Athletico අවසන් මොහොතේ දී තරග සම කරද්දී Courtoisට බැනුම්

76

2019/20 ශූරයින්ගේ කුසලාන ලීග් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (19) පැවැත්වුණා. මැන්චෙස්ටර් සිටි හා PSG කණ්ඩායම් පහසු ජයග්‍රහණ වාර්තා කරද්දී Real Madrid ප්‍රේක්ෂකයින්ට සිදු වුනේ ඛේදජනක ඉරණමකට මුහුණ දීමටයි.

Napoli ගෙන් ශූරයින්ට කණේ පහරක්; Barcelona, Chelsea බලාපොරොත්තු සුන්

2019/20 UEFA ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලිය අද (18) අලුයම ආරම්භ වුනා. තරගයේ පළමු දිනයේම…

Real Madrid හඬා වැටේ

Angel di Mariaගේ සුපිරි ගෝල ද්විත්වයෙන් Real Madrid කණ්ඩායම Paris St-Germain ගෝල 3-0ක් ලෙස පරාජය කරන්නට සමත් වුනා. තරගය පැවැත්වුණේ A කාණ්ඩයේ තරගයක් ලෙසින්.

Thomas Meunier අවසන් මිනිත්තුවේ PSG වෙනුවෙන් රැස් කළ ගෝලය නිසා Real Madrid කණ්ඩායම පිටිය මැද අන්ත අසරණ වූ අතර රියාල් මැඩ්රිඩ් කණ්ඩායමට තවමත් පරාජයන් රැල්ලෙන් මිදීමට නොහැකි වීම කනගාටුවට කරුණක්.

Real Madrid වෙනුවෙන් Eden Hazard සිය පළමු තරග ආරම්භය ලබා ගත් නමුත් ඔහුටත් තරගයේ ප්‍රතිඵලය වෙනස් කරන තරමේ යමක් කරන්නට හැකි වුනේ නැහැ.

සිය 100 වැනි ශෙූරයින්ගේ ලීග් කුසලාන තරගය ක්‍රීඩා කරන Di Maria, Juan Bernatගේ අලංකාර පන්දු යොමු කිරීමක් සාර්ථක ලෙස ගෝල රාමුවට තුලට යොමු කරන්නට සමත් වුනේ PSG වෙනුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින්.

තරගය පුරාම Real Madrid ගෝල රකින ක්‍රීඩක බෙල්ජියම් ජාතික Courtoisගේ දුර්වලතා දැඩි සේ කතා බහට ලක් වුනා.

යාර 20 ක සිමාවේ සිට drissa Gueyeගේ පන්දු යොමු කිරීමක් ඔස්සේ 33 වැනි මිනිත්තුවේ දී Di Maria සුපිරි ගෝලයක් වාර්තා කළේ කවාකාර ප්‍රහාරයක් එල්ල කරමින්.

Meunier හා Bernat එක්ව තරගයේ අවසන් මිනිත්තුවේ තවත් ගෝලයක් රැස් කළේ Neymar, Edinson Cavani හා Kylian Mbappe යන ප්‍රබල ක්‍රීඩකයින් තරගය ක්‍රීඩා නොකිරීමේ අඩුව පුරවමින්.

අවසන් ලකුණු තත්වය: Real Madrid 0 -3  Paris St-Germain

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • PSG – Di María (14′, 33′), Meunier (90’+1)

Arsenal නූලෙන් බේරෙයි

එංගලන්ත Premier League පාපන්දු තරගාවලිය යටතේ Watford FC කණ්ඩායම හා Arsenal කණ්ඩායම අතර ඊයේ…

Atletico Madrid හා Juventus ජය පරාජය නැතුවම ගෙදර යයි

අතිරේක ක්‍රීඩක Hector Herrera 90 වැනි මිනිත්තුවේ දී වාර්තා කළ ගෝලය නිසා Atletico Madrid කණ්ඩායම Juventus සමඟ ගෝල 2-2ක් ලෙස තරගය සම කර ගන්නට සමත් වුනා.

හිටපු චෙල්සි ක්‍රීඩක Juan Cuadrado අලංකාර කවාකාර ප්‍රහාරයකින් තරගයේ පළමු ගෝලය වාර්තා කළේ Juventus ඉදිරියට ගෙන එමින්. ප්‍රංශ ලෝක ශූරයෙකු වන Blaise Matuidi අලංකාර ලෙස හිසෙන් පන්දුව දැල වෙත යොමු කිරීමකින් Juve ගෝල ගණන දෙගුණ කළා.

Stefan Savic Atletico වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළ අතර සෑහෙන උත්සාහයකින් පසුව අවසන් මිනිත්තුවේ දී Herrera, Corner අවස්ථාවකින් පැමිණි පන්දුව ගෝල රාමුව තුලට එල්ල කළේ සුපිරි තරගයකට සුපිරි අවසානයක් ගෙන එමින්

මේ තරගයේ දී වේල්ස් ක්‍රීඩක Aaron Ramsey, Juventus වෙනුවෙන් සිය පළමු තරගය ක්‍රීඩා කිරීම විශේෂත්වයක් වුනා.

අවසන් ලකුණු තත්වය: Atletico Madrid 2 – 2 Juventus

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • Atletico Madrid – Savic (70′), Herrera (90′)
  • Juventus – Ju Cuadrado (48′), Matuidi (65′)

ඡායාරූප

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<