නාලන්ද හා මියුසියස් විදුහල් ශූරතා දිනති

585

කොළඹ රාජකීය විද්‍යාලය විසින් 16 වන වරටත්  සංවිධානය කළ නීල ස්වර්ණ හොකී ශූරතාවලිය, රාජකීය හොකී ක්‍රීඩා පිටියේ දී අද (22) නිමාවට පත් විය. දින දෙකක් පුරාවට පැවති තරගාවලිය සඳහා සිංගර් ආයතනය අනුග්‍රාහකත්වය දැක්විය.

1992 වසරේ දී ආරම්භ වුනු මෙම තරගාවලිය රාජකීය හොකී සංගමය සහ රාජකීය ආදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබයි. අද වන විට ශ්‍රී ලංකාවේ තීරණාත්මක තරගාවලි අතර ඉහළ නමක් දිනා සිටින හොකී තරගාවලියක් වන මෙය සඳහා දිවයින පුරා පිහිටි පාසල් 60කට අධික සංඛ්‍යාවක් සහභාගී වෙයි.

අඛණ්ඩව සිව්වැනි වරටත් හොකී ශූරතාවය නාලන්ද විදුහලට

ආනන්ද සහ නාලන්ද විදුහල් අතර වාර්ෂිකව පැවැත්වෙන “සුලෝහිත හොකී සංග්‍රාමය” 16 වැනි වරටත් අද (15) පැවැත්වූයේ කොළඹ ඇස්ට්‍රෝ ටර්ෆ් පිටියේ දීයි……..

බාලක සහ බාලිකා ලෙස අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වූ මෙම තරගාවලිය පලඟ, බඳුන සහ කුසලාන යන කාණ්ඩ හරහා ක්‍රියාත්මක විය. තරගාවලියේ පළමු වටය ඊයේ (21) දිනයේ දී පැවැත්වුණු අතර අවසන් වටයේ තරග අද (22) ක්‍රියාත්මක විය.

බඳුන ශූරතාවලියේ බාලිකා අවසන් මහා තරගය නියෝජනය කළේ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ යසෝදරා බාලිකාවයි. අන්තෝනි විද්‍යාලයීය කණ්ඩායම තරගය 2-0ක් ලෙස ජයග්‍රහණය කළ අතර ජයග්‍රාහී ගෝල දෙකම වාර්තා කළේ සඳුනිකා දේවගිරි විසිනි. මෙම කාණ්ඩයේ තුන්වන ස්ථානය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය විසින් දිනා ගන්නා ලදි.

වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය විසින් මාතලේ විජය විද්‍යාලය පරාජය කරමින් බාලක අංශයේ ශූරතාවය දිනා ගත් අතර එහි තෙවන ස්ථානය ආනන්ද විද්‍යාලය පරාජය කළ මාතලේ ක්‍රිස්තු දේව විද්‍යාලය සතුවිය.

පලඟ ශූරතා කාණ්ඩයේ ජයග්‍රහණය ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය විසින් දිනා ගත්තේ විහාර මහා දේවි බාලිකා විදුහල පරාජය කරමිනි. එහි තෙවන ස්ථානය පුෂ්පදාන බාලිකාවෝ විසින් දිනා ගත්හ.

එහි බාලක අංශයේ අවසන් තරගයේ දී මාතලේ සාන්ත තෝමස් කණ්ඩායම විසින් ගාල්ල සාන්ත ඇලෝසියස් විදුහල පරාජය කරන ලදි. එහි තෙවැනි ස්ථානය රාජකීය විද්‍යාලයේ නිල් කණ්ඩායම සතුවිය.

100 වැනි ස්ටබ්ස් පළිහ රාජකීයයන්ගේ භාරයට

ශ්‍රී ලංකාවේ පැරණිතම පාසල් බොක්සිං තරගාවලිය සේ සැලකෙන ස්ටබ්ස් පළිහ සඳහා වන බොක්සිං..

බොහෝ දෙනාගේ අවධානය දිනාගත් තරගය වූ බාලක අවසන් මහා තරගය පැවතියේ කොළඹ නාලන්ද විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය අතරයි.

චින්තන අකලංකගේ නායකත්වය යටතේ නාලන්ද කණ්ඩායමත්, අල්තාෆ් අලවිගේ නායකත්වයෙන් මාරිස් ස්ටෙල්ලා කණ්ඩායමත් සටනට අවතීර්ණ විය. ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක්  ගත් තරගයේ, පළමු භාගයේ දී මාරිස් ස්ටෙල්ලාවට දරුණු පීඩනයක් එල්ල වන බවක් පෙනුණි. කෙසේ නමුත් පළමු අර්ධයේ අවසානයට මොහොතකට මත්තෙන් නාලන්ද කණ්ඩායමේ බෝධික ඩයස්  විසින් ගෝලයක් වාර්තා කිරීමට සමත් විය.

අඩුපාඩු මඟ හරවා ගනිමින් දෙවන අර්ධයට පිවිසි මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයින් විසින් ප්‍රතිවාදීන්ට අභියෝගයක් එල්ල කරන්නට සමත් විය. විටෙක ගෝලය අසලම පන්දුව දෝලනය වන බවක් පෙණුනු නමුත් අවසන් මිනිත්තුවේ දී මාරිස් ස්ටෙල්ලා කණ්ඩායමට දඬුවම් පහරක් ලැබුණි. නමුත් එය සාර්ථක කරගන්නට ඔවුන්ට නොහැකි විය. කෙසේ නමුත් නාලන්දාවේ ශූරතා සිහින මල්ඵල ගන්වමින් 16 වන නිල ස්වර්ණ සත් සාමාජික හොකී තරගාවලියේ ශූරතාවය සිය පාසලට රැගෙන යන්නට ඔවුන් සමත් විය. මෙහි තෙවන ස්ථානය සාන්ත තෝමස් විද්‍යාලයට හිමි විය.

සුලෝහිත හොකි තරගයට ආනන්ද-නාලන්ද සහෝදරයෝ සූදානම්

පාසල් හොකී ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ නොමැකෙන සන්ධිස්ථාන රැසක් සනිටුහන් කිරීමට සමත්වූ පාසල් ද්විත්වයක් ලෙස කොළඹ ආනන්ද හා නාලන්ද විදුහල් දැක්විය හැක. ඒ අන් දෙයක් නිසා නොව ලාංකේය පාසල් ද්විත්වයක් විසින් පවත්වන ප්‍රමුඛතම සහෝදරත්ව හොකී තරග ඉතිහාසයකට ඔවුන් උරුමකම් කියන නිසාය.

තීරණාත්මක බාලිකා අවසන් මහා තරගයේ දී මියුසියස් විදුහල ජයග්‍රහණය වාර්තා කළේ මහනුවර සීතාදේවී විදුහල පරාජය කරමිනි. තිසුරි ගුණසේකරගේ නායකත්වයෙන් මියුසියස් විද්‍යාලයත්, චාරුකා නිෂාදීගේ නායකත්වයෙන් මහනුවර සීතාදේවී බාලිකා විද්‍යාලයත් තරගයට පිවිසි අතර දැඩි උද්වේගකර ක්‍රීඩා රටාවක් පෙන්වූ සීතාදේවී විද්‍යාලයේ නැදලි සිරිමාන්න සිය පාසලට ජයග්‍රහණය රැගෙන යාමට මාන බැලූ නමුත්, දිනාරා තිලකරත්නගේ ජයග්‍රාහී ගෝලය ඒ සියලු සිහින මියුසියස් විද්‍යාලය දෙසට නතු කර ගත්තාය. අවසානයේ තරගය 1-0 ක් ලෙස මියුසියස් විද්‍යාලය ජයග්‍රහණය කළ අතර මේ කාණ්ඩයේ තෙවන ස්ථානය නාවල ජනාධිපති බාලිකාව විසින් දිනා ගත්තේ සිරිමාවෝ බාලිකා විද්‍යාලය පරාජය කරමිනි.

බාලිකා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මියුසියස් විද්‍යාලයේ දිනාරා තිලකරත්න සම්මාන දිනා ගත් අතර බාලක අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නාලන්ද විද්‍යාලයේ බෝධික ඩයස් සම්මාන දිනා ගත්තේය.

අවසන් දිනයේ අවසන් තරග ප්‍රතිඵල   

ශූරතා කාණ්ඩය – බාලිකා

මහනුවර සීතාදේවි විද්‍යාලය සහ මියුසියස් විද්‍යාලය 0-1 (අවසන් මහා තරගය )

ජනාධිපති බාලිකා විද්‍යාලය සහ සිරිමාවෝ විද්‍යාලය 2-0 (3 වන ස්ථානය)

පලඟ කාණ්ඩය – බාලිකා

ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය සහ විහාරමහාදේවි බාලිකා විද්‍යාලය 1-0 (අවසන් මහා තරගය )

පුෂ්පදාන බාලිකා විද්‍යාලය සහ කාන්තා විද්‍යාලය 1-0 (3 වන ස්ථානය)

බඳුන කාණ්ඩය – බාලිකා

සාන්ත අන්තෝනි විද්‍යාලය මහනුවර සහ යසෝදරා විද්‍යාලය 2-0 (අවසන් මහා තරගය )

පානදුර බාලිකා විද්‍යාලය සහ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය 1-0 (3 වන ස්ථානය)

ශූරතා කාණ්ඩය – බාලක

නාලන්ද විද්‍යාලය සහ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය 1-0 (අවසන් මහා තරගය )

සාන්ත තෝමස් විද්‍යාලය ගල්කිස්ස  සහ  ශ්‍රී සුමංගල විද්‍යාලය 2-1  (3 වන ස්ථානය)

පලඟ කාණ්ඩය – බාලක

සාන්ත තෝමස් විද්‍යාලය මාතලේ සහ සාන්ත ඇලෝසියස් විද්‍යාලය ගාල්ල  2-3(දඬුවම්) (අවසන් මහා තරගය )

රාජකීය නිල් කණ්ඩායම සහ ධර්මදුත විද්‍යාලය 2-0  (3 වන ස්ථානය)

බඳුන කාණ්ඩය – බාලක

වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය  සහ විජය විද්‍යාලය 4 -1 (අවසන් මහා තරගය )

ක්‍රිස්තු දේව විද්‍යාලය  සහ ආනන්ද විද්‍යාලය 1-0 (3 වන ස්ථානය)

 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<