Srinivasanගේ ප්‍රකාශයට Rainaගෙන් පිළිතුරු

747

Suresh Raina මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියෙන් ඉවත්ව නැවතත් ඉන්දියාවට පැමිණීම පිළිබඳව ඔහු නියෝජනය කරන Chennai Super Kings (CSK) කණ්ඩායමේ හිමිකරු N. Srinivasan විසින් මාධ්‍ය වෙත නිකුත් කළ ප්‍රකාශයක් පිළිබඳව අදහස් දක්වමින් Raina පවසා සිටින්නේ පියෙකුට තම පුතු හට බැන වැදීමට හැකියාව ඇති බවත්, ඔහු ඒ ආකාරයට නිකුත් කළ ප්‍රකාශය වරදවා වටහා ගත් බවට ඔහුට විශ්වාසයක් ඇති බවත් ය. 

IPL හැරයාම ගැන රිචඩ්සන්ගෙන් පිළිතුරක්

ඒ අනුව ඔහු CSK කණ්ඩායම සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නැවතත් ඉන්දියාව බලා පැමිණීම හේතුවෙන් පසුගිය දින කිහිපය පුරාවට පැන නැඟුණු මතභේදාත්මක සිදුවීම් වලට අවසානයක් තැබීමට Raina හට මේ වන විට අවශ්‍යව ඇත. ඔහු පෞද්ගලික හේතූන් මත ඒ ආකාරයට කණ්ඩායම අතහැර නැවතත් ඉන්දියාව බලා පැමිණීම පිළිබඳව CSK හිමිකරු Srinivasan එතරම් ප්‍රසාදයක් පළකරේ නැත. 

ඒ සම්බන්ධයෙන් Srinivasan මාධ්‍ය හමුවේ දැක්වූ අදහස් පිළිබඳව ප්‍රකාශ කරමින් Raina පවසා සිටින්නේ පියෙකුට තම පුතු හට බැන වැදීමට හැකියාව ඇති බවත් ඔහු ඒ ආකාරයට නිකුත් කළ ප්‍රකාශය සියලු දෙනා වරදවා වටහා ගෙන ඇති බවට ඔහුට විශ්වාසයක් ඇති බවත් ය. 

“ඔහු හරියට මට මගේ පියා වගේ. ඔහු හැමවෙලේම මං ගැන ලොකු විශ්වාසයක් තියන් මට සහයෝගය දැක්වූවා. ඉතින් ඔහු මගේ හදවතට ගොඩක් සමීප පුද්ගලයෙක්. ඔහු මට සලකන්නේ හරියට ඔහුගේ පුතා වගේ. ඉතින් මට විශ්වාසයි ඔහු කියපු දේවල් වලින් වැඩි හරියක් ගොඩදෙනෙක් වරදවා වටහා ගෙන තියෙන්නේ කියලා.” 

“පියෙකුට තමන්ගේ පුතෙකුට බැන වදින්න පුළුවන්. ඔහු ඒ ප්‍රකාශය නිකුත් කරනකොට මම නැවතත් ඉන්දියාව බලා එන්න හේතුවුන ඇත්තම හේතු ඔහු දැන සිටියේ නැහැ.” 

“ඒත් දැන් ඔහුට ඒ ගැන දැනුම් දීලා තියෙන්නේ. ඔහු මට ඊට පස්සේ කතා කළත් එක්ක. ඉතින් අපි ඒ ගැන වගේම CSK කණ්ඩායම පිළිබඳවත් කතා කළා. ඉතින් මට දැන් අවශ්‍ය මේ මතභේදාත්මක සිද්ධිය අවසන් කරන්න.” Raina විසින් Cricbuzz වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් පැවසීය. 

මෙහිදී මෙවර IPL තරගාවලියෙන් ඉවත් වීම පිළිබඳව ද අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ

“ඒක පෞද්ගලික හේතූන් නිසා ගත්ත තීරණයක්. මට මගේ පවුල වෙනුවෙන් නැවතත් ඉන්දියාවට එන්න වුනා. මගේ පවුල පැත්තෙන් ඉතා ඉක්මණින් සිදුකළ යුතුව දෙයක් තිබුනා. ඒකයි මම නැවතත් ඉන්දියාව බලා ආවේ. CSK කියන්නෙත් මගේ පවුලේ කොටසක් තමයි. ඒ වගේම MS Dhoni මට ගොඩක් වැදගත් පුද්ගලයෙක්. ඉතින් ඒක ගොඩක් අමාරුවෙන් ගත්ත තීරණයක්.” 

බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා පුහුණු සංචිතයක්?

“CSK කණ්ඩායම සහ මම අතර කිසිම ගැටළුවක් නැහැ. ඒ වගේම කිසිම පුද්ගලයෙක් රුපියල් කෝටි 12.5ක් එපා කියලා ආයේ එන්නේ නැහැ, ඒකට ප්‍රබල හේතුවක් නැත්නම්. මම දැන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම අරන් තමයි ඉන්නේ. ඒත් මම තාම තරුණයි. ඉතින් මම ඉදිරි වසර 4-5ක කාලය තුළ IPL තරගාවලියේ ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි. 

IPL ශූරතාවය තෙවරක් ජයග්‍රහණය කර ඇති CSK කණ්ඩායම සැප්තැම්බර් මස 19 වන දින මෙවර තරගාවලිය ආරම්භයේ දී ඔවුන්ගේ සිව්වන ශූරතාවය ජයග්‍රහණය කිරීමේ අරමුණින් තරගාවලියට පිවිසෙනු ඇත. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<