Napoli ගෙන් ශූරයින්ට කණේ පහරක්; Barcelona, Chelsea බලාපොරොත්තු සුන්

58

2019/20 UEFA ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලිය අද (18) අලුයම ආරම්භ වුනා. තරගයේ පළමු දිනයේම වත්මන් ශූරයින් වන Liverpool නොසිතූ ලෙස පරාජය වෙද්දී Barcelonaට සිදු වූයේ හිස් අතින් ගෙදර එන්නයි.

Arsenal නූලෙන් බේරෙයි

එංගලන්ත Premier League පාපන්දු තරගාවලිය යටතේ …..

වත්මන් ශූරයින්ට ප්‍රංශයෙන් පාඩමක්

Dries Mertensගේ දඬුවම් පහරෙන් හා Fernando Llorente තරගයේ අවසන් මිනිත්තු කිහිපයේ රැස් කළ ගෝලයෙන් Napoli කණ්ඩායම Liverpool ගෝල 2-0ක් ලෙස පරාජය කරන්නට සමත් වුනා. තරගය පැවැත්වුණේ E කාණ්ඩයේ තරගයක් ලෙසයි. 

1994 වසරේ AC Milan කණ්ඩායමට පසුව පෙර තරගාවලියේ ශූරයින් බවට පත් වී මීළඟ තරගාවලියේ පළමු තරගය පරාජය වුණු පළමු ශූරයින් බවට Liverpool පත් වීම විශේෂත්වයක්. 

තරග ආරම්භයේ දී Liverpool වෙනුවෙන් දක්ෂ ගෝල රැකීම් ද්විත්වයක නිරත වන්නට Adrian සමත් වුනා. San Paolo ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයින් හමුවේ ක්‍රීඩා කිරීම Liverpool කණ්ඩායමට දැඩි අභියෝගයක් ද වුනා.

ආබාධයකට ලක්ව සිටින ගෝල රකින ක්‍රීඩක Alisson වෙනුවට ක්‍රීඩා කළ Adrian, Fabian Ruiz හා Mertensගේ දක්ෂ ආක්‍රමණයන් සාර්ථක ලෙස ව්‍යර්ථ කළා.

සත්කාරකයින්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරමින් මොහොමඩ් සලාහ් ගෝලයක් සඳහා ප්‍රබල උත්සාහක නිරත වූ නමුත් Napoli ගෝල රකින ක්‍රීඩක Alex Meret එම අවස්ථාව සාර්ථකව ව්‍යර්ථ කළා. Sadio Maneගේ ප්‍රබල ප්‍රහාරයටත් අත් වුනේ එම ඉරණමමයි.

බෙල්ජියම් ක්‍රීඩක Mertens 82 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් මගින් ලකුණු රැස් කළේ Liverpool ආරක්ෂක ක්‍රීඩක Andy Robertson විසින් Jose Callejon බිම හෙලීම නිසා විනිසුරු ලබා දුන් දඬුවම් පහරක් භාවිතා කරමින්.   

Tottenham කණ්ඩායමේ සිට Napoli වෙත එක්වුණු Llorente, Virgil van Dijkගේ අතපසුවීමක් උපයෝගී කර ගනිමින් අවසන් මිනිත්තුවේ දී Liverpool ගෝල රකින ක්‍රීඩක Adrian මඟ හරිමින් අලංකාර ගෝලයක් රැස් කළා.   

අවසන් ලකුණු තත්වය : Liverpool 0 – 2 Napoli

ගෝල ලබා ගත් ක්‍රීඩකයෝ

  • Napoli – Llorente 90+2’, Mertens 82’

කවිඳුට ගෝලයක් වාර්තා කරගන්න තිබුණා – පකීර් අලි

2022 FIFA ලෝක කුසලානය හා 2023 ආසියානු කුසලාන ……..

මඟ හැරුණු දඬුවම් පහරින් Dortmund ජය අවහිර වෙයි

Barcelona ක්‍රීඩක Marc-Andre Ter Stegen විසින් Marco Reusගේ දඬුවම් පහර වැළැක්වීම නිසා Borussia Dortmund හා Barcelona අතර තරගය ගෝල 0-0ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුනා. සුපිරි ක්‍රීඩක Lionel Messi ආබාධයකින් පසුව මෙවර තරග වාරයේ පළමු වතාවට කණ්ඩායමට ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.   

Dortmund කණ්ඩායම දෙවන අර්ධයේ ප්‍රබල ආක්‍රමණයක් එල්ල කළත් Ter Stegen අලංකාර ලෙස සිය ජර්මානු සගයා Reusගේ දඬුවම් පහර ව්‍යර්ථ කළා.  

පසුව Julian Brandt, Ter Stegen පසුකර පන්දුව රාමුව වෙත යොමු කළත් අවාසනාවන්ත ලෙස පන්දුව ගෝල රාමුවේ වැදී ඉවත ගියා.

Barcelona කණ්ඩායම වෙනුවෙන් 16 හැවිරිදි Ansu Fati සිය පළමු ශූරයින්ගේ ලීග් තරගය ක්‍රීඩා කළ නමුත් ඔහුට එතරම් වෙනසක් කිරීමට හැකි වුනේ නැහැ. කෙසේ වෙතත් ඔහු වෙනුවට 59 වැනි මිනිත්තුවේ දී සුපිරි ක්‍රීඩක Lionel Messi ආදේශනය වුනා.  

Iduna Park ක්‍රීඩාංගණයේ Dortmund ප්‍රේක්ෂකයින් හමුවේ ක්‍රීඩා කිරීම Barcelona කණ්ඩායමට එතරම් පහසු වුණේ නැහැ. යොවුන් ක්‍රීඩක Jadon Sancho, Reus හා Thorgan Hazard පළමු අර්ධයේ දී ද Barcelona කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට සමත් වුනා.

Hazard පළමු අර්ධයේ ආසන්නතම අවස්ථාව නිර්මාණය කළ අතර ඔහු දක්ෂ ධාවනයකින් පසුව පන්දුව Reus වෙත භාර දුන්නත්, Reusගේ උත්සාහය Ter Stegen අලංකාර ලෙස ව්‍යර්ථ කළා. 

දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 12කට පසුව Sancho සිය කණ්ඩායමට දඬුවම් පහර දිනා දෙන්නට සමත් වුනා. ඒ Nelson Semedo ඔහුට කළ බාධා කිරීමක් නිසයි.  

Reus සාර්ථකව පන්දුව ගුවනේ පා කර ගෝල රාමුවේ කොණ වෙත යොමු කළත් ගුවනේ පාවී ගිය Ter Stegen සිය වම් අතින් දක්ෂ ලෙස පන්දුව ගෝල රාමුවෙන් ඉවතට යොමු කරන්නට සමත් වුනා.  

Reus හා Alcacer දිගින් දිගටම ආක්‍රමණයේ යෙදුණු අතර කිහිප වරක්ම ඔවුන්ගේ ප්‍රහාරයන් Ter Stegen අසලින් නැවතුණා.  

අවසන් ලකුණු තත්වය : Borussia Dortmund 0 – 0 Barcelona

අපහාසවලට Neymarගෙන් පිළිතුරු; Premier League ශූරයින්ට පාඩමක්

සති දෙකක කාලයක් පුරාවට පැවති ජාත්‍යන්තර තරග …….

Chelsea කණ්ඩායමේ ශූරයින්ගේ ලීග් ආගමනය අසාර්ථකයි 

Chelsea කණ්ඩායමේ වසර කිහිපයකට පසුව ශූරයින්ගේ ලීග් තරගාවලියට නැවතත් සුදුසුකම් ලැබුවත් ඔවුන්ට සිය පළමු තරගයෙන් Valencia හමුවේ ගෝල 1-0ක් ලෙස පරාජය වන්නට සිදු වුනා. මෙම තරගයේ දී Ross Barkley හට Chelsea වෙනුවෙන් දඬුවම් පහරක් මඟ හැරීම විශේෂත්වයක්.

Frank Lampard පුහුණුකරුවෙකු ලෙස සහභාගී වූ පළමු ශූරයින්ගේ ලීග් තරගය ඔහුට එතරම් සුබ වුනේ නැහැ. නිදහස් පහරක් අතරතුර දී සිදු වූ අනවශ්‍ය බාධා කිරීමක් නිසා Valencia කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වුණු අතර Rodrigo 74 වැනි මිනිත්තුවේ දී එම අවස්ථාව අලංකාර ලෙස සාර්ථක කර ගන්නට සමත් වුනා.  

චෙල්සි වෙනුවෙන් පසුගිය සතිවල දී ඉතා ඉහළ දස්කම් දැක්වූ Mason Mount තරගය ආරම්භයේ දී ම ආබාධයක් නිසා පිටියෙන් ඉවත් වුනා. Chelsea කණ්ඩායමට තරගයේ ගෝල සම කිරීමට ඉතා අනගි අවස්ථාවක් ලැබුණේ විනිසුරු VAR තාක්ෂණය භාවිතා කිරීමෙන් Daniel Wass, Tomoriගේ හිසෙන් පන්දු යොමු කිරීම සිය අතෙන් නැවැත්වීමට උත්සහ කළ බව පවසමින් දඬුවම් පහරක් ලබා දීම නිසයි.    

ඊට මිනිත්තු අටකට පෙර පිටියට පැමිණි Barkley, Jorginho හෝ Willianට පන්දුව ලබා නොදී එම දඬුවම් පහර ලබා ගත් අතර අවාසනාවන්ත ලෙස ඔහුගේ අතින් එම අවස්ථාව ගිලිහී ගියේ කණ්ඩායමේ ජයග්‍රහණ බලාපොරොත්තු බිඳිමින්. 

අවසන් ලකුණු තත්වය : Chelsea 0 – 1 Valencia  

ගෝල ලබා ගත් ක්‍රීඩකයෝ

  • Valencia – Rodrigo 74’

>>ඡායාරූප<<

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<