Arsenal නූලෙන් බේරෙයි

132

එංගලන්ත Premier League පාපන්දු තරගාවලිය යටතේ Watford FC කණ්ඩායම හා Arsenal කණ්ඩායම අතර ඊයේ (15) ‘Vicarage Road’ ක්‍රීඩාංගණයේ දී පැවති තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ගෝල 2-2ක් වශයෙන් ජය පරාජයෙන් තොරව අවසන් විය. 

අපහාසවලට Neymarගෙන් පිළිතුරු; Premier League ශූරයින්ට පාඩමක්

සති දෙකක කාලයක් පුරාවට පැවති ජාත්‍යන්තර තරග …..

Arsenal ඉදිරිපෙළ ක්‍රීඩක Alexandre Lacazette වළලුකර ප්‍රදේශයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තරගයට ඇතුළත් කර නොතිබූ අතර අනෙක් පසින් Mesut Ozil ආරම්භක සංචිතයේ සිය ස්ථානය වෙන්කරගෙන තිබුණේ Arsenal වෙනුවෙන් මෙම තරග වාරයේ පළමු තරගය ක්‍රීඩා කරමිනි. 

තරගයේ 10 වැනි මිනිත්තුවේ දී Tom Cleverly ගෝල රාමු කලාපය පිටත සිට පහරක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කිරීමට උත්සාහ කළත් එහි දී ඔහු එල්ල කළ පහර Arsenal ගෝල රකින ක්‍රීඩක Bernd Leno දක්‍ෂ ලෙස ගෝල රාමුවෙන් ඉවතට යොමුකරන්නට සමත් විය. 

අනතුරුව ක්‍රියාත්මක වූ Pierre-Emerick Aubameyang ඉතා අගනා ගෝල ද්විත්වයක් වාර්තා කරගනිමින් Arsenal කණ්ඩායම ප්‍රබල ස්ථානයකට ඔසවා තබන්නට හැකි විය. Sead Kolasinac විසින් පන්දුව ඉදිරියට රැගෙන එමින් එය ගෝල රාමු කලාපය තුළ සිටි Aubameyang වෙත බාර කළ අතර ඔහු ඉතා දක්‍ෂ ලෙස එය පාලනය කරගනිමින් ගෝල රාමුව තුළට යොමුකිරීමෙන් එහි දී පළමු ගෝලය වාර්තා විය. 

අනතුරුව Ozil විසින් ඉතා විශිෂ්ට ලෙස ගෝල රාමුව තුළට යොමු කළ පන්දුවක් අන්තයේ සිටි Ainsley Maitland-Niles එය ගෝල රාමුව ඉදිරිපිටට පැමිණි Aubameyang වෙත යොමු කළ අතර ඔහු ඉතා පහසුවෙන් එය ගෝල රාමුව තුළට යොමුකරමින් සිය දෙවැනි ගෝලය වාර්තා කරගන්නට සමත් විය. 

කවිඳුට ගෝලයක් වාර්තා කරගන්න තිබුණා – පකීර් අලි

2022 FIFA ලෝක කුසලානය හා 2023 ආසියානු කුසලාන ……..

පළමු අර්ධය පුරාවට Watford ක්‍රීඩකයින් අවස්ථා කිහිපයක දීම ගෝල වාර්තා කරගැනීමට අවස්ථාවන් නිර්මාණය කර ගනු ලැබුවත් ඔවුන් ඒවා සාර්ථකව අවසන් කරගන්නට සමත් වූයේ නැත. 

පළමු අර්ධය: Watford 0 – 2 Arsenal

Watford ක්‍රීඩකයින් විසින් දෙවැනි අර්ධයට ප්‍රවේගකාරී ආරම්භයක් ලබා ගත්තේ 53 වැනි මිනිත්තුවේ දී ඔවුන්ගේ පළමු ගෝලය වාර්තා කරගනිමින් තරගයට අවතීර්ණ වෙමිනි. එහි දී Arsenal ක්‍රීඩක Sokratis Papastathopoulos විසින් Matteo Guendozi වෙත යොමු කළ පන්දුවක් සිය ග්‍රහණයට ගත් Gerard Deulofeu හට එය නිසි පරිදි පාලනය කරගැනීමට නොහැකි වුවත් එය ගෝල රාමු කලාපය තුළ සිටි Cleverly වෙත යොමුවූ අතර ඔහු එහි දී පන්දුව සාර්ථකව ගෝල රාමුව තුළට යොමුකිරීමෙන් එම ගෝලය වාර්තා විය. 

අනතුරුව කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් හට ගෝලයක් වාර්තා කරගැනීමට අවස්ථාවන් කිහිපයක්ම හිමිවුවත් ඔවුන් ඒවා ගෝල බවට පරිවර්තනය කරගැනීමට සමත් වූයේ නැත. 

පසුව තරගයේ 78 වැනි මිනිත්තුවේ දී David Luiz විසින් සිය ගෝල රාමු කලාපය තුළ දී ආදේශක ක්‍රීඩක Roberto Pereyra හමුවේ සිදු කළ foul කිරීමක් වෙනුවෙන් Watford වෙත දඬුවම් පහර අවස්ථාවක් පිරිනැමුණු අතර එය ලබා ගත් Pereyra සාර්ථකව පන්දුව ගෝල රාමුව තුළට යොමුකරමින් තරගයේ ලකුණු තත්වය සම කරන්නට සමත් විය. 

සුජාන්ගේ වීර ක්‍රියා හමුවේ උතුරු කොරියාවට නොසිතූ අභියෝගයක්

2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියට හා ……..

අනතුරුව තරගය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී Ismaila Sarr විසින් ගෝල රාමුව තුළට යොමු කළ පන්දුවක් හරහා Abdoulaye Doucoure හට ගෝලයක් වාර්තා කරගනිමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කරගන්නට අගනා අවස්ථාවක් අවස්ථාවක් හිමිවුවත් එහි දී ඔහු එල්ල කළ පහර සෘජුවම Leno වෙත යොමුවීම හේතුවෙන් ඔවුන්ගෙන් එම අවස්ථාව ගිලිහී යන්නට විය. 

ඒ අනුව විනිසුරුවරයා විසින් තරගය අවසන් කිරීමේ සීනුව නාද කරන විට කණ්ඩායම් දෙකම ගෝල 2 බැගින් වාර්තා කරගෙන සිටීම නිසා තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.  

සම්පූර්ණ කාලය: Watford 2 – 2 Arsenal

ගෝල ලාභීන්

  • Watford – Tom Cleverly 53’, Roberto Pereyra 81’ (P)
  • Arsenal – Pierre-Emerick Aubameyang 21’ 32’ 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<