Home Sinhala නිපුන් ගෞරවනීය නිමාවකට මග පාදයි

නිපුන් ගෞරවනීය නිමාවකට මග පාදයි

100

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවැනි සිව්දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (5) කුල්නා හිදී ජය පරාජයෙන් තොරව නිමා විය. 

ඒ අනුව දෙරට අතර පැවති තරග දෙකකින් සමන්විත නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 0-0ක් ලෙසින් අවසන් විය.

නිපුන් බංගලියන්ගේ අභියෝගය බාර ගනී

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම…..

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව තම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 184ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙසින් බංග්ලාදේශය තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 354ක් රැස් කළේය. 

තරගයේ තෙවැනි දිනය නිමා වන විට තම දෙවැනි ඉනිමට ක්‍රීඩා කළ සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 187ක් ලබා සිටි අතර අද ඔවුන් තවත් ලකුණු 159ක් ලබා ගත්හ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමට ලබා ගත් ලකුණු ප්‍රමාණය 346කි. කඩුලු 9ක් දැවී ගොස් තිබිය දී බංග්ලාදේශය වඩා වැඩියෙන් ලකුණු 176ක් ඉදිරියෙන් සිටිද්දී ඔවුන් ඉනිම අත්හිටුවීමට තීරණය කළහ. 

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පෙර දිනයේ දී නොදැවී පිටියේ රැඳී සිටි නායක නිපුන් ධනංජයට අද එක් වූයේ ලක්ෂාන් ගමගේ ය. ඔවුන් දෙදෙනා එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් 68ක සබඳතාවක් ගොඩ නැගූහ. ලක්ෂාන් ගමගේ අර්ධ ශතකය ආසන්නයේ සිටිය දී දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 255ක් වෙද්දීය. ඔහු පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තේය. 

අනතුරුව එවැනිම සබඳතාවක් නැවත ගොඩ නැගීමට නිපුන් ධනංජය සහ දුනිත් වෙල්ලාලගේ සමත් වූහ. ඔවුන් දෙදෙනා 7 වැනි කඩුල්ලට ලකුණු 72ක සබඳතාවක් ගොඩ නැගුවේ පන්දුවාර 29ක් පිටියේ රැඳී සිටිමිනි. 

ඒ අනුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 327ක් ලෙසින් සටහන් වෙද්දී දුනිත් වෙල්ලාලගේ ඉනිම ද අවසන් විය. ඒ වෙද්දී ඔහු  පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 45ක් ලබා සිටියේ ඉනිමේ අර්ධ ශතක ආසන්නයට විත් එය අහිමි කරගත් දෙවැනි ක්‍රීඩකයා ලෙසිනි.   

තවත් ශ්‍රී ලාංකික ප්‍රබලයෝ තුනකට ඩුබායි වරම්

ලබන මස 15 වැනිදා අබුඩාබි හිදී ආරම්භ වීමට නියමිත T10 ක්‍රිකට් තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න හා මලින්ද…

එතෙක් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ නිපුන් ධනංජයගේ ඉනිම 8 වැනි කඩුල්ල ලෙසින් නිමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ. ඒ වෙද්දී ඔහු පන්දු 318කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලබා සිටි ලකුණු ප්‍රමාණය 81කි. ඔහුගේ මෙම මන්දගාමී ඉනිම අවසන් දිනයේ වැඩි කාලයක් වැය කිරීමට හේතු විය. එය ශ්‍රී ලංකාවට තරගයේ තීරණය වෙනස් කිරීමට මහඟු අවස්ථාවක් වූ අතර නිපුන්ගේ ලකුණු ලබා ගැනීම සටහන් වූයේ ආසන්න වශයෙන් පන්දු 4කට ලකුණක් ලෙසින්ය. 

නිපුන් දැවී යන විට ලකුණු පුවරුව 342ක්ව තිබූ අතර ඊට පසුව තවත් ලකුණු 4ක් ඉනිමට එක් වෙද්දී අම්ෂි ද සිල්වා (2) දැවී ගියේය. අවසන් කඩුල්ල ලෙසින් පිටියේ රැඳී සිටි රවීන් ද සිල්වා (4) සහ රුවින් පීරිසි (0) පන්දු 8කට මුහුණ දුන් පසුව ඉනිම අත්හිටුවීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කළේය. 

කඩුලු ලබා ගැනීමේ දී ආරම්භක වේගපන්දු යැවූ මෙහෙදි හසන් ලකුණු 52කට කඩුලු 3ක් දවා ගත් අතර අශ්රාෆුල් ඉස්ලාම් ලකුණු 76කට කඩුලු 3ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා ඉනිම පාලනය කිරීමට බංග්ලාදේශ නායකයාට පන්දු යවන්නෝ 8 දෙනෙක්ම යොදා ගැනීමට සිදු වීම කැපී පෙණුණි. 

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 177ක හඹා යන ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි බංග්ලාදේශයට තරගය නිමා වන විට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 3ක් දැවී ලකුණු 37ක් පමණි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්ක පිතිකරු සජිඩ් හොසෙයින්ය. ඔහු පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 18ක් ලබා ගත්තේය. 

වෙළඳසේවා ක්‍රිකට් ලීග් ශූරතාව LB ෆිනෑන්ස්ට

ශ්‍රී ලංකා වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් 27 වැනි වරට සංවිධානය කළ වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ හේලීස් හා LB ෆිනෑන්ස් තරගය……

අනෙක් පිතිකරුවන් කිසිවෙක්ට ලකුණු 10 සීමාව පසු කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉඩ නොදුන් අතර ඒ අනුව ප්‍රන්ටික් නබීල් (6), ප්‍රිටොම් කුමාර් (4) සහ අල්වි හක් (7) අඩු ඟලකුණුවලට දැවී ගියහ. තරගය නිමා වන විට සජිඩ් හොසෙයින් සමඟ සහදත් හොසෙයින් (1) නොදැවී පිටියේ රැඳී සිටියහ. 

කඩුලු ලබා ගැනීමේ දී ආරම්භක වේගපන්දු යැවූ අම්ෂි ද සිල්වා ලකුණු 10කට කඩුලු 2ක් දවා ගත් අතර රවීන් ද සිල්වා ද කඩුල්ලක් දවා ගත්තේය. 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහභාගී වන තරග 5කින් යුත් එක්දින තරගාවලිය මෙම මස 9 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එම තරගාවලියේ අවසන් වීමට නියමිතව ඇත්තේ මේ මස 19 වැනිදාය. 

එම තරගාවලියේත් උණුසුම් තතු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න අප සමඟම.

Result

Match drawn

Sri Lanka U19
184/10 (54.3) & 346/9 (149)

Bangladesh U19
354/10 (120.4) & 37/3 (14)

Batsmen R B 4s 6s SR
Chamindu Wickramasinghe c Shahadat Hossain b Ashiqur Rahman Ruhit 73 105 11 0 69.52
Thaveesha Abhishek c Ashraful Islam b Shahin Alom 8 43 0 0 18.60
Ravindu De Silva c Shahadat Hossain b Shahin Alom 2 5 0 0 40.00
Sonal Dinusha c Pritom Kumar b Shahin Alom 0 3 0 0 0.00
Nipun Dananjaya c Pritom Kumar b Shahin Alom 29 41 5 0 70.73
Avishka Perera c Ashiqur Rahman Ruhit b Mehedi Hasan 2 24 0 0 8.33
Lakshan Gamage c Meherab Hossain Ahin b Shahin Alom 47 68 5 1 69.12
Dunith Wellalage c Pritom Kumar b Shahin Alom 17 27 3 0 62.96
Raveen De Silva b Shahin Alom 0 10 0 0 0.00
Amshi De Silva b Ashiqur Rahman Ruhit 0 1 0 0 0.00
Ruvin Peiris not out 0 3 0 0 0.00


Extras 6 (b 1 , lb 0 , nb 3, w 2, pen 0)
Total 184/10 (54.3 Overs, RR: 3.38)
Fall of Wickets 1-46 (16.1) Thaveesha Abhishek, 2-57 (18.3) Ravindu De Silva, 3-58 (18.5) Sonal Dinusha, 4-115 (32.2) Nipun Dananjaya, 5-115 (33.1) Chamindu Wickramasinghe, 6-132 (40.5) Avishka Perera, 7-154 (48.2) Dunith Wellalage, 8-163 (50.6) Raveen De Silva, 9-168 (51.4) Amshi De Silva, 10-184 (54.3) Lakshan Gamage,

Bowling O M R W Econ
Mehedi Hasan 14 1 36 1 2.57
Shahin Alom 17.3 5 62 7 3.58
Ashiqur Rahman Ruhit 14 0 60 2 4.29
Ashraful Islam 8 2 23 0 2.88
Meherab Hossain Ahin 1 0 2 0 2.00
Batsmen R B 4s 6s SR
Prantik Nawrose Nabil c Avishka Perera b Dunith Wellalage 98 181 15 0 54.14
Sajid Hossain Seam c Avishka Perera b Chamindu Wickramasinghe 26 32 4 0 81.25
Pritom Kumar c Dunith Wellalage b Chamindu Wickramasinghe 6 14 1 0 42.86
Alvi Hoque c Sonal Dinusha b Amshi De Silva 72 226 2 1 31.86
Shahadat Hossain c Thaveesha Abhishek b Nipun Dananjaya 50 121 3 0 41.32
Amite Hasan lbw b Ruvin Peiris 18 23 3 0 78.26
Meherab Hossain Ahin not out 33 77 5 0 42.86
Ashraful Islam lbw b Dunith Wellalage 6 11 1 0 54.55
Mehedi Hasan c Lakshan Gamage b Nipun Dananjaya 0 6 0 0 0.00
Ashiqur Rahman Ruhit lbw b Nipun Dananjaya 11 40 1 0 27.50
Shahin Alom c Amshi De Silva b Nipun Dananjaya 0 5 0 0 0.00


Extras 34 (b 10 , lb 2 , nb 12, w 10, pen 0)
Total 354/10 (120.4 Overs, RR: 2.93)
Fall of Wickets 1-41 (11.1) Sajid Hossain Seam, 2-48 (13.5) Pritom Kumar, 3-183 (62.5) Prantik Nawrose Nabil, 4-264 (88.4) Alvi Hoque, 5-287 (95.3) Amite Hasan, 6-298 (100.1) Shahadat Hossain, 7-309 (103.2) Ashraful Islam, 8-310 (104.6) Mehedi Hasan, 9-340 (118.3) Ashiqur Rahman Ruhit, 10-354 (120.4) Shahin Alom,

Bowling O M R W Econ
Amshi De Silva 21 3 79 1 3.76
Ruvin Peiris 20 5 46 1 2.30
Chamindu Wickramasinghe 9 3 19 2 2.11
Dunith Wellalage 31 7 68 2 2.19
Lakshan Gamage 13 0 53 0 4.08
Raveen De Silva 10 1 42 0 4.20
Nipun Dananjaya 16.4 5 35 4 2.13
Batsmen R B 4s 6s SR
Chamindu Wickramasinghe c Pritom Kumar b Mehedi Hasan 24 16 4 1 150.00
Thaveesha Abhishek c Pritom Kumar b Mehedi Hasan 18 29 3 0 62.07
Ravindu De Silva b Meherab Hossain Ahin 33 84 4 0 39.29
Sonal Dinusha c Alvi Hoque b Mehedi Hasan 55 148 4 0 37.16
Nipun Dananjaya c Amite Hasan b Ashraful Islam 81 318 4 0 25.47
Avishka Perera c Pritom Kumar b Prantik Nawrose Nabil 18 62 2 0 29.03
Lakshan Gamage c Shahin Alom b Ashiqur Rahman Ruhit 45 96 7 0 46.88
Dunith Wellalage c Pritom Kumar b Ashraful Islam 45 92 7 0 48.91
Raveen De Silva not out 4 46 0 0 8.70
Amshi De Silva lbw b Ashraful Islam 2 7 0 0 28.57
Ruvin Peiris not out 0 2 0 0 0.00


Extras 21 (b 7 , lb 6 , nb 6, w 2, pen 0)
Total 346/9 (149 Overs, RR: 2.32)
Fall of Wickets 1-33 (4.6) Chamindu Wickramasinghe, 2-44 (8.5) Thaveesha Abhishek, 3-107 (31.5) Ravindu De Silva, 4-156 (58.3) Sonal Dinusha, 5-187 (74.6) Avishka Perera, 6-255 (104.6) Lakshan Gamage, 7-327 (133.2) Dunith Wellalage, 8-342 (145.5) Nipun Dananjaya, 9-346 (147.4) Amshi De Silva,

Bowling O M R W Econ
Mehedi Hasan 20 3 52 3 2.60
Shahin Alom 25 8 70 0 2.80
Ashiqur Rahman Ruhit 25 8 44 1 1.76
Ashraful Islam 34 6 76 3 2.24
Meherab Hossain Ahin 24 4 44 1 1.83
Shahadat Hossain 2 0 5 0 2.50
Prantik Nawrose Nabil 16 5 20 1 1.25
Sajid Hossain Seam 3 0 22 0 7.33


Batsmen R B 4s 6s SR
Prantik Nawrose Nabil lbw b Amshi De Silva 6 6 1 0 100.00
Sajid Hossain Seam not out 18 46 2 0 39.13
Pritom Kumar c Sonal Dinusha b Amshi De Silva 4 6 1 0 66.67
Alvi Hoque b Raveen De Silva 7 23 0 0 30.43
Shahadat Hossain not out 1 4 0 0 25.00


Extras 1 (b 0 , lb 0 , nb 1, w 0, pen 0)
Total 37/3 (14 Overs, RR: 2.64)
Fall of Wickets 1-10 (2.1) Prantik Nawrose Nabil, 2-15 (2.6) Pritom Kumar, 3-36 (13.2) Alvi Hoque,

Bowling O M R W Econ
Amshi De Silva 3 1 10 2 3.33
Ruvin Peiris 3 0 14 0 4.67
Dunith Wellalage 4 2 4 0 1.00
Nipun Dananjaya 2 1 4 0 2.00
Raveen De Silva 2 0 5 1 2.50



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<