කොරෝනා නිසා කැලඹුණ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය

122

COVID-19 වයිරසය ලොව පුරා වසංගතයක් ලෙස පැතිර යාමත් සමඟින් රටවල් බොහෝ ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වසා දැමුණු අතර ප්‍රධාන පෙළේ ක්‍රීඩා තරගාවලි රැසක් අවලංගු කිරීමට ද සිදු විය.  

ලෝකය මෙලෙස අගුළු දමා ඇති හෙයින් සියලු ගෝලීය ක්‍රීඩා සංවිධාන මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ද මේ වසරේ දී ඔවුන්ගේ ඉසව් සඳහා හදිසි සැලසුම් සකස් කිරීමට තීරණය කර ඇත. විස්සයි විස්ස ලෝක කුසලානය මේ වසරේ අගභාගයේ දී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට සැලසුම් කර තිබිණි. 

තාවකාලික සමුගැනීම ගැන මැක්ස්වෙල් කතා කරයි

ග්ලෙන් මැක්ස්වෙල් 2019 වසරේ මැද භාගයේ දී ඔහුගේ මානසික මනෝභාවය පිළිබඳව ………….

දැනට පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලිය (WTC) සහ එළඹෙන මැයි මාසයේ සිට ආරම්භ වීමට නියමිතව තිබූ 2023 එක්දින ලෝක කුසලානය සඳහා කණ්ඩායම්වලට සුදුසුකම් ලැබීමේ මාවත වන නව එක්දින ලීග් තරගාවලිය පිළිබඳව ද මේ අනුව ගැටලු මතුවී ඇත. 

ESPN CRICINFO වෙබ් අඩවිය වාර්තා කළ ආකාරයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය දැනටමත් මේ සම්බන්ධයෙන් මුලින් සැලසුම් කළ අතිරේක සැලසුම් පිළිබඳව අවධානය යොමුකර ඇත. නමුත් වසංගතය තවමත් සක්‍රීය තත්වයක පවතින බැවින් එම සැලසුම් තවමත් ස්ථිර කර නොමැත. ඒ අනුව සලකා බලනු ලබන විකල්ප කිහිපයක් පහත පරිදි වේ.

2020 විස්සයි විස්ස ලෝක කුසලානය අවලංගු වේ ද?

මේ වන විට, පවතින තත්ත්ව යටතේ නරකම අවස්ථාව කුමක් වේ දැයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සලකා බලන්නේ නැත. නමුත් මේ වසරේ තරගාවලිය පැවැත්විය නොහැකි අවස්ථාවක දී, වඩාත් ශක්‍ය විකල්පයක් වනුයේ එය ලබන වසර දක්වා තල්ලු කිරීමයි. එනම් 2021 ඔක්තෝබර් මාසයේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස  ලෝක කුසලානයේ 2021 සංස්කරණය 2022 දක්වා කල් දැමීමයි.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක කෙවින් රොබට්ස් විස්සයි විස්ස තරගාවලිය සැලසුම් කළ පරිදි ඔක්තෝබර්-නොවැම්බර් මාසවල දී ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීම ගැන සුබවාදීව කතා කළ නමුත් එය එසේ නොවුවහොත් සංවිධායකයින්ට මුහුණ දිය හැකි ලොකුම අභියෝගය වනුයේ පවතින කාර්‍යබහුල කාලසටහන අනුව තරගාවලිය පසුව ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට දින නොමැති වීම බව ද සඳහන් කළේය.

නිවාඩු නැතුව IPL වලට ලෑස්ති වෙන ස්ටෝක්ස්

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් පවසන්නේ ලබන මාසයේ පැවැත්වෙන …………..

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අවසන් වූ වහාම ඕස්ට්‍රේලියාව ඇෆ්ගනිස්ථානයට නොවැම්බර් මස අග දී එක්දින ටෙස්ට් තරගයක් සඳහා සත්කාරකත්වය ලබා දීමට නියමිත අතර ඉන් අනතුරුව ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරග හතරක් හා එක්දින තරග තුනකින් යුත් තරගාවලියක් සඳහා එක්වීමට නියමිතය. එම තරගාවලිය 2021 ජනවාරි දක්වා පැවැත්වේ. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ගත හැකි තවත් විකල්පයක් වන්නේ දැනට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ගෝලීය තරගාවලියක් නොමැති 2022 වසරේ පරතරය භාවිතා කිරීමයි.  

එහෙත් එම විකල්පය සඳහා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන දෙක සඳහා සත්කාරකත්වය දරන ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය සහ ඉන්දීය ක්‍රිකට් ආයතනය සමඟින් සාකච්ඡා කළ යුතුය. එම සැලසුම් සඳහා අනාගතයේ පැවැත්වෙන විශාල සංචාරක තරගාවලි සියල්ල සලකා බැලිය යුතුය. 

ලෝක ටෙස්ට් ශූරතාවයට කුමක් සිදු වේ ද?

ලෝක ටෙස්ට් ශූරතාවලියේ මේ දක්වා පැවති තරගවල ලකුණු සටහනේ ඉන්දියාව පළමු ස්ථානයට පත්ව ඇති නමුත් නවසීලන්තයේ 2-0ක් ලෙස ඉන්දියාව පරාජය වීම නිසා තරගාවලිය පුළුල් ලෙස විවෘත වී තිබේ. නමුත් මේ වන විට ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසක් ලෙස පැවැත්වීමට සැලසුම් කළ බොහෝ තරගාවලි කල් දමා ඇත. 

මෙම තරගාවලියේ පළමු චක්‍රය ලබන මාර්තු මාසයෙන් අවසන් වීමට නියමිත අතර අවසාන තරගය ජුනි මාසයේ ලෝඩ්ස් හිදී පැවැත්වීමට නියමිතය. නමුත් තරගාවලියේ කණ්ඩායම් නවයටම (හය බැගින්) ක්‍රීඩා කිරීමට නියමිත සියලුම තරගමාලාවලට ඉඩ සැලසීමට ප්‍රමාණවත් කාලයක් නොමැති නම් කුමක් සිදු වේ ද?

දැනට ලෝක ටෙස්ට් තරගාවලියේ ලකුණු සටහන අනුව ඉහළම කණ්ඩායම් දෙක ක්‍රිකට් නැවත ආරම්භ වන විට අවසන් තරගයට ක්‍රීඩා කරයි ද? නැතහොත් සමානාත්මතාව යථා තත්වයට පත් කිරීම සඳහා ලෝක ටෙස්ට් ශූරතා ආකෘතිය නැවත සකස් කළ යුතු ද?  ලෝක ටෙස්ට් ශූරතාව යටතේ කණ්ඩායම් කිහිපයක් මේ දක්වා එක් තරගාවලියක් පමණක් ක්‍රීඩා කර ඇති බැවින් එය පහසු නොවනු ඇත.

එසේ නැත්නම් තරගාවලියේ අවසන් තරගයට පැමිණීම සඳහා සමාන අවස්ථාවක් ලබා ගැනීමට සියලුම කණ්ඩායම්වලට සමාන තරගාවලි සංඛ්‍යාවක් ක්‍රීඩා කිරීමට ඉඩ දීම සඳහා ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය කල් දැමිය යුතු ද?  

කෙසේ වෙතත් එලෙස සිදු වුවහොත් 2021-23 දක්වා පැවැත්වීමට අදහස් කළ ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවන සංස්කරණය සඳහා එය බලපෑමක් කරයි. බොහෝ දුරට ඉඩ ඇති පරිදි 2023 වන තෙක් ක්‍රියාත්මක වන වර්තමාන තරගාවලිය සම්පූර්ණයෙන් නැවත ඇගයීමට ලක් කඝ යුතුය.

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ ගමන් මඟ හා නව ක්‍රිකට් ආකෘතිය

2019-2023 ජාත්‍යන්තර ක්‍රිකට් තරගවාරයේ එක්දින තරග චක්‍රය හා 2023 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල…………

ක්‍රිකට් ලෝක කුසලාන සුපිරි ලීගයට කුමක් වේවි ද? 

2023 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ මාවත ලෙස හඳුන්වා දුන් එක්දින සුපර් ලීග් තරගාවලිය මේ වසරේ මැයි 1 සිට 2022 මාර්තු 31 දක්වා පැවැත්වීමට නියමිතය. එම තරගාවලිය සඳහා ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 12ක් ද, නෙදර්ලන්තය ද ඇතුළුව කණ්ඩායම් 13ක් සිටින අතර, ඔවුන් වසර දෙකක චක්‍රයක් තුළ අන්‍යෝන්‍ය වශයෙන් සංවිධානය කළ සත්කාරක හා සංචාරක තරගාවලි අටක් ක්‍රීඩා කරනු ඇත. 

එක්දින ක්‍රිකට් ක්‍රීඩාවට නව සන්දර්භයක් එක් කිරීම සඳහා මෙම සුපර් ලීගය සකස් කරන ලදි. එය මුළුමනින්ම කල් දැමිය යුතු ද, නැතහොත් ක්‍රිකට් නැවත ආරම්භ වන විට තරගාවලි ගණන අඩු කර පැවැත්විය යුතු ද යන්න පරිපාලකයින් තීරණය කළ යුතුය.

කෙසේ වෙතත් බැහැර කළ නොහැකි වඩාත්ම දරුණු පියවර වන්නේ සුපිරි ලීගය ඉවත් කිරීමයි. එවැනි තත්වයක් තුළ 2023 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ ක්‍රියාවලිය නැවත සකස් කිරීම අවශ්‍ය වේ.

මෙම කාරණා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරන්නේ කවදා ද?

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම තීරණ ගැනීම සඳහා අවසන් දිනයක් තවමත් සැලසුම් කර නොමැත. ප්‍රධාන විධායක කමිටුව සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහභාගි වන කාර්තු රැස්වීම එළඹෙන මැයි මස 8 වැනිදා සිට 10 වැනිදා දක්වා ඩුබායි හිදී පැවැත්වීමට නියමිතය. ඒ රජයේ රෙගුලාසි මත පදනම්වය. එම රැස්වීම සඳහා වන න්‍යාය පත්‍රයට මෙම ගැටලු සියල්ල එක් කර ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<