නිවාඩු නැතුව IPL වලට ලෑස්ති වෙන ස්ටෝක්ස්

82

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් පවසන්නේ ලබන මාසයේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට තමන් දැන් සිටම තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවක් සඳහා සූදානම් වන බවයි.

ලෝකය පුරා වසංගතයක් ලෙස ව්‍යාප්ත වන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දියාව අඟහරුවාදා සති තුනක “සම්පූර්ණ අඟුලු දැමීමකට” පැනවීමට තීරණය කළේය. මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආරම්භය අප්‍රේල් 15 වැනිදා දක්වා කල්දමා ඇති නමුත් එය අවලංගු කිරීමට තවමත් තීරණය කර නොමැත. 

‘Mankad’ වෙන්න එපා, කඩුල්ලෙම ඉන්න

රවිචන්ද්‍රන් අශ්වින් එංගලන්තයේ ජොස් බට්ලර් සමඟ ඔහුගේ ‘Mankad’ දවා ගැනීම මතක් ……..

“මේ මොහොතේ මගේ ඊළඟ තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වේවි” ස්ටොක්ස් බීබීසී රේඩියෝ 5 වෙත සජීවීව සම්බන්ධ වෙමින් පැවසීය.

“මම ක්‍රීඩා කරන බව මට නිතරම මගේ ඔලුවේ තියෙන්නෙ ඕන. මගේ මනසෙහි මම ක්‍රීඩා කරන්නේ නෑ කියලා දැනගෙන හිටියත් මම නිතරම සූදානමින් ඉන්න ඕන. මට මගේ ක්‍රීඩාව ගොඩනඟා ගත යුතුයි. ශාරීරිකවත් මම සූදානමින් ඉන්න ඕන. එහෙම හිටියොත් මට හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන් වේවි.” 

“මට සති තුනක් නිවාඩු ලබා ගන්න බෑ. මම හිතනවා සිරුර අප්‍රේල් 20 වැනි දිනට සුදානම් වේවි කියලා. එය මට කරන්න හැකියි. එසේ වුවහොත් මට තරගාවලියේ පිටුපසින් සිටීමට වෙන්නේ නෑ.” 

28 හැවිරිදි ස්ටොක්ස් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගි වන එංගලන්ත ක්‍රීඩකයින් 13 දෙනාගෙන් ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයෙකි. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මීට පෙර මාර්තු 29 ආරම්භ වීමට නියමිතව තිබිණි. 

පසුගිය සතියේ එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතනය  නිවේදනය කළේ අවම වශයෙන් මැයි අවසානය දක්වා එංගලන්ත ප්‍රාන්ත සමය ආරම්භ නොවන බවයි.

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාවට අභියෝග රැසක්

අන් වසර වලදී වසන්තයේ ශීත කාලය තිබියදීත් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් සාමාන්‍යයෙන් ඔවුන්ගේ ……….

අන් වසර වලදී වසන්තයේ ශීත කාලය තිබියදීත් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් සාමාන්‍යයෙන් ඔවුන්ගේ එළිමහන් පුහුණුවීම් වෙත යොමු වීම සුලබ සිදුවීමකි. නමුත් මෙම වසරේ ඒ වෙනුවට ඔවුන් දීර්ඝ තරග විරාමයක් අභියස සිටියි. ලොව පුරා වසංගතයක් ලෙස පැතිර යන කොරෝනා හෙවත් COVID-19 වයිරසය නිසා ශ්‍රී ලංකාව තුල …

සති දෙකකට පෙර එංගලන්තයේ ශ්‍රී ලංකාවේ සංචාරය අත්හිටුවීමෙන් පසුව ස්ටොක්ස් හා අනෙකුත් එංගලන්ත ක්‍රීඩකයන්. පුහුණුවීම්වලින් තොරව නිවසේ අඛණ්ඩ කාලයක් ගත කරයි.

ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය මාර්තු 19 වැනි දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වෛරසය ලොව පුරා වසංගතයක් ලෙස පැතිර යාම ආරම්භ වීමත් සමඟින් එම තරගාවලිය අවලංගු කිරීමට සිදු විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<