ශ්‍රී ලංකාව සිය මංගල ප්‍රවීණයින්ගේ ලෝක කුසලානයට සුදානම් වෙයි

116

ශ්‍රී ලංකා හොකී ක්‍රීඩාවේ ප්‍රවීණයින් තවත් වතාවක් ශ්‍රී ලංකාවට උපරිම ගෞරවය ගෙන දීම සඳහා ජුලි 27වන දා සිට අගෝස්තු 8 වැනිදා දක්වා ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර දී පැවැත්වෙන 2018 Exin ප්‍රවීණන්ගේ හොකී ලෝක කුසලානයට සහභාගී වනු ඇත.

තියුණු තරගයකට පසු ශාමාල් ශූරතාව දිනාගනී

ශ්‍රී ලංකාවේ පැරණිතම ටෙනිස් තරගාවලියක් වන කොළඹ ශූරතා ටෙනිස් තරගාවලියේ පිරිමි විවෘත කාණ්ඩයේ…

සෑම වසර දෙකකටම වරක් Exin ප්‍රවීණයින්ගේ හොකී තරගාවලිය පැවැත්වෙන අතර 2012 වසරේ සිට ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ හොකී සංගමය හා අන්තර්ජාතික හොකී සංගමය එක්ව මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.

හිටපු ශ්‍රී ලංකා ප්‍රවීණ හොකී ක්‍රීඩකයින් 18 දෙනෙකු හිටපු රාජකීය විද්‍යාලයයීය ක්‍රීඩක හා CH & FC ක්‍රීඩක අශෝක් පීරිස් ගේ නායකත්වය යටතේ තරගාවලියට එක්වන අතර අශෝක් පිරිස් මහතා 1987 සිට 1996 දක්වා ශ්‍රී ලංකා වර්ණ දිනූ ක්‍රීඩකයෙකි. තවද වසර 10කට වඩා ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් සමඟින් ආනන්ද ද සිල්වා මහතාද කණ්ඩායමට එක්වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම වයස අවුරුදු 40ට වැඩි වයස් කාණ්ඩයට ක්‍රීඩා කරන අතර එම කාණ්ඩයට කණ්ඩායම් 15ක් අයත් වේ. සත්කාරක ස්පාඤ්ඤය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඇමරිකාව, ප්‍රංශය, ඉතාලිය මෙම කාණ්ඩයේ තරග වදින අනෙක් කණ්ඩායම් වේ..

 “ලෝකය දන්නේ නැහැ ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාවේ තත්වය. අපි අපේ පළමු ප්‍රවීණයන්ගේ ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමත් සමඟ අපි බලාපොරොත්තු වෙනවා මීළඟ පරම්පරාවට හොකී ක්‍රීඩාවට ඇති ආශාවත් ඔවුන්ට ඇති අවස්ථාවනුත් ඉහළ යයි කියලා” අශෝක් පිරිස් මහතා ThePapare.com වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.

 >> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<