‘Mankad’ වෙන්න එපා, කඩුල්ලෙම ඉන්න

106

රවිචන්ද්‍රන් අශ්වින් එංගලන්තයේ ජොස් බට්ලර් සමඟ ඔහුගේ ‘Mankad’ දවා ගැනීම මතක් කරමින් ඉන්දීය ජනතාවට තම නිවෙස් වල සිටින ලෙස දන්වා තිබිණි. 

ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් බිලියන 1.3ක ඉන්දීය ජනතාවගෙන් ඉල්ලා සිටියේ නව කොරෝනා වයිරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා රජය විසින් පනවා ඇති නීතිවලට අනුගත වන ලෙසයි. 

මර බිය මැද්දේ රූට්ගේ කැපවීම

පුහුණුවීම් කරන්නට පුහුණු දැල් කිසිවක් යොදාගත හැකි නොවුනත්, යලිත් කවදා ක්‍රිකට් …….

හරියටම මීට වසරකට පෙර ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රවිචන්ද්‍රන් අශ්වින් විසින් බට්ලර්ව දවා ගැනීම පිළිබඳ පින්තූරයක් Twitter ඔස්සේ ප්‍රසිද්ධ කරමින් සියලු ජනතාවගෙන් මෙම ඉල්ලීම කර තිබිණි. 

“හාහාහා, කවුරුහරි මට මෙය එවා මට කිව්වා හරියටම මේ වසරක් ගතවී ඇති බව, “ අශ්වින් සිය twitter ඔස්සේ පවසා ඇත. ඔහුගේ twitter නාමය “ගෘහස්ථව සිටිමු ඉන්දියාව” ලෙස ද වෙනස් කර ඇත.

“ජාතිය lockdown වෙත යන අවස්ථාවක මේ පින්තූරය මගේ පුරවැසියන්ට හොඳ මතක් කිරීමක් වේවි. අනවශ්‍ය ලෙස පිටතට නොයන්න. නිවෙස් ඇතුළත රැඳී සිටින්න, ආරක්ෂිතව සිටින්න!” 

හිටපු ඉන්දීය ක්‍රීඩක විනෝ මැන්කාඩ්ගේ නමින් නම් කර ඇති මෙම දවා ගැනීමේ ක්‍රමය මුළුමනින්ම නීත්‍යානුකූල නමුත් පිතිකරුවාට අවවාද කර නොමැති අවස්ථාවක බොහෝ දෙනා එය දකින්නේ ක්‍රීඩාවේ සාරධර්මවලට පටහැනිව ය.

COVID-19 ආසාධිතයන් සංඛ්‍යාව තියුණු ලෙස ඉහළ යාම නිසා ඉන්දියාව පසුගිය අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ දී දින 21ක “සම්පූර්ණ වසා දැමීමකට” ගියේ එම නීති නොපිළිපැදීමෙන් වසර දෙකක සිර දඬුවමක් හා දඩයක් නියම කිරීමට ද තීරණය කරමිනි. 

ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙම වසංගත තත්ත්වය නිසා කල්දැමුනු තරගාවලි ලැයිස්තුවට එක්වූ අතර ටෝකියෝ ඔලිම්පික් උළෙල ද වසරකින් කල්දැමීමට පසුගිය දා ජපාන රජය හා ඔලිම්පික් කමිටුව තීරණය කළේය. මෙම තරගාවලි ඇතුළු ලොව පුරා ක්‍රීඩා ඉසව් රැසක් මෙම තත්ත්වයන් හමුවේ අවලංගු විය. 

නිවසේ රැඳී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි එකම ක්‍රිකට් ක්‍රීඩකයා අශ්වින් පමණක් නොවන අතර, ඉන්දීය නායක විරාත් කෝලි සහ ඔහුගේ බොලිවුඩ් නිළි බිරිඳ අනුෂ්කා ෂර්මා මෙම නීති අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

“මේවා පරීක්ෂණ වේලාවන් වන අතර මෙම තත්වයේ බරපතලකම පිළිබඳව අප දැනුවත් විය යුතුයි” යනුවෙන් කෝලි ට්විටර් හි වීඩියෝ පණිවිඩයක් සමඟින් පලකර තිබිණි. 

“කරුණාකර අප සියලු දෙනා අපට පවසා ඇති දේ අනුගමනය කර එක්සත් වන්න. එය ඔබ සැමට කරන ආයාචනයක්” 

ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ද මේ සම්බන්ධයෙන් මෙසේ පැවසීය: 

“මෙම සරල කාර්යය මඟින් (ගෘහස්ථව සිටීම) මිලියන ගණනකගේ ජීවිත බේරා ගත හැකියි”

මේ අතර ඉන්දියාවේ ආරම්භක ශිකර් ධවාන් තම බිරිඳට සහය වෙමින් ඇඳුම් සේදීම සහ වැසිකිළි ආසනය පිරිසිදු කිරීම වැනි ගෙදර දොරේ වැඩ කටයුතු කරන බවට පවසා තිබිණි. 

“නිවසේ සිටීමෙන් සතියකට පසු ජීවිතය. යථාර්ථය තදින්ම දැනේ” යනුවෙන් ඔහු පවසා තිබිණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<