ලෝක කුසලාන තරගාවලියේ සැමරුම්

ICC World Cup 2023

495

රටවල් 10ක් අතර ඩොලර් මිලියන 10ක ත්‍යාග මුදලක් සංසරණය වන 13 වැනි එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය හෙට (05) ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිතයි.  

තරගාවලියට එක් වන එක් එක් රටවල ජාත්‍යන්තර එක්දින තරග වාර්තාවන් සහ පෙර නිමා වූ ලෝක කුසලාන තරග වාර්තාවන් සේ ම ලෝක කුසලානයේ විවිධ සැමරුම් කෙරෙහි තැබෙන සටහනක් මේ.  

ඇෆ්ගනිස්තානය 

2015 වසරේ දී පළමු වරට ලෝක කුසලාන තරගාවලියක් සඳහා එක් වෙන ඇෆ්ගනිස්තානය මෙවර ලෝක කුසලාන තරගාවලියක් සඳහා එක් වෙන්නේ තෙවැනි වරටයි.  

පෙර සහභාගී වූ අවස්ථා 2 දී ම ඔවුන්ට සිදු වෙන්නේ පළමු වටයෙන් ම තරගාවලියෙන් ඉවත් වීමටයි. ලෝක එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී 9 වැනි ස්ථානයේ රැඳී සිටින ඔවුන් මෙවර තරමක් ආන්දෝලනාත්මක කණ්ඩායමක් ලෙසයි ලෝක කුසලාන පිටියට එක් වෙන්නේ. 

  • නායකයා; Hashmatullah Shahidi 
  • කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා; Rahmat Shah ( දකුණත් පිතිකරු – 3269) 
  • කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා; Rashid Khan (පා දඟපන්දු යවන්නා – 172)  

 

  Span  Mat  Won  Lost  Tied  NR  % Win  
ODI  2009 – 2023  152  73  74  1  4  48.02% 
World Cup  2015 – 2019  15  1  14  0  0  6.66% 

 

ඕස්ට්‍රේලියාව 

1987, 1999, 2003, 2007 සහ 2015 වසරවල ජයග්‍රහණ දිනා ගන්නා ඕස්ට්‍රේලියාව මෙවර තරගාවලිය හා එක් වෙන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම් හී තෙවැනි අසුන වෙන්කර ගනිමිනුයි.  

ඔවුන් ඊට අමතරව 1975 සහ 1996 වසර ද්විත්වයේ අනුශූරයන් බවට ද පත්වන අතර 2011 වසරේ දී අර්ධ අවසන් පූර්ව වටය දක්වාත් සහ නිමා වූ ආසන්නත ම වසරේ අවසන් පූර්ව වටය දක්වාත් පැමිණිමට සමත් වෙනවා.  

මෙම වාර්තාවන්ට අමතරව ඔවුන් මෙවර තරගාවලියට එක් වෙන්නේ ලෝක කුසලාන තරගවල වැඩිම තරග ප්‍රමාණයකට සහභාගී වූ සහ වැඩිම තරග ප්‍රමාණයක් ජයග්‍රහණය කළ රට ලෙසිනුයි.  

එමෙන් ම ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කරන ලද වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තාව ද සතු වෙන්නේ ඕස්ට්‍රේලියාවට. ඒ ඔවුන් 2015 වසරේ දී ඇෆ්ගනිස්තානයට එරෙහිව කඩුලු 6ක් දැවී වාර්තා කරන ලද ලකුණු 417යි.  

  • නායකයා; Pat Cummins
  • කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා; David Warner (වමත් ආරම්භක පිතිකරු – 6397)
  • කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා; Mitchell Starc (වමත් වේගපන්දු යවන්නා – 220)
  Span  Mat  Won  Lost  Tied  NR  % Win 
ODI  1971 – 2023  986  597  346  9  34  60.54% 
World Cup  1975 – 2019  94  69   23  1  1  74.73 

 

බංග්ලාදේශය  

ලෝක එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී 8 වැනි ස්ථානය හිමි බංග්ලාදේශය මෙවර තරගාවලිය හා එක්වෙන්නේ 7 වැනි වරටයි. මෙතෙක් සහභාගී වූ තරගමාලා අතරින් ඔවුන් ලැබූ ඉහළ ම ජයග්‍රහණය වන්නේ 2015 වසරේ දී අර්ධ අවසන් පූර්ව වටය දක්වා පිවිසීමයි.  

  • නායකයා; Shakib Al Hasan
  • කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා; Mushfiqur Rahim (දකුණත් පිතිකරු – 7406)
  • කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා; Shakib Al Hasan (වමත් පා දඟපන්දු යවන්නා – 308) 
  Span  Mat  Won  Lost  Tied  NR  % Win 
ODI  1986 – 2023  423  154  259  0  10  36.40% 
World Cup  1999 – 2019  40  14  25  0  1  35.00% 

 

එංගලන්තය  

ලෝක කුසලාන තරගමාලාවන් හී මංගල සත්කාරකයන් වන එංගලන්තය මෙවර තරගාවලිය හා එක් වෙන්නේ ආසන්නත ම තරගාවලියේ ශූරයන් ලෙසිනුයි.  

ඊට පෙර ඔවුන් 1979, 1987 සහ 1992 වසරවල අනුශූරයන් බවටත් සහ 1975 සහ 1983 වසරවල අවසන් පූර්ව වටය දක්වා පැමිණිමටත් සමත් වෙනවා.  

ලෝක එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී ඔවුන් මේ වන විට රැඳී සිටින්නේ 5 වැනි ස්ථානයේයි.  

  • නායකයා; Jos Buttler
  • කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා; Joe Root (දකුණත් පිතිකරු – 6246)
  • කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා; Adil Rashid (පා දඟපන්දු යවන්නා – 184)
  Span  Mat  Won  Lost  Tied  NR  % Win 
ODI  1971 – 2023  785  396  349  9  31  50.44% 
World Cup  1975 – 2019  83  48  32  2  1  57.83 

 

ඉන්දියාව  

ලෝක එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී පළමු ස්ථානයේ රැඳී සිටින ඉන්දියාව මෙවර තරගාවලිය හා එක් වෙන්නේ ආසන්නත ම තරගාවලි ද්විත්වය වූ 2015 සහ 2019 වසරවල අවසන් පූර්ව වටය දක්වා පිවිසෙමින් අවසන් මහා තරග අහිමිකර ගත් කණ්ඩායම් ලෙසයි.   

ඔවුන් ඊට පෙර 1983 සහ 2011 වසරවල ලෝක ශූරයන් වූ අතර 1987 සහ 1996 වසරවල ද අවසන් පූර්ව වටය දක්වා පිවිසීමට සමත් වෙනවා.  ඊට අමතරව ඔවුන් 2003 වසරේ දී අනුශූරයන් බවට ද පත් තිබෙනවා.  

  • නායකයා; Rohit Sharma
  • කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා; Virat Kohli (දකුණත් පිතිකරු – 13083)
  • කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා; Ravindra Jadeja (වමත් පා දඟපන්දු යවන්නා – 204)
  Span  Mat  Won  Lost  Tied  NR  % Win 
ODI  1974 – 2023  1041  547  441  9  44  52.54% 
World Cup  1975 – 2019  84  53  29  1  1  63.09% 

 

නෙදර්ලන්තය 

1996, 2003, 2007 සහ 2011 වසරවල ද ලෝක කුසලාන තරගමාලාවන් සමඟ එක් වූ නෙදර්ලන්තය මෙවර මෙම තරගමාලාව හා එක් වෙන්නේ 5 වැනි වරටයි. පෙර පැවති සෑම තරගාවලියක දී ම ඔවුන්ගේ ගමන පළමු වටයෙන් ම අවසන් වුනා. 

ඔවුන් මෙවර තරගාවලිය හා එක් වෙන්නේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී අනුශූරයන් බවට පත් වෙමිනුයි. කෙසේ වෙතත් ඔවුන්ට ලෝක එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ හිමි ව ඇති ස්ථානය වන්නේ 14 වැන්නයි.  

  • නායකයා; Scott Edwards
  • කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා; Scott Edwards (දකුණත් පිතිකරු – 1212)
  • කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා; Logan van Beek (දකුණත් වේගපන්දු යවන්නා – 34)
  Span  Mat  Won  Lost  Tied  NR  % Win 
ODI  1996 -2023  114  39  69  1  4  34.21% 
World Cup  1996 – 2011  20  2  18  0  0  10.00% 

 

නවසීලන්තය 

ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ වැඩිම වාර ගණනක දී අවසන් මහා තරගය ආසන්නයට ම පැමිණි කණ්ඩායම ලෙසයි නවසීලන්තය මෙවර තරගාවලියට එක් වෙන්නේ.  

ඔවුන් නිමා වූ ආසන්නත ම තරගමාලා ද්විත්වය වූ 2015 සහ 2019 වසරවල අනුශූරයන් බවට පත් වෙන අතර 1975, 1979, 1992, 1999, 2007 සහ 2015 වසර 6 තරගමාලාවන් හි දී අවසන් පූර්ව වටය දක්වා පැමිණිමට සමත් වෙනවා.  

නමුත් ඔවුන්ට මේ දක්වා එක්දින ලෝක කුසලානයකට හිමිකම් කීමට නොහැකි වී ඇති අතර මේ වන විට ලෝක එක්දින ශ්‍රේණිගත කිරීම් හී 6 වැනි ස්ථානයේ අසුන් ගෙන සිටිනවා.  

  • නායකයා; Kane Williamson
  • කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා; Kane Williamson (දකුණත් පිතිකරු – 6554) 
  • කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා; Tim Southee (දකුණත් වේගපන්දු යවන්නා – 214)
  Span  Mat  Won  Lost  Tied  NR  % Win 
ODI  1973 – 2023  811  372  389  7  43  45.86% 
World Cup  1975 – 2019  89  54  33  1  1  60.67 

 

පාකිස්තානය 

1992 වසරේ ලෝක ශූරයන් වූ පාකිස්තානය මෙවර තරගාවලිය හා එක් වෙන්නේ ලෝක එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී දෙවැනි ස්ථානයේ රැඳී සිටිමින්. 

ඔවුන් මීට පෙර 1999 වසරේ දී අනුශූරතාවත් සහ 1979, 1983, 1987 සහ 2011 වසරවල අවසන් පූර්ව වටය දක්වාත් සහ 1996 සහ 2015 තරගමාලා ද්විත්වයේ දී අර්ධ අවසන් පූර්ව වටය දක්වාත් පැමිණිමට සමත් වෙනවා.  

  • නායකයා; Babar Azam 
  • කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා; Babar Azam (දකුණත් පිතිකරු – 5409)
  • කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා; Shaheen Shah Afridi (වමත් වේගපන්දු යවන්නා – 86)
  Span  Mat  Won  Lost  Tied  NR  % Win 
ODI  1973 – 2023  961  508  423  8  21  52.86% 
World Cup  1975 – 2019  79  45  32  0  2  59.69% 

 

දකුණු අප්‍රිකාව 

ලෝක කුසලාන තරගමාලාවන් හා සමඟින් 9 වැනි වරට එකතු වෙන දකුණු අප්‍රිකානුවෝ මෙවර තරගාවලිය හා එක් වෙන්නේ ලෝක එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී 4 වැනි අසුන වෙන්කර ගනිමිනුයි.  

ඔවුන් මෙතෙක් සහභාගී වූ ලෝක කුසලාන තරගමාලාවන්වල දී 1992, 1999, 2007 සහ 2015 වසරවල තරගමාලාවන් හි දී අවසන් පූර්ව වටය දක්වාත් සහ 1996 දී සහ 2011 වසර ද්විත්වයේ තරගමාලාවන් හි දී අර්ධ අවසන් පූර්ව වටය දක්වාත් පැමිණීමට සමත් වූ කණ්ඩායමක්.  

  • නායකයා; Temba Bavuma
  • කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා; Quinton de Kock (වමත් පිතිකරු – 6176)
  • කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා; Kagiso Rabada (දකුණත් වේගපන්දු යවන්නා – 144)

 

  Span  Mat  Won  Lost  Tied  NR  % Win 
ODI  1991 – 2023  659  402  230  6  21  61.00% 
World Cup  1992 – 2019  64  38  39  2  1  59.37% 

 

ශ්‍රී ලංකාව  

1996 වසරේ ලෝක කුසලානයත් සහ 2007 වසරේ දී සහ 2011 වසරේ තරගමාලාවන් හී අනු ශූරයන් ලෙසත් අභිශේක ලැබූ ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන හා එක් වෙන්නේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ශූරයන් බවට පත් වෙමිනුයි.  

නිමා වූ සෑම ලෝක කුසලාන තරගමාලාවකට සහභාගී වී ඇති ශ්‍රී ලංකාව 2003 වසරේ දී අවසන් පූර්ව වටය දක්වාත් සහ 2015 වසරේ දී අර්ධ අවසන් පූර්ව වටය දක්වාත් ද පැමිණීමට සමත් වෙනවා.  

ඔවුන් මේ වන විට ලෝක එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී රැදි සිටින්නේ 7 වැනි ස්ථානයේයි.  

කෙසේ වෙතත් ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රතිවාදී කණ්ඩායමක් අඩුවෙන් ම දවා ගත් කණ්ඩායම බවට පත් වීමට ශ්‍රී ලංකාව සමත් වීම කැපී පෙනෙනවා. ඔවුන් මෙම දක්ෂතාව සිදු කරන්නේ 2003 වසරේ දී කැනඩා කණ්ඩායම් ලකුණු 36කට දවා ගනිමිනුයි.  

  • නායකයා; දසුන් ශානක 
  • කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා; කුසල් මෙන්ඩිස් (දකුණත් පිතිකරු – 3215)
  • කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා; මහීෂ් තීක්ෂණ (දකුණත් පිට දඟපන්දු යවන්නා – 44)
  Span  Mat  Won  Lost  Tied  NR  % Win 
ODI  1975 -2023  900  413  443  5  39  45.88% 
World Cup  1975 – 2019  80  38  39  1  2  47.50% 

 

ලෝක කුසලාන පෞද්ගලික වාර්තා  

ලෝක කුසලාන තරග මාලාවන් හී මෙතෙක් වැඩිම ලකුණු ලබා ගැනීමේ වාර්තාව සතු වෙන්නේ ඉන්දියාවේ Sachin Tendulkar ලෝක කුසලාන තරග 45ක ඉනිම් 44ක දී ලබා ගෙන සිටින ලකුණු 2278යි.  

මේ වාර්තාවට මෙවර සහභාගී වෙන ක්‍රීඩකයන් අතරින් යම් තරමකට හෝ ළඟා වී සිටින ක්‍රීඩකයා වන්නේ බංග්ලාදේශ නායක Shakib Al Hasan. ඔහු මේ දක්වා ලෝක කුසලාන තරග 29කට සහභාගී වෙමින් ලකුණු 1146ක් ලබා සිටිනවා. එය Tendulkar ලබා ගත් ලකුණුවලට වඩා ලකුණු 1132ක අඩුවකි. Shakib Al Hasanට මෙම ලැයිස්තුවේ හිමි ස්ථානය 9 වැන්නයි.  

මෙම ලැයිස්තුවේ ඊට පසුව රැඳී සිටින්නේ ඉන්දියාවේ Virat Kohli. ඔහු තරග 26ක දී ලකුණු 1030ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ 17 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.  

ලෝක කුසලාන තරගමාලාවන් හී මෙතෙක් වැඩිම කඩුලු දවාගත් ක්‍රීඩකයා ලෙසින් ඉහළින් ම ශ්‍රේණිගතව සිටින්නේ ඕස්ට්‍රේලියාවේ දකුණතින් වේගපන්දු යැවූ Glenn McGrath. ඔහු මෙම ලැයිස්තුවේ ප්‍රමුඛයා වී ඇත්තෙ තරග 39ක දී පන්දුවාර 325.5ක් යවමින් දවා ගත් කඩුලු 71 හේතුවෙන්.  

වර්තමාන පන්දු යවන්නන් අතරින් ඊට ළඟා වී සිටින්නේ ද ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෙක් වීම ද විශේෂයි. ඒ වමතින් වේගපන්දු යවන Mitchell Starc. ඔහු මෙම ලැයිස්තුව හා එක් වෙන්නේ තරග 18ක පන්දුවාර 156.1ක් යවමින් කඩුලු 49ක් ලබා ගනිමිනුයි. ඔහුට McGrath පසු කරමින් මෙම ලැයිස්තුවේ පළමු අසුනේ සම ව අසුන් ගැනීමට නම් තවත් කඩුලු 22ක් අවශ්‍ය වෙනවා.  

ලෝක කුසලාන ඉතිහාසයේ තවත් උණුසුම් තරග වාර්තා රාශියක් අතරින් කිහිපයක්…  

  • ඉනිමක වැඩිම ලකුණු 

237* – නවසීලන්තයේ Martin Guptil බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 2015 වසරේ දී. 

  • කඩුල්ලක හොඳම ලකුණු සබඳතාව 

372 – බටහිර ඉන්දීය කොදෙව් රාජ්‍යයේ Chris Gayle සහ Marlon Samuels සිම්බාබ්වේට එරෙහිව දෙවැනි කඩුල්ලට 2015 වසරේ දී. 

  • එක් තරගාවලියක දී වැඩිම ලකුණු 

673 –  ඉන්දියාවේ Sachin Tendulkar, 2003 වසරේ දී.  

  • වැඩිම ශතක 

6 – ඉන්දියාවේ Sachin Tendulkar 1992 සිට 2011 දක්වා සහ ඉන්දියාවේ Rohit Sharma 2015 සිට 2019 දක්වා.  

  • එක් තරගාවලියක දී වැඩිම ශතක

5 – ඉන්දියාවේ Rohit Sharma 2019 වසරේ දී.  

  • ඉනිමක හොඳම පන්දු යැවීම 

7/15 – ඕස්ට්‍රේලියාවේ Glenn McGrath, නැමීබියාවට එරෙහිව 2003 වසරේ දී.  

  • කඩුලු රකින්නන් අතරින් වැඩිම දවා ගැනීම්වලට දැක් වූ දාකයත්වය 

54 – ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර 2003 වසරේ සිට 2015 වසර දක්වා. 

  • වැඩිම උඩ පන්දු 

28 – ඕස්ට්‍රේලියාවේ Ricky Ponting, 1996 වසරේ සිට 2011 වසර දක්වා. 

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>>තවත් විශේෂාංගලිපිසඳහාපිවිසෙන්න<<