2023 වසරේ එක්දින ඉනිම චමරිගේ නමට

ESPN Cricinfo Awards 2023

703

ගෙවී ගිය 2023 වසරේ කාන්තා ක්‍රිකට් එක්දින ඉනිම ලෙස චමරි අතපත්තු විසින් නවසීලන්තයට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 140 තෝරා ගැනීමට ලෝ ප්‍රකට ESPN Cricinfo වෙබ් අඩවිය විසින් තීරණය කර තිබෙනවා. 

ESPN Cricinfo විසින් ගෙවුණු වසරේ කාන්තා සහ පිරිමි ක්‍රිකට් තරග රටා සියල්ලම ආවරණය වන පරිදි විශිෂ්ටතම ක්‍රීඩක දක්ෂතා සඳහා සම්මාන ලබා දීම සිදු කළ අතර, එහි නිල ප්‍රතිඵල අද (20) දිනයේ දී ප්‍රකාශයට පත් කළා. 

මේ අනුව 2023 වසරේ කාන්තා එක්දින ක්‍රිකට් ඉනිම ලෙස නවසීලන්තයට එරෙහිව ජයග්‍රහණය සඳහා ලකුණු 196ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක චමරි විසින් රැස් කළ ලකුණු 140 තෝරා ගෙන තිබෙනවා. 

නවසීලන්තයට එරෙහිව ඉතිහාසයේ පළමු වරට එක්දින තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා දායකත්වය සැපයූ චමරිගේ මෙම ඉනිම සඳහා හයේ පහර 9ක් සහ හතරේ පහර 13ක් අන්තර්ගත වූ අතර, ඉනිමේ ප්‍රහාරාත්මක වේගය 175ක් වැනි ඉතා ඉහළ අගයක රැඳුණා. 

මේ අතර ESPN විසින් පිරිනමන ලද අනෙක් සම්මාන පිළිබඳ විස්තර මෙසේයි; 

පිරිමි 

  • වසරේ ටෙස්ට් ඉනිම: Travis Head ඉන්දියාවට එරෙහිව ලබා ගත් ලකුණු 163 (ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගයේ දී) 
  • වසරේ ටෙස්ට් පන්දු යැවීම: Nathan Lyon විසින් 8/64 ඉන්දියාවට එරෙහිව (ඉන්දියාවේ දී) 
  • වසරේ එක්දින ඉනිම: Glenn Maxwell විසින් ඇෆ්ගනිස්තානයට එරෙහිව ලබා ගත් ලකුණු 201 (2023 ලෝක කුසලානයේ දී) 
  • එක්දින පන්දු යැවීම: Mohommed Shami 7/57 නවසීලන්තයට එරෙහිව (2023 ලෝක කුසලානයේ දී) 
  • විස්සයි විස්ස ඉනිම: Suryakumar Yadav විසින් ලබා ගත් ලකුණු 112 ශ්‍රී ලංකාවට එරෙහිව 
  • විස්සයි විස්ස පන්දු යැවීම: Alzarri Joshep 5/40 දකුණු අප්‍රිකාවට එරෙහිව  
  • විස්සයි විස්ස ලීග් ඉනිම: Nicholas Pooran විසින් Seattle Orcas කණ්ඩායමට එරෙහිව ලබා ගත් 137 (MLC විස්සයි විස්ස තරගාවලි අවසන් තරගයේ දී) 
  • විස්සයි විස්ස ලීග් පන්දු යැවීම: Yuzvendra Chahal විසින් 4/29 Sunrisers Hyderabad කණ්ඩායමට එරෙහිව (2023 IPL තරගාවලියේ දී) 

කාන්තා 

  • එක්දින පන්දු යැවීම: බංග්ලාදේශයේ Marufa Akter 4/29 ඉන්දියාවට එරෙහිව 
  • විස්සයි විස්ස ඉනිම: බටහිර ඉන්දීය කොදෙව් හි Hayley Matthews විසින් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබා ගත් ලකුණු 132 
  • විස්සයි විස්ස පන්දු යැවීම: දකුණු අප්‍රිකාවේ Ayabogna Khaka 4/29 එංගලන්තයට එරෙහිව (2023 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ දී) 
  • විස්සයි විස්ස ලීග් ඉනිම: Grace Harris විසින් Pearth Scorchers කණ්ඩායමට එරෙහිව ලබා ගත් ලකුණු 136 (WBBL 2023/24) 
  • විස්සයි විස්ස ලීග් පන්දු යැවීම: Amanda – Jade Wellington 3/16 Brisbane කණ්ඩායමට එරෙහිව (WBBL 2023/24) 

ICC අර්ධ සාමාජික රටවල් අතුරින් 

  • වසරේ ඉනිම: නෙදර්ලන්තයේ Bas de Leede විසින් ස්කොට්ලන්තයට එරෙහිව ලබා ගත් ලකුණු 123 (2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී) 
  • වසරේ පන්දු යැවීම: Brandon McMullen 5/34 අයර්ලන්තයට එරෙහිව (2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී) 

වසරේ නවක ක්‍රීඩකයා: දකුණු අප්‍රිකාවේ Gerald Coetzee  

වසරේ නායකයා: Pat Cummins  

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<