදි බව තමන් ද එකහෙළා තහවුරු කර සිටින බව එවකට එංගලන්ත කණ්ඩායම් නියමුවා ලෙස කටයුතු කළ නසාර් හුසේන් මහතා පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කර සිටියේය.

සව්රොව් එහෙම තමයි. ඉන්දියාවට එරෙහිව තරග කරපු හැම වෙලාවකදිම ඔය තත්වයට මුහුණ දෙන්න මට සිද්ධ වුනා. කොටින්ම කිව්වොත් ඔය වැඩේ නිසා මට ඔහුව පෙන්නන්න බැරි වෙලා හිටියේ. සව්රොව් පරක්කු වෙලා එන හැම පාරම මම කියනවා, වෙලාව 10.30යි අපි කාසිය වාසිය අද දානව ද නැද්ද කියලා.”

කෝලිට එරෙහිව බරපතළ චෝදනාවක්!

 දැන් අපි හොඳ මිත්‍රයෝ. මාධ්‍ය ක්ෂේත්‍රයේ දශකයකට ආසන්න කාලයක් අපි දැන් එකට වැඩ කරනවා. මම කලින් හිතන් හිටියට වඩා ඔහු ඇත්තටම ඉතාමත් සොඳුරු, තැන්පත් පුද්ගලයෙක්. ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුනාම විය යුත්තේ ඒකයි. පිටිය මැද්දෙදි ප්‍රතිවාදියා විදියට සලකලා තරග කරනවා වගේම තරගයෙන් පිටත දී ඒ කියන්නේ සාමාන්‍ය ජිවිතයෙදී හොඳ යහළුවෝ වගේ ඉන්න පුළුවන් නම් අන්න ඔහු හෝ ඇය නියම ක්‍රිකට් ක්‍රීඩකයෙක්. හැබැයි කියන්න ඕන අදටත් සව්රොව් මාධ්‍ය කුටීරයට එන්නේ පරක්කු වෙලා. ඒ ගතිගුණේ නම් වෙනස් වෙන්නෙම නැහැ.”

ගංගුලි පිළිබඳ කථා බහෙන් අනතුරුව හුසේන් අදහස් දක්වා සිටියේ ලොව මෙතෙක් බිහිවූ අග්‍රගණ්‍යතම පිතිකරුවා වන සචින් තෙන්ඩුල්කාර්ගේ කඩුල්ල දවා ගැනීම සඳහා ඔවුන් දිවා රෑ නොබලා සැලසුම් සකස් කළ ආකාරය පිළිබඳවයි. සචින්ට එරෙහිව තරග වැදීමේ දී සාමාන්‍ය පිතිකරුවෙකුට එහා ගිය වෙනනම තරග සැලැස්මක් දියත් කළ යුතු බවත්, ඔහුගේ පිතිකරණ ශෛලියෙහි සහ තාක්ෂණයෙහි තිබූ පරිපූර්ණ බව නිසාවෙන් ඔහුව ක්‍රීඩාගාරය වෙත නැවත හරවා යැවීම ඉතාමත් අපහසු කර්තව්‍යයක් වූ බවත් නසාර් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ඔහුගේ (තෙන්ඩුල්කාර්) පිතිකරණ ශෛලිය ගැන නම් කතා කරල වැඩක් නැහැ. අතිවිශිෂ්ටයි. අපි ඉන්දියාව එක්ක සෙල්ලම් කරනකොට වෙනමම සැලැස්මවල් ගහනවා සචින්ගේ කඩුල්ල දවා ගන්නේ කොහොමද කියලා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<