Ronaldo ගෝල 700ය ඉක්මවා යද්දී Lewandowskiගෙන් තවත් වාර්තාවක්

80

මේ සති අන්තයේ දී ස්පාඤ්ඤ La Liga තරගාවලිය මෙන්ම ඉතාලි Serie A හා ජර්මානු Bundesliga තරගාවලි ද තරගාවලි ද ඉතා මුහුණුවරක් ගත්තා.

බාසිලෝනා ලකුණු සටහනේ පළමු ස්ථානයට

Antoine Griezmann, Lionel Messi හා Luis Suarezගේ දක්ෂතා නිසා Barcelona කණ්ඩායම Eibar ගෝල 3-0ක් ලෙස පරාජය කරන්නට සමත් වුනා. 

13 වැනි මිනිත්තුවේ දී Griezmann, ගෝල රකින ක්‍රීඩක Marko Dmitrovic පසු කරමින් පන්දුව ගෝල රාමුව වෙත යොමු කළේ තරගයේ පළමු ගෝලය වාර්තා කරමින්.  

දෙවන අර්ධයේ දී Suarezගේ උත්සහයක් Off Side යැයි පවසමින් විනිසුරු නිෂ්ප්‍රභ කළ අතර සුපිරි ක්‍රීඩක Lionel Messi දෙවැනි බාසිලෝනා ගෝලය වාර්තා කළා.  

City සහ United අසාර්ථක වෙද්දී Barcelona හට රතු කාඩ්පත්

එංගලන්ත Premier League සහ ස්පාඤ්ඤ La Liga තරගාවලිවල අටවන සතියේ හා ඉතාලි Serie A …

Messiගේ දක්ෂ පන්දු යොමු කිරීමක් Suarez හමුවේ ගෝලයක් බවට පරිවර්තනය වුනේ තරගයේ තෙවැනි ගෝලය ලෙසයි.

තරගයේ සුවිශේෂම සිදුවීම වුනේ දක්ෂ බාසිලෝනා ක්‍රීඩකයෙකු වන Sergi Roberto මේ තරගයේ දී ආබාධයකට ලක්වීමයි. මේ අතරම ලබන සතියේ Real madrid හා Barcelona අතර පැවැත්වීමට නියමිතව තිබුණු El Clasico තරගය කල් දමන්නට ද බලධාරීන් තීරණය කර තිබෙනවා.

අවසන් ලකුණු තත්වය: Barcelona 03 – 00 Eibar  

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Barcelona – Griezmann 13′, Messi 58′, Suárez 66′

Real Madridට දරුණු පරාජයක්.

Real Madrid ඊයේ මෙවර තරග වාරයේ සිය පළමු La Liga පරාජයට මුහුණ දුන්නා. ඒ Mallorca හමුවේ ගෝල 1-0ක් ලෙස පරාජය වීම නිසයි.

Mallorca කණ්ඩායමේ Lago Junior තරගයේ වාර්තා වූ එකම ගෝලය වාර්තා කළ අතර හත්වැනි මිනිත්තුවේ දී ගෝල රාමුවේ පහළ කෙළවරින් පන්දුව යොමු කරමින් ඔහු එම ගෝලය වාර්තා කළා. 

Karim Benzema, Real Madrid වෙනුවෙන් එකම ආසන්න අවස්ථාව වාර්තා කළ අතර ඔහුගේ ප්‍රහාරය ගෝල රාමුවේ වැදී ඉවත ගියා.

Gareth Bale, Luka Modric හා Toni Kroos සුළු ආබාධයන් නිසා මෙම තරගයට සහභාගී නොවුණු අතර Eden Hazard ද පෞද්ගලික කරුණක් මත මෙම තරගයට ක්‍රීඩා කළේ නැහැ.

කෙසේ වෙතත් ප්‍රබලයින් නොමැතිව දුර්වල වූ Real Madridට ප්‍රතිවාදී ගෝලය ආක්‍රමණය කිරීමට ලැබුණේ කිහිපවරක් පමණයි.

Ante Budimir, Real Madridට එරෙහිව පළමු අර්ධයේ දී මනරම් ගෝලයක් වාර්තා කළත් විනිසුරු offside බව පවසමින් එම ගෝලය නිෂ්ප්‍රභා කළේ Zidaneගේ කණ්ඩායමට සැනසුම් සුසුම් ගෙනෙමින්.  

74 වැනි මිනිත්තුවේ දී Madrid ක්‍රීඩක Odriozola රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත්ව ගියේ සිය කණ්ඩායම කබලෙන් ලිපට වට්ටමින්. 

අවසන් ලකුණු තත්වය: Real Madrid 00 – 01  Mallorca

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Mallorca – Lago 7′

Robert Lewandowskiගේ උත්සාහය අපතේ යයි

Robert Lewandowskiගේ මෙවර තරග වාරයේ 16 වැනි ගෝලය Bayern Munich කණ්ඩායමේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවුණු අතර ප්‍රබල Bayern හා Augsburg අතර තරගය ගෝල 2-2ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

Alfred Finnbogason අවසන් මිනිත්තුවේ දී වාර්තා කළ ගෝලය නිසා තරගය සම සමව අවසන් වුනා.

Augsburg කණ්ඩායමේ Marco Richter තත්පර 30ක් ඇතුළත තරගයේ පළමු ගෝලය වාර්තා කළ අතර Lewandowski සිය හිසෙන් පන්දුව දැල් ගත කරමින් තරගයේ ගෝල සම කළා. 

Serge Gnabry සිය වම් පාදයෙන් වාර්තා කළ අලංකාර ගෝලයෙන් තරගය අවසන් යැයි සියලු දෙනා සිතුවත් Finnbogasonගේ අවසන් මිනිත්තුවේ ගෝලය තරගය ජය පරාජයෙන් තොරව අවසන් කළා. 

ඒ නිසාම Bayern ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා පහළට ඇද වැටුණා.

පෝලන්ත සුපිරි තරුව Lewandowski මේ වන විට අඛණ්ඩ තරග 8ක දී ගෝල වාර්තා කර ඇති අතර ඒ අනුව ඔහු Roy Makaayගේ වසර 14ක් පැරණි වාර්තාවක් ද සම කළා. 

අවසන් ලකුණු තත්වය: Bayern Munich 02 – 02 Augsburg

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Bayern Munich – Lewandowski (14′), Gnabry (49′)
  • Augsburg – Richter (1′), Finnbogason (90’+1)

රොනාල්ඩෝගේ ගෝල මැෂිම යළි ක්‍රියාත්මක වෙයි

Cristiano Ronaldoගේ ආරම්භක ගෝලයේ සවියෙන් Juventus ගෝල 2-1ක් ලෙස Bologna පරාජය කළා.   

19 වැනි මිනිත්තුවේ දී Ronaldo ගෝලය අසලම හිඳිමින් කළ විශිෂ්ට ප්‍රහාරයකින් Juventus ලකුණු පුවරුව ක්‍රියාත්මක කළා. 

ඊට මිනිත්තු කිහිපයකට පසුව Danilo තරගයේ ගෝල සම කරන්නට සමත් වුනා.

දකුණු කොරියාවෙන් දරුණු සංග්‍රහයක්

2022 FIFA ලෝක කුසලාන තරගාවලිය හා 2023 ආසියානු කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් …

දෙවන අර්ධයේ දී Bologna ආරක්ෂකයින්ගේ දුර්වලතාවයක් හඳුනා ගත් Miralem Pjanic, Juve වෙනුවෙන් දෙවන හා ජයග්‍රාහි ගෝලය වාර්තා කළා. Bologna තරගයේ ගෝල සම කිරීමට කළ එක් උත්සහයක් ගෝල රාමුවේ වැදී ඉවත ගිය අතර අවසන් මිනිත්තුවේ කළ ප්‍රහාරයක් Gianluigi Buffon ගුවනේ පාවී ගොස් ව්‍යර්ථ කළා.    

ඒ අනුව Christiano Ronaldo සිය පාපන්දු දිවියේ ගෝල 700යේ සීමාව ඉක්මවා යෑම විශේෂත්වයක්.

අවසන් ලකුණු තත්වය: Juventus 02 – 01 Bologna

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • Juventus – Cristiano Ronaldo (19′) Miralem Pjanic (54′)
  • Bologna – Danilo (26′)

PSGට දැවැන්ත ජයක්

Angel Di Mariaගේ ගෝල ද්විත්වයේ බලයෙන් Paris Saint-Germain ගෝල 4-1ක් ලෙස OGC Nice පරාජය කළා.  

අවසන් මිනිත්තු 20 තුළ Nice ක්‍රීඩකයින් වන Wylan Cyprien හා Christophe Herelle යන ක්‍රීඩකයින් දෙදෙනාම රතු කාඩ්පත් ලබා පිටියෙන් ඉවත් වුනේ සත්කාරක කණ්ඩායම දැඩි අර්බුදයක හෙළමින්.  

Angel Di Maria 15 වැනි මිනිත්තුවේ දී PSG ගෝල වැස්ස ආරම්භ කළ අතර 21 වැනි මිනිත්තුවේ දී ඔහු PSG ලකුණු පුවරුව දෙගුණ කළා. අනතුරුව Ignatius Ganago 67 වැනි මිනිත්තුවේ දී Nice පළමු හා එකම ගෝලය වාර්තා කළා.  

Kylian Mbappe අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිස අනර්ඝ ගෝලයක් වාර්තා කරමින් තරගයේ Nice කණ්ඩායමෙන් ඉවතට රැගෙන ගිය අතර Mauro Icardi අවසන් මිනිත්තුවේ දී PSG ජයග්‍රහණයේ අවසන් ඇණයත් ගසන්නට සමත් වුනා.  

අවසන් ලකුණු තත්වය: Paris Saint-Germain 4 – 1 OGC Nice

ගෝල ලබා ගත් ක්‍රීඩකයෝ

  • Paris Saint-Germain – Ángel Di María (15′, 21′) Kylian Mbappé (88′) Mauro Icardi (90’+1′)
  • OGC Nice – Ignatius Ganago (67′) 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<