ලෝක කුසලානයට එන ඇෆ්ගනිස්ථානය සංචිතය

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

363

2022 වසරේ ඔක්තෝබර් 16 වැනිදා ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන ඇෆ්ගනිස්තාන සංචිතය පසුගිය දා නම් කෙරුණා. එයට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත්.

පසුගිය දා අවසන් වූ 2022 ආසියානු කුසලානයේ දී ඇෆ්ගනිස්තානයට නායකත්වය දුන් මොහොමඩ් නබි නැවතත් නායකත්වයට පත්ව සිටිනවා.

ආසියානු කුසලාන සංචිතයට ඇතුළත්ව සිටි Samiullah Shinwari, Hashmatullah Shahidi, Afsar Zazai, Karim Janat සහ Noor Ahmad ලෝක කුසලාන සංචිතය සඳහා ඇතුළත් වන්නේ නැහැ.

දඟපන්දු යවන ක්‍රීඩක Qais Ahmed නැවතත් ඇෆ්ගනිස්ථාන සංචිතයට කැඳවා ඇති අතර ඔහු අවසන් වරට එරට නියෝජනය කළේ 2022 මාර්තු මාසයේ දී බංග්ලාදේශයට එරෙහිව පැවති විස්සයි විස්ස තරගයේ දීයි. ඔහුට අමතරව 20 හැවිරිදි ක්‍රීඩක Safi ඔහුගේ මංගල ජාත්‍යන්තර කැඳවීම ලබාගෙන තිබෙනවා.

Afsar Zazai, Sharafuddin Ashraf, Rahmat Shah සහ Gulbadin Naib සංචිතයේ අතිරේක ක්‍රීඩකයන් ලෙස නම් කර ඇති අතර, කණ්ඩායමේ සෙසු සාමාජිකයින් හුරුපුරුදු නම් වලින් සමන්විත වනවා.

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ඉතාමත් වැදගත් තරගාවලියක්. ඒ තරගාවලියට හොඳින් දේවල් ගොඩනඟා ගැනීමට ආසියානු කුසලානය කණ්ඩායමට ඉතා හොඳ අවස්ථාවක්”, ඇෆ්ගනිස්ථාන ප්‍රධාන තේරීම් කමිටු Noor Malikzai පවසා සිටියා.

වාසනාවකට මෙන්, Darwish Rasooli ඔහුගේ ඇඟිල්ලේ ආබාධයෙන් සුවය ලබා තිබෙනවා. ඔහු ලෝක කුසලාන සංචිතය සඳහා එක්කර ගැනීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. ඔහු කලින් පැවති Shpageeza Cricket League තරගාවලියේ දී හොඳ දස්කම් පෙන්නුම් කර තිබෙනවා. අපි හිතනවා අපේ මැද පෙළට ඔහු අමතර පිතිකරණ ශක්තියක් වේවි කියලා.

ඕස්ට්‍රේලියානු තණතීරු වේග පන්දු යවන්නන්ට හොඳ සහයක් ලබා දෙනවා. ඒ නිසා අපගේ පන්දු යැවීමේ අංශයට තවදුරටත් ශක්තියක් එක් කිරීමට අපි දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක Salim Safi කණ්ඩායමට එක් කළා. සමස්තයක් වශයෙන් අපි මෙම සංචිතය සඳහා අපට සිටින හොඳම ක්‍රීඩකයින් තෝරාගෙන තියනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් මේ ජාත්‍යන්තර ඉසව්වේ දී හොඳින් රට නියෝජනය කරාවි කියලා.”

ඇෆ්ගනිස්තානය විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු කාණ්ඩයට අයත් වන අතර ඔවුන්ගේ පළමු තරගය ඔක්තෝබර් 22 වැනිදා එංගලන්තයට එරෙහිව පර්ත්හිදී පැවැත්වීමට නියමිත වනවා. ඇෆ්ගනිස්ථානය පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දී තරමක් අසාර්ථක වූ අතර ඔවුන් තරග පහක දී ජයග්‍රහණ දෙකක් සමඟ දෙවන කාණ්ඩයේ සිව්වැනි ස්ථානයට පත්වුනා.

ඇෆ්ගනිස්ථානය නම් කළ විස්සයි ලෝක කුසලාන සංචිතය: Mohammad Nabi (නායක), Najibullah Zadran (උපනායක), Rahmanullah Gurbaz (කඩුළු රකින ක්‍රීඩක), Azmatullah Omarzai, Darwish Rasooli, Farid Ahmad Malik, Fazal Haq Farooqi, Hazratullah Zazai, Ibrahim Zadran, Mujeeb ur Rahman, Naveen ul Haq, Qais Ahmad, Rashid Khan, Salim Safi, Usman Ghani

අතිරේක ක්‍රීඩකයන්: Afsar Zazai, Sharafuddin Ashraf, Rahmat Shah, Gulbadin Naib

ඇෆ්ගනිස්ථානයේ ලෝක කුසලාන තරග කාලසටහන:

  • ඔක්තෝබර් 22 – ඇෆ්ගනිස්ථානය සහ එංගලන්තය, Perth
  • ඔක්තෝබර් 26 – ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය, Melbourne
  • ඔක්තෝබර් 28 – ඇෆ්ගනිස්ථානය සහ මූලික වටයෙන් සුදුසුකම් ලබන කණ්ඩායම, Melbourne
  • නොවැම්බර් 01 – ඇෆ්ගනිස්ථානය සහ මූලික වටයෙන් සුදුසුකම් ලබන කණ්ඩායම, Brisbane
  • නොවැම්බර් 04 – ඇෆ්ගනිස්ථානය සහ ඕස්ට්‍රේලියාව, Adelaide

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<