මංගල ප්‍රදීප් කඩුලු 8ක් දවා ගනී

Tier B - 3 Day Tournament 2025/26

186
Tier B - 3 Day Tournament 2025/26

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B තුන් දින ක්‍රිකට් තරගාවලියේ 5 වැනි සතිය ආරම්භ වූ අද (2) දවසේ දී කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වීමට මංගල ප්‍රදීප් සමත් වුණා.

Leo කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන මංගල ප්‍රදීප් SL Navy කණ්ඩායමට එරෙහි ව ලකුණු 83කට කඩුලු 8ක් දවා ගනිමින් පෑ දක්ෂතාව එසේ කෑපී පෙණීමට හේතු වූවා.

ඊට අමතර ව පන්දු යවන්නන් අතුරින් Moratuwa කණ්ඩායමේ ගයාන් සිරිසෝම ද කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

මේ අතර පිතිකරුවන් අතුරින් SSC කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු (57) සහ කෙනුල් ද සොයිසා (70), SL Navy SC කණ්ඩායමේ ආසිරි ද සිල්වා (65) සහ තෙවිඳු දික්වැල්ල (50), SL Army කණ්ඩායමේ ශෙහද සොයිසා (82), සීක්කුගේ ප්‍රසන්න (84) සහ රත්නරාජා තෙනුරතන් (නොදැවී 82), Colombo Malay කණ්ඩායමේ බුද්ධික හසරංග (89) සහ තිමිර මල්ශාන් (නොදැවී 91), Kandy Customs කණ්ඩායමේ ලහිරු අත්තනායක (51) සහ ලක්ශාන් ගමගේ (52) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

SSC සහ Sebastianites C & AC අතර තරගය කොළඹ, Bloomfield ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Sebastianites C & AC

  • Sebastianites C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 99(45.1)නවිඳු නිර්මාල් 37, කසුන් රාජිත 2/21, ප්‍රමෝද් මදුශාන් 4/30, ප්‍රභාත් ජයසූරිය 2/27
  • SSC – පළමු ඉනිම කඩුලු 5ක්දැවී 163(40.4) අවිශ්ක ප්‍රනාන්දු 57, කෙනුල් ද සොයිසා 70, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 22, බිශාන් හෙට්ටිආරච්චි 2/24, මිරංග වික්‍රමගේ 2/37

SSC කණ්ඩායම ලකුණු 64ක් ඉදිරියෙන්.

Leo CC සහ SL Navy SC අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය –  SL Navy SC

  • SL Navy SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 260(66.0)ආසිරි ද සිල්වා 65, තෙවිඳු දික්වැල්ල 50, රවීන් තරිඳු 37, පූර්ණ චාරුක 25, ගිහාන් ද සොයිසා නොදැවී 22, මංගල ප්‍රදීප් 8/83, මල්ශාන් ගුණසිංහ 2/91
  • Leo CC – පළමු ඉනිම කඩුලු 3ක්දැවී 68(24.0) අකීල් ඉන්හාම් නොදැවී 27,

Leo කණ්ඩායම තවත් ලකුණු 192ක් පිටුපසින්.

SL Army SC සහ Ragama CC අතර තරගය පනාගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Ragama CC

  • SL Army SC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 361 (76.0)ශෙහද සොයිසා 82, සීක්කුගේ ප්‍රසන්න 84, රත්නරාජා තෙනුරතන් නොදැවී 82, කසුන් කරුණාතිලක 3/84, උපුල් ඉන්ද්‍රසිරි 2/110, හරීන් රත්නමුදලි 3/69

Colombo Malay CC සහ Galle CC අතර තරගය කොළඹ, Moors ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය – Colombo Malay CC

  • Colombo Malay CC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 272 (84.0)වෝෂිත අමරසිංහ 22, බුද්ධික හසරංග 89, තිමිර මල්ශාන් නොදැවී 91, රජීව වීරසිංහ 2/68, හංසමාන ද සිල්වා 2/48, සුභානු රාජපක්ෂ 4/71

Kandy Customs SC සහ Moratuwa SC අතර තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • Kandy Customs SC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 204 (76.0)අශාන් රන්දික 21, ප්‍රමේශ් මදුභාෂණ 30, ලහිරු අත්තනායක 51, ලක්ශාන් ගමගේ 52, ගයාන් සිරිසෝම 5/81, චානක රුවන්සිරි 2/62

මෙම තරග සියල්ල හෙට (3) 2 වැනි දිනයට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<