‘නිල් අකුණු සැරය’ රග්බි පිටිය දවා අළු කරයි ද?

988

වසර 60 අභිමානවත් රග්බි ඉතිහාසයකට හිමිකම් කියන වෙස්ලි විද්‍යාලය රග්බි පිටියේ අමරණීය සලකුණක්. ’නිල් අකුණු සැරය’ ලෙස විරුදාවලිය ලත් වෙස්ලි විද්‍යාලයීය රග්බි කණ්ඩායම මෙවර තරගාවලියට සූදානම් ද?

අතීතයෙන් බිඳක්

වෙස්ලි විද්‍යාලයේ රග්බි ක්‍රීඩාව ආරම්භ වුනේ 1956 වසරේ දීයි. කෙසේ වෙතත් වසර 60කට ආසන්න ඉතිහාසයට පුරාවට ඔවුන් තවමත් පාසල් ලීග් ශූරතාවයක පහස විඳින්නට සමත්ව නැහැ.

BLAZE කුසලානය නැවතත් රැන්ඩල්ස් කන්දට

සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ දී ….

2013 වසරේ B කාණ්ඩයේ සිය A කාණ්ඩයට පැමිණි වෙස්ලි විද්‍යාලය පාසල් රග්බි පිටියේ පෙරළිකාරයින් බවට පත්වුනා. 2013 වසර වෙස්ලි රග්බි ඉතිහාසයේ ස්වර්ණමය අකුරින් ලියැවෙන්නේ 2013 මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි ශූරතාව බොරැල්ලට රැගෙන යන්නට ඔවුන් සමත් වූ නිසාවෙනි. රාහුල් ද සිල්වාගේ නායකත්වයෙන් තරග වැදුණු ඔවුන් අවසාන මහා තරගයේ දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කළා.      

(අවසන් වරට වෙස්ලි විද්‍යාලය LE BLAZE තරගාවලිය ජයගත්තේ 2016 වසරේ දීයි.)

2016 තරගවාරය ඔවුන්ට එතරම් සුබ නොවුනේ ඔවුන් කුසලාන ලකුණු සටහනේ හත්වැනි ස්ථානයෙන් තරගාවලිය නිමා කළ නිසාවෙනි. කෙසේ වෙතත් ඔවුන් 2017 වසරේ දී තරගාවලිය නිමා කළේ ලකුණු සටහනේ පළමු ස්ථාන පහ තුල සිටිමිනි.

2017 වසරින් පසුව ඔවුන්ගේ LE BLAZE කුසලාන අත්දැකීම නම් එතරම් සුබ වුනේ නැහැ. ඒ 2017, 2018 සහ 2019 වසරේ දී වෙස්ලි විද්‍යාලය පරාජය කරමින් කිංග්ස්වුඩ් විද්‍යාලය LE BLAZE අනුස්මරණ රග්බි තරගාවලිය ජය ගත් නිසාවෙනි.

මෙරට රග්බි කරළියට නිහඬ සේවයක් ඉටු කළ පාසලක් ලෙස වෙස්ලි විද්‍යාලය හැඳින්විය හැක. වෙස්ලි බිමෙන් ශ්‍රී ලංකා ජාතික රග්බි කරළියට තිලිණ කෙරුණු ක්‍රීඩකයන් අතර හෙන්රි ටෙරන්ස්, රාහුල් ද සිල්වා, සුබයර් දූරායි සහ කිෂන් මුසාෆර් ද වන අතර පසුගිය වසරේ වෙස්ලි නායක දයාන් සාබර් ද මේ වසරේ හැව්ලොක් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරයි.

පසුගිය තරගවාරය

පසුගිය තරග වාරය වෙස්ලි කණ්ඩායමට ඉතා අවාසනාවන්ත තරග වාරයක්. ඒ ඔවුන්ගේ දක්ෂතාවේ අඩුපාඩුවක් නිසා නොව ඔවුන්ගේ වාසනාවේ තිබූ අඩුපාඩුවක් නිසාවෙනි.

ප්‍රබල පාසල් රැසක්ම පරාජය කරන්නට ඔවුන් සමත් වුනත් අවසන් ජයග්‍රහණය තමන් සතු කර ගන්නට ඔවුන් සමත් වුනේ නැහැ. ඔවුන් සහභාගී වූ තරග නවයෙන් තරග තුනක ජය තමන් සතුකරගත් අතර තරග හයක් පරාජයට පත්වුනා. ඒ අනුව කුසලාන ලකුණු සටහනේ ඔවුන්ට හිමි වූයේ හත්වැනි ස්ථානයයි.

එමෙන්ම කොළඹ වෙස්ලි විද්‍යාලය පරාජය කරමින් ලකුණු 31-13ක් ලෙස 33 වැනි L. E. Blaze කුසලානය අඛණ්ඩව දෙවන වසරටත් මහනුවරට රැගෙන යන්නට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සමත් වුනා. වෙස්ලි කණ්ඩායමට සුපුරුදු වටපිටාවේ දී ම දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් තරගය පැවැත්වුණේ කොළඹ තුරඟ තරග පිටියේ දීයි.

මෙවර සූදානම

2017 වසරේ දී වෙස්ලි කණ්ඩායමේ පුහුණුකරු ලෙස එක්වුණු පොල් ටොයියා මෙවරත් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

වසර ගණනක රග්බි පිටියේ අත්දැකීම්වලින් කණ්ඩායම පෝෂණය කරන ඔහු වෙස්ලි රග්බි කණ්ඩායමේ සාර්ථකත්වයේ ලා ප්‍රධානතම සාධකයක් වනු ඇත. ඔහුගේ සහයට තවත් සුපිරි ක්‍රීඩකයෙක් පුහුණුකරුවෙකු ලෙස වෙස්ලි විද්‍යාලයට එක්ව සිටියි. හිටපු නාවික හමුදා සුපිරි ක්‍රීඩකයෙකු හා වත්මන් CR ක්‍රීඩකයෙකු වන දුලංජන විජේසිංහ කණ්ඩායමේ ඉදිරිපෙළ පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත. වසර ගණනාවක් දේශීය රග්බි පිටියේ පෑ සුපිරි දක්ෂතා සමඟින් ඔහු කණ්ඩායමේ ඉදිරිපෙළ සවිමත් කරනු ඇත.

කන්ද උඩරට පෙරළිකාරයන් – ශ්‍රී සුමංගල විද්‍යාලය

1992 වසරේ ශ්‍රී සුමංගල විද්‍යාලයට හඳුන්වා දෙන ‍….

කණ්ඩයමේ නායකත්වය භාර දී ඇත්තේ සිව්වැනි වසරේ ක්‍රීඩකයෙකු වන මුර්ශිඩ් සුබයිර් හටයි. පිටියේ එතරම්ම වේගවත් නොවුනත් ප්‍රතිවාදීන් බිම පෙරළා ඉදිරියට යන්නට උපන් හපන්කම් ඇති ඔහු මෙවර වෙස්ලි විද්‍යාලයේ ලකුණු මැෂිම වනු ඇත. ෆුල් බැක් හා ෆ්ලයි හාෆ් ස්ථානවල ක්‍රීඩා කරන ඔහු කණ්ඩායමේ පන්දුවට පා පහර දෙන්නා ලෙස මහත් සේවයක් ඉටු කරනු ඇත. සුබයිර්ගේ පියා ද වෙස්ලි කණ්ඩායමේ නායකයෙකු ලෙස කටයුතු කර තිබීම විශේෂත්වයක්.

ඔහුගේ සහයට පසුපෙළ සවිමත් කරන්නට තවත් සුපිරි වේගවත් තරු දෙකක් ඔවුන් සතුව සිටියි. හර්ෂණ එරන්ද හා තරිඳු හේමාල් පසුපෙළ සවිමත් කරමින් නායකයාට අනගි සහයක් ලබා දෙනු අතර වසර දෙකක අත්දැකීම් සමඟින් ඔවුන් දෙදෙනා ද  කණ්ඩායමට එක්වන්නේ වෙස්ලි විද්‍යාලය ජයග්‍රහණය කරවීමේ මූලික අරමුණින්.

(සුබයිර් මෙවර කණ්ඩායමේ නායකයා මෙන්ම පන්දුවට පා පහර දෙන්නා ලෙස ද කටයුතු කරයි)

සැමුවෙල් ඔක්බෙබෝර් හා තරිඳු සමරකෝන් නැවුම් සංකලනයකින් කණ්ඩායමේ ඉදිරිපෙළ සවිමත් කරනු ඇත. පසුගිය තරගවාරයේ ක්‍රීඩා කළ ක්‍රීඩකයින් රැසක්ම මේ වසරේදීත් ක්‍රීඩා කිරීම නිසා වෙස්ලි විද්‍යාලය මෙවර අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට එක්වන අත්දැකීම් බහුලතම කණ්ඩායමයි.

අත්දැකීම් ගොන්නකින් ශක්තිමත් කොළඹ වෙස්ලි විද්‍යාලයට සිය මංගල ලීග් ශූරතාව දිනා ගැනීමට හැකි වෙයි ද?

වෙස්ලි විද්‍යාලයේ පළමු වටයේ කාල සටහන

  • මලියදේව විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය – මාර්තු 9, මලියදේව ක්‍රීඩාංගණය
  • රාජකීය විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය – මාර්තු 17, රාජකීය සංකීර්ණය
  • වෙස්ලි විද්‍යාලය හා ශාන්ත පීතර විද්‍යාලය – මාර්තු 23, ලොන්ඩන් පෙදෙස
  • සාන්ත තෝමස් විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය – මාර්තු 31, සාන්ත තෝමස් ක්‍රීඩාංගණය

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<