Kohli හා Smith පසු කරමින් Williamson අංක එකට

169

ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු Steve Smith හා ඉන්දියානු නායක Virat Kohli පසු කරමින් ICC ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල අංක එකට පැමිණීමට නවසීලන්ත නායක Kane Williamson අද (31) සමත් වුනා. ඒ ICC නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලට අනුවයි.

ICC ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානයේ සිටි Williamson පළමු ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබුණේ පාකිස්තාන සමඟ පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 129ක් හා දෙවන ඉනිමේ දී වේගවත් ලකුණු 21ක් රැස් කිරීමත් සමඟයි.

නවසීලන්ත නායකයා පවසා තිබුණේ මේ වසරේ දින 313ක්ම පළමු ස්ථානයේ සිටි Smithව පසු කර යෑමට හැකි වීම තමාට ඉතා ගෞරවයක් බවයි. Kohli මේ වසරේ දින 51ක් ICC ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ සිටීමට සමත් වුනා.

නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව Smith තුන්වැනි ස්ථානය දක්වා පසු බැස තිබෙන්නේ ඉන්දියාව සමඟ දෙවන ටෙස්ට් තරගයේ එක් ඉනිමක දී ලකුණු නොලබා හා අනෙක් ඉනිමේ ලකුණු අටකට දැවී ගිය නිසයි.

තවත් ක්‍රිකට් පුවත්: 

“ඔවුන් අපේ පරම්පරාවේ විශිෂ්ටතම ක්‍රීඩකයෝ” පාකිස්තානය සමඟ දෙවන ටෙස්ට් තරගයට සහභාගී වීම සඳහා Christchurch වෙත පැමිණි Williamson පවසා සිටියා.

“ඔවුන් දෙදෙනා තමයි විශිෂ්ටයෝ දෙදෙනා. ඒ නිසා ඔවුන් දෙදෙනා පසු කර යන්නට හැකි වීම මට විශාල ගෞරවයක් වගේම ලොකු පුදුමයක්.”

මේ ක්‍රීඩකයින් තිදෙනාම ICC  දශකයේ ටෙස්ට් කණ්ඩායමට නම් කර තිබුණු අතර දශකයේ ටෙස්ට් ක්‍රීඩකයා ලෙස Steve Smith නම් කර තිබුණා. Kohli දශකයේ හොඳම එක්දින ක්‍රීඩකයා ලෙස ද සම්මාන ලැබුවා.

Times of India ඇසුරින්

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<