Manchester City හා Chelseaට පහසු ජයග්‍රහණ

70

එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ නව වන සති අන්තය ඊයේ (20) දා ආරම්භ වුනා. ජාත්‍යන්තර තරග විවේකයට පසුව එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු පිටිය නම් ඉතාම සාමකාමී මුහුණුවරක් ගත්තා.

Manchester City කණ්ඩායම පහසු ජයක් වාර්තා කරයි

Gabriel Jesusගේ හා David Silvaගේ සුපිරි දක්ෂතා නිසා Manchester City ගෝල 2-0ක් ලෙස Crystal Palace පරාජය කරන්නට සමත් වුනා.  

Sergio Aguero වෙනුවට පිටියට පිවිසුණු Jesus, Bernado Silvaගේ අලංකාර පන්දු යොමු කිරීමක් 39 වැනි මිනිත්තුවේ දී සිය හිසෙන් දැල්ගත කළේ Manchester United වෙනුවෙන් සිය 50 වැනි ගෝලය වාර්තා කරමින්. 

ඊට මිනිත්තු දෙකකට පසුව David Silva, Raheem Sterlingගේ ප්‍රහාරයකින් ගුවනේ පැමිණි පන්දුව හරවා දැල වෙත යොමු කළේ City ගෝල පරතරය දෙගුණ කරමින්. 

City සහ United අසාර්ථක වෙද්දී Barcelona හට රතු කාඩ්පත්

එංගලන්ත Premier League සහ ස්පාඤ්ඤ La Liga තරගාවලිවල අටවන සතියේ හා ඉතාලි Serie A…

දෙවන අර්ධයේ දීත් Bernado හා Jesus ගෝල ලබා ගැනීම සඳහා ප්‍රබල ප්‍රහාර දියත් කළත් ගෝල රකින ක්‍රීඩක Wayne Hennesseyගේ උත්සාහයන් හමුවේ එම අවස්ථාවන් සියල්ල ව්‍යර්ථ වුනා.  

City ගෝල රකින ක්‍රීඩක Ederson, Crystal Palace ක්‍රීඩක Christian Benteke ප්‍රබල හිසෙන් පන්දු යොමු කිරීමක් ව්‍යර්ථ කළ අතර පසුව Wilfried Zahaගේ ප්‍රහාරයක් ගෝල රාමුවෙන් ඉවතට යොමු කරන්නට සමත් වුනා.  

අවසන් ලකුණු තත්වය: Manchester City 02 – 00 Crystal Palace

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Manchester City – Gabriel Jesus 39′, David Silva 41′

Tottenhamට තවත් දුක්බර සැන්දෑවක්

Dele Alliගේ අවසන් මොහොතේ ප්‍රහාරයෙන් Tottenham Hotspur කණ්ඩායම Watford හමුවේ ගෝල 1-1ක් ලෙස තරගය සම කර ගන්නට සමත් වුනා.  

Watford කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක Ben Fosterගේ අතපසුවීමක් ප්‍රයෝජනයට ගත් Dele Alli 86 වැනි මිනිත්තුවේ දී තරගයේ ගෝල සම කළේ Watford කණ්ඩායමට සිය පළමු ජය අහිමි කරමින්. 

සයවැනි මිනිත්තුවේ දී Abdoulaye Doucoure, Watford වෙනුවෙන් තරගයේ පළමු ගෝලය වාර්තා කළේ Daryl Janmaatගේ හරස් පන්දු යොමු කිරීමක් උපයෝගී කර ගනිමින්.  

දකුණු කොරියාවෙන් දරුණු සංග්‍රහයක්

2022 FIFA ලෝක කුසලාන තරගාවලිය හා 2023 ආසියානු කුසලාන තරගාවලිය සඳහා…

Spurs වෙනුවෙන් Son Heung-min දෙවන අර්ධයේ දී පිටියට පිවිසුණු අතර ඊට තත්පර කිහිපයකට පසුව ඔහුගේ ප්‍රහාරයක් ගෝල රාමුවේ වැදී ඉවත ගියා. 

Alliගේ ගෝලය නිසා Spurs අඛණ්ඩව සිය දෙවන තරගයත් පරාජය වීමෙන් ගැලවුනත්, සති කිහිපයක්ම ඔවුන්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි වීම කැපී පෙනෙන කරුණක්.

අවසන් ලකුණු තත්වය: Tottenham Hotspur 01 – 01 Watford

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

  • Tottenham Hotspur – Dele Alli 86′
  • Watford – Abdoulaye Doucouré 6′

Chelsea හුදකලා ගෝලයකින් ජය ගනියි  

Marcos Alonsoගේ හුදකළා ගෝලයෙන් Chelsea කණ්ඩායම ගෝල 1-0ක් ලෙස Newcastle United කණ්ඩායම පරාජය කළා. ඒ අනුව Chelsea කණ්ඩායම ප්‍රිමියර් ලීග් ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වුනා. 

Chelsea කණ්ඩායම පළමු අර්ධයේ දී ප්‍රබල ආක්‍රමණයක යෙදුණු අතර Willian හිසෙන් පන්දු යොමු කිරීමක් ගෝල රාමුවෙන් ඉවත යද්දී Mason Mountගේ ප්‍රහාරයක් ගෝල රකින ක්‍රීඩක Martin Dubravka අසාර්ථක කළා.  

දෙවන අර්ධය ආරම්භයේ දී ම Tammy Abrahamගේ ප්‍රහාරයන් දෙකක් ගෝල රාමුවට ඉහළින් පාවී ගියා. 

Christian Pulisicගේ ප්‍රහාරයක් ද Dubravka ව්‍යර්ථ කළා. කෙසේ වුනත් Alonso 73 වැනි මිනිත්තුවේ දී Callum Hudson-Odoiගේ පන්දු යොමු කිරීමක් යොදාගෙන තරගයේ එකම ගෝලය වාර්තා කළා.  

මේ Chelsea කණ්ඩායමේ අඛණ්ඩ තෙවැනි ප්‍රිමියර් ලීග් ජයයි.

අවසන් ලකුණු තත්වය: Chelsea 01 – 00 Newcastle United

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Chelsea – Marcos Alonso 73′

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<