එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාවට අභියෝග රැසක්

59

අන් වසර වලදී වසන්තයේ ශීත කාලය තිබියදීත් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් සාමාන්‍යයෙන් ඔවුන්ගේ එළිමහන් පුහුණුවීම් වෙත යොමු වීම සුලබ සිදුවීමකි. නමුත් මෙම වසරේ ඒ වෙනුවට ඔවුන් දීර්ඝ තරග විරාමයක් අභියස සිටියි. 

කොරෝනා රෝගීන්ට සුවය ගේන්න ක්‍රිකට් ක්‍රීඩකයෝ එක්වෙයි

ලොව පුරා වසංගතයක් ලෙස පැතිර යන කොරෝනා හෙවත් COVID-19 වයිරසය නිසා ශ්‍රී ලංකාව තුල …

නව කොරෝනා හෙවත් COVID-19 වෛරසයේ බලපෑම කෙතෙක්ද යත් එය කොළ පැහැති තණතීරු මත ලෙදර් පන්දුව පතිත වන ශබ්දය සම්පූර්ණයෙන්ම නවතා ඇත. වසන්තයේ මුල් කාලයේ කටුක ශීත කාලගුණය හමුවේ වුවද නිර්භීතව ලොම් වලින් උණුසුම් වන දැඩි ආධාරකරුවන් ක්‍රීඩාංගණ වලින් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත. 

පසුගිය සතියේ එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය (ECB) නිවේදනය කළේ මැයි 28ට පෙර කිසිඳු වෘත්තීය ක්‍රිකට් තරගයක් ක්‍රීඩා නොකරන බවයි. 

සාම්ප්‍රදායික ප්‍රාන්ත ශූරතාවය දින හතරක පළමු පන්තියේ තරග වලින් සමන්විත වන අතර එය දිගු කලක් තිස්සේ වෙනත් සීමිත ඕවරයන් හෝ එක්දින ආකෘති සමඟ සමපාත විය යුතුය. 

ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායක ස්ටීව් ස්මිත් ඇතුළු ඉහළ පෙළේ විදේශීය තරු රැසක් සමඟින් මෙම වාරයේ දී පන්දු 100 තරගාවලිය මෙම දේශීය තරගාවලිය සමඟින් මිශ්‍ර කිරීමට සැලසුම් කර තිබුනි. 

පිරිමි සහ කාන්තා කණ්ඩායම් සමඟ නව කණ්ඩායම් අටක් සහභාගී වන පන්දු 100 බැගින් වූ තරගාවලියකට නව ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබෙනු ඇතැයි එංගලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් බලාපොරොත්තු වූහ. 

එංගලන්තයේ හිටපු නායක නසාර් හුසේන් යෝජනා කර ඇත්තේ මෙම තරගාවලිය විස්සයි විස්ස තරග වලට වඩා ප්‍රාන්ත තරග වලට ලාභදායී වන බවත්, මෙම කෙටි තරගාවලියට වඩාත් ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වනු ඇති බවත්ය. 

“එංගලන්ත ක්‍රිකට් ආයතනය කළ යුතු එක් දෙයක් නම් මේ සියල්ලෙහිම මූල්‍ය තීරණ වලට ප්‍රමුඛතාවය දීමයි – ටෙස්ට් තරග හා එක්දින තරග සියල්ලටම.” ලෙස ඔහු SKY SPORTS වෙත පැවසීය. 

“සමහර විට පිරිසිදු කරන්නාට මෙම ගිම්හානයේ දී ප්‍රාන්ත ශූරතාවය සමඟ එය ඉවත් කිරීමට සිදුවේවි. මෙම තීරණ ඔවුන්ගේ පාර්ශවකරුවන් සහ ඔවුන්ගේ හවුල්කරුවන් සමඟ එංගලන්ත ක්‍රිකට් ආයතනය සාකච්ඡා කරලා ගත යුතු තීරණ.” 

එංගලන්ත පළමු පෙළ ශූරතාවය දින පහක ටෙස්ට් ආකෘතිය සඳහා සුදුසු වන නමුත් බොහෝ විට ක්‍රීඩා කරනුයේ විරල ජනකායක් ඉදිරියේය. එංගලන්ත එක්දින ක්‍රිකට් වලින් ලැබෙන ආදායම, ජාත්‍යන්තර තරග වලින් විකාශනය සහ වාණිජමය ආදායම පළමු පන්තියේ ප්‍රාන්ත 18ක් නොනවත්වා තබා ගැනීමට උපකාරී වේ. 

දකුණු අප්‍රිකානු ගිවිසුම්ගත ක්‍රීඩක ලැයිස්තුවට අලුත් අයෙක්

2020/21 තරග වාරය සඳහා ජාතික කොන්ත්‍රාත්තු පිරිනැමීමට නියමිත පිරිමි සහ කාන්තා සඳහා…

කෙටි තරගාවලිය  

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් තරග තුන, විස්සයි විස්ස තරගාවලිය සහ ඉන්දියාවට එරෙහි එංගලන්ත කාන්තා කාලසටහන ඇතුළුව ජුනි මාසයේ ක්‍රිකට් සඳහා එංගලන්ත ක්‍රිකට් ආයතනය විකල්පයන් කෙරෙහි අවධානය යොමු කර ඇත.

පාකිස්තානය ද පසුව එංගලන්ත ග්‍රීෂ්ම සෘතුවේ දී ටෙස්ට් තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිත අතර සීමිත ඕවර තරග කිහිපයක් සඳහා ඕස්ට්‍රේලියාව සහභාගී වීමට නියමිතය. කෙටි කාලයකට ගිම්හානයට විසඳුමක් ලබා ගැනීම සඳහා එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් ජුනි, ජූලි හෝ අගෝස්තු මාස වලදී පළමු පෙළ තරගාවලිය ආරම්භ කිරීම සඳහා විකල්ප තරගාවලියක් ආකෘති ගත කිරීමට තීරණය කර ඇත.

“ක්‍රීඩාවේ අපගේ හවුල්කරුවන් සමඟ අපි ක්‍රිකට් තරගාවලිය සඳහා අවස්ථා ගණනාවකට මුහුණ දෙන්න සූදානමින් දිගටම සැලසුම් කරනවා.” එංගලන්ත ක්‍රිකට් ආයතන ප්‍රකාශකයෙක් AFP වෙත පැවසීය. 

“මේ තරගාවලිය සමඟ අපේක්ෂා කළ හැකි ප්‍රතිඵල පිළිබඳව අපට සහතික වෙන්න බෑ.”  

“මේ විකල්ප වලට ප්‍රේක්ෂකයන් නොමැතිව (closed doors) තරග ක්‍රීඩා කිරීමේ හැකියාව හෝ තරගාවලියේ තවත් අංග කල් දැමීම හෝ අවලංගු කිරීම ඇතුළත් විය හැකියි.”

ඩර්හැම් ප්‍රධාන විධායක ටිම් බොස්ටොක් පැවසුවේ මෙම වාරය මාස දෙකකට පමණක් අඩු කළහොත් පන්දු සියයේ තරගාවලිය ලබන වසරේ දී දියත් කිරීම වඩා හොඳ බවයි. 

“ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තමයි මුලින්ම පැමිණෙන්නේ. ඉන් පසුවයි විස්සයි විස්ස තරගාවලිය සහ පන්දු සියයේ තරගාවලිය එන්නේ. ආදායම තිබෙන්නේ එතැනයි.” යනුවෙන් බොස්ටොක් ටෝක්ස්පෝට් ගුවන්විදුලිය අමතමින් පවසා තිබිනි. මේ සම්බන්ධයෙන් තරගාවලි සංවිධායකයන් සහ එංගලන්ත ක්‍රිකට් ආයතනය අතර සාකච්ඡා පවත්වා ඇත. 

“ටොම් හැරිසන් (එංගලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක) සැබවින්ම ප්‍රායෝගිකයි. මට තේරෙන ආකාරයට අපට මාස දෙකක කාලයක් ලැබුනහොත් මෙම තරගාවලිය දැන් දියත් කිරීමේ තේරුම කුමක් ද? ලබන වසරේ එය නිසි ලෙස දියත් කරන්න අපිට පුළුවන්. මම හිතන්නේ අපි සියල්ලම ඒ තීරණයට එකඟ වේවි.”  

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ ගමන් මඟ හා නව ක්‍රිකට් ආකෘතිය

2019-2023 ජාත්‍යන්තර ක්‍රිකට් තරගවාරයේ එක්දින තරග චක්‍රය හා 2023 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල…

සුපුරුදු ද්වී කාණ්ඩ ආකෘතිය අතහැර දමමින් පළමු පන්තියේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමේ ක්‍රමයක් එසෙක්ස් කණ්ඩායම විසින් යෝජනා කර ඇත. එයට අසල්වැසි කණ්ඩායම් අතර කලාපීය ක්‍රීඩා තරග පැවැත්වීමට ඔවුන් යෝජනා කර ඇත. 

“නරඹන්නන් සහ සාමාජිකයන් එයට කැමති වේවි. එංගලන්තයේ ටෙස්ට් තරගාවලියට ඉතා දැඩි කාලසටහනකට යටත් වෙලා තියෙන්නේ. ඒකට සහාය වීමට අපට දින හතරක ක්‍රිකට් ක්‍රීඩාවක් මේ ක්‍රමයෙන් ලබා දේවි.” යනුවෙන් එසෙක්ස් ප්‍රධාන විධායක ඩෙරෙක් බොව්ඩන් SKY SPORTS වෙත පැවසීය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<