සුපිරි බංග්ලාදේශ ක්‍රීඩකයෙකුට IPL සඳහා අවස්ථාවක්

229

ආබාධයකට ලක්ව සිටි බංග්ලාදේශ ටෙස්ට් හා පන්දුවාර විස්සයි විස්ස නායක ශකීබ් අල් හසන්ගේ සෞඛ්‍ය තත්වය නැවතත් යහපත් අතට හැරීම හේතුවෙන් ඔහුට එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අවසර ලබා දී තිබේ.

“මට කළ හැකි ලොකුම අපරාධය මිනී මැරීම නොවේ” – දෝනි

මුදලට ක්‍රිකට් තරග පාවාදීම අප කැමති වුවත් අකමැති වුවත් මේ වන විට ක්‍රිකට්…….

2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශකීබ් අල හසන්ගේ අතෙහි ආබාධ තත්වයක් ඇති විය. ඒ හේතුවෙන් ඔහුව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර නැවතත් බංග්ලාදේශයේ ඩකා නුවරට හරවා යැවුණේ වැඩිදුර ප්‍රතිකාර සඳහායි.

මෙම ආබාධ තත්වය හේතුවෙන් ශකීබ්ට බංග්ලාදේශය නියෝජනය කරමින් තරගාවලි කිහිපයක්ම ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි විය. 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට තවත් දින කිහිපයක් ඉතිරිව තිබිය දීයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අනිද්දා ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ශකීබ්ට අවසර ලබා දී තිබෙන්නේ ඔහුගේ ආබාධ තත්වය සුව වී තිබීම හේතුවෙනි.

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශකීබ්ව සූදානම් කිරීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඊයේ දිනය වන තෙක් ශකීබ්ට ක්‍රිකට් පිටියෙන් බැහැරව සිටීමට වෛද්‍ය උපදෙස් ලැබී තිබුණු බවත්, එම කාලසීමාව තුළ තමන්ගේ ආබාධ තත්වය තවත් උත්සන්න වීමක් පිළිබඳ ශකීබ් සිය වෛද්‍යවරුන් වෙත තොරතුරු දන්වා නොමැති බවත්ය.

IPLවල කණ්ඩායම් මාරු කරපු ප්‍රබල ක්‍රීඩකයෝ

2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට…..

ඒ අනුව ශකීබ් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී  සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව තිබේ.

2018 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරමින් තරග 17කට ක්‍රීඩා කර ඇති ශකීබ් එහී දී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 239කි.

පසුගිය තරගාවලියේ දී අර්ධ ශතක දෙකක් වාර්තා කිරීමට සමත් වූ ශකීබ් හතරේ පහර 26ක් සහ හයේ පහර 5ක් එම තරගාවලියේ දී එල්ල කිරීමට සමත් වී ඇත.

මේ දක්වා ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ තරගාවලි 7කට සහභාගී වී ඇති ශකීබ් එහි දී තරග 60කට සහභාගී වී රැස්කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 737කි.

තුන් ඉරියව්වෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ දක්ෂතා දැක්වූ ශකීබ් පසුගිය 2018 තරගාවලියේ දී තරග 17කට සහභාගී වෙමින් කඩුලු 14ක් දවාගෙන තිබේ. මේ දක්වා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ ශකීබ් දවාගෙන ඇති කඩුලු ගණන 57කි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<