වෙළඳසේවා ‘Futsal’ තරගාවලිය 2වන වරටත්

172
Mercantile Futsal returns for a 2 nd edition translation

දෙවන වරට පැවැත්වෙන වෙළඳසේවා ‘Futsal’ තරගාවලිය මෙම මස 20 වන දින කොළඹ ‘Futsal World’ හිදී පැවැත්වීමට නියමිත ය.

ශූරයින්ගේ කුසලානය අඛණ්ඩව තුන්වන වරටත් කොළඹට

2017 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම තීරණය කෙරෙන …

පසුගිය වසරේ දී පැවති මෙම තරගාවලියේ පළමු අදියර කණ්ඩායම් 32ක සහභාගීත්වයෙන් දින 2ක් පුරාවට පැවැත්වුණත්, මෙවර තරගාවලිය එක් දිනක් තුළ පමණක් පැවැත්වීමට සංවිධායකයින් තීරණය කිරීම නිසා මෙවර තරගාවලිය සඳහා කාණ්ඩ 4ක් යටතේ කණ්ඩායම් 16ක් පමණක් එක්කර ගැනීමට ඔවුන් තීරණය කර ඇත.

මෙම වසරේ දී වෙළඳසේවා පාපන්දු සංගමය සිය 100 වන සංවත්සරය සමරන බැවින් මෙම වසර ඔවුන්ට සුවිශේෂී වසරක් වේ.

පසුගිය වසරේ පැවති තරගාවලියේ ශූරතාවය දිනාගත් ‘Amana Takaful – A’ කණ්ඩායම මෙවර තරගාවලිය සඳහා එක්නොවන අතර පසුගිය වසරේ දී අනුශූරතාවය දිනාගනු ලැබුවේ ‘LB Finance’ කණ්ඩායමයි.

තරගාවලියේ පළමු වටය අවසානයේ අදාළ කාණ්ඩවල ඉහළින්ම පසුවන කණ්ඩායම් 2 අර්ධ අවසන් පූර්ව වටය කරා සුදුසුකම් ලබන අතර එහි දී පරාජයට පත්වන කණ්ඩායම් පළඟ ශූරතා කාණ්ඩය කරා ද ජයග්‍රහණය කරන කණ්ඩායම් ශූරතා කුසලානය කරා ද යොමුකෙරේ.

ක්‍රීඩාව සඳහා ඇති ලැදියාව ඉහළ නැංවීමේ හා ‘Futsal’ ක්‍රීඩාව හරහා දිවයින පුරා වෙසෙන ජනතාවගේ හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම තරගාවලිය ආරම්භ කරනු ලැබීය.

  • A කාණ්ඩය – HSBC, Galadari Hotel, John Keells Holdings, LB Finance
  • B කාණ්ඩය – Nations Trust Bank, DFCC Bank, ITX 360, WNS Global
  • C කාණ්ඩය – Amana Bank, Eskimo Fashions, Standard Chartered Bank, Sampath Bank
  • D කාණ්ඩය – Expo Lanka Holdings, Ceylinco Insurance, Virtusa LTD, Commercial Leasing

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<