කොළඹ ක්‍රීඩා සමාජයේ AFC කුසලාන කාල සටහන නිකුත් වේ

934

2019 AFC කුසලානයේ පළමු තේරීම් වටයේ පළමු තරගය සඳහා කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය භූතානයේ ට්‍රාන්ස්පෝර්ට් යුනයිටඩ් කණ්ඩායම සමඟ තරග කරනු ඇත. එම තරගයේ පළමු අදියර එළඹෙන පෙබරවාරි 20 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වෙන අතර දෙවන අදියර පෙබරවාරි 27 වැනිදා භූතානයේ තිම්පු ජාතික ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

කොළඹ – ජාවා ලේන් සමයි; තීරණාත්මක ජය සෝන්ඩර්ස්ට

කොළඹ පාපන්දු සමාජය – ජාවා ලේන් SC කොළඹ පාපන්දු සමාජය සහ ජාවා ….

AFC කුසලානයේ පළමු තේරීම් තරග වටය සඳහා 2017 වසරේ ශූරයින් ලෙස කොළඹ ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. මෙම තරගාවලිය යුරෝපා ලීග් තරගාවලියට සමාන අතර සාමාජික සංගම් 26කින් කණ්ඩායම් 43ක් මෙම තරගාවලියට සහභාගී වීමට නියමිතයි. තරගාවලියේ මූලික අදියරෙන් පසුව පැවැත්වෙන කාණ්ඩ අදියර කණ්ඩායම් 36කින් සමන්විත වනු ඇත.

2018 වසරේ භූතානයේ ජාතික ශූරතාව දිනූ කණ්ඩායම වන්නේ ට්‍රාන්ස්පෝර්ට් යුනයිටඩ් කණ්ඩායමයි. එම කණ්ඩායම මෙම තරගාවලියේ මූලික වටයට සහභාගී වන දෙවන අවස්ථාව මෙයයි. කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය ද මෙම තරගාවලියට එක්වන දෙවන අවස්ථාව මෙය වන අතර ඔවුන් පෙර අවස්ථාවේ දී මොහුන් බගන් AC කණ්ඩයම (Mohun Bagan AC) හමුවේ පරාජයට පත්විය.

ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලිය තවමත් අවසන් නොමැති හෙයින් ශ්‍රී  ලංකාව නියෝජනය කරමින් 2017 ශූරයින් වන කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය තරගාවලිය සඳහා සහභාගී වනු ඇත.

බ්‍රසීල පාපන්දු පිටිය කම්පා කරමින් ගිනි රකුසාට 10ක් බිලි

මූලික තේරීම් වටයට සහභාගී වී ජය ලබා ගතහොත් ඔවුන්ට මිනර්වා පන්ජාබ් (ඉන්දියාව), අබාහනි ලිමිටඩ් ඩකා (බංගලාදේශය) හා MANANG MARSHYANGDI (නේපාලය) යන ක්‍රීඩා සමාජ සමඟින් E කාණ්ඩයෙන් තරග වැදීමට සිදුවනු ඇත. එමෙන්ම Play Off තරග වටයේ දී ඔවුන්ට ඉන්දීය සුපර් ලීග් ශූරයින් වන CHENNAIYIN FC (ඉන්දියාව) ක්‍රීඩා සමාජය සමඟින් ද තරග වැදීමට සිදුවනු ඇත.     

නැගෙනහිර හා දකුණු කලාපයේ කාණ්ඩ මට්ටමේ තරග 2019 අප්‍රේල් මස 03 වැනිදා ආරම්භ වනු ඇත.

ට්‍රාන්ස්පෝර්ට් යුනයිටඩ් සමඟ

  • පළමු අදියර – පෙබරවාරි 20 කොළඹ තුරග තරඟ පිටිය – 3.30 pm
  • දෙවන අදියර – පෙබරවාරි 27 Changlimithang ක්‍රීඩාංගණය තිම්පු – 5.30pm

CHENNAIYIN FC සමඟ

  • පළමු අදියර – මාර්තු මස 6 දා කොළඹ දී.
  • දෙවන අදියර – මාර්තු මස 13 දා චෙන්නායි හී The Arena ක්‍රීඩාංගණය

AFC – ආසියානු පාපන්දු සම්මේලනය විසින් කාණ්ඩ මට්ටම තෙක් එක් තරගයක් සඳහා එක් ක්‍රීඩා සමාජයකට ඇමරිකානු ඩොලර් 20, 000ක මුදලක් ලබා දෙන අතර එම මුදල ක්‍රීඩා සමාජ නගාසිටුවීමෙහී ලා ඉතා වැදගත් වනු ඇත.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<